බුමුතුරුණු

ප්‍රවේසම් වන්න…. යක්ෂයා දොර ලගය…….

Posted in Uncategorized by shan on July 21, 2009

shut up and do it poster
සාමාන්‍යයෙන් නොකියන කතා (Taboo Subjects) බ්ලොග් අඩවියේ ලිපි කිහිපයක් හදිසියේ ඉවත් කර ඇත. මේ සම්බන්ධයෙන් Taboo Subjects ලියන අප නොදුටු මිත්‍රයාට E- mail පණිවිඩයක් යැවූ විට ඔහු හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ තර්ජනයක් පවතින බවත් තමාගේ ආරක්ෂාව වෙනුවෙන් ලිපි කිහිපයක් ඉවත් කළ බවත් ය. වැඩි විස්තර ඉක්මනින්ම දැන ගන්නට සලස්වන බවත් ඔහු දන්වා ඇත.

අන්තර්ජාලයේ සිංහල බ්ලොග් කියවන්නේ සිංහල සමාජයෙන් අතලොස්සකි. ඒ අතලොස්ස අතර පවා විවේචනයට ලක්වීමට යමෙක් අකමැතිවීම එල්ල වී ඇති තර්ජනයට හේතුවක් විය හැකිය. විවේචනයට බිය වීම පිළිබදව මේ සමාජයේ පාලකයන්ව විවේචනය කිරීමත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීමත් තේරුමක් නැති දෙයකි. එසේම එය පාලකයන්ගේ ප්‍රශ්නයක් නොව පාලිතයන්ගේ ප්‍රශ්නයකි. මර්දනය කැදවා ගනිමින් මර්දනයේ ආහ්ලාදයට එකසිතින් කැමති වූ සමාජයක් සාමූහිකව දඩුවම් විදීම ස්වභාවිකය.එහෙත් ශිෂ්ඨාරයක සමාජ ප්‍රගමනය ලා ඉතිහාසය ලියවී ඇත්තේ නිවට නියාලු බියසුළු කමින් නොව මර්දනයට එරෙහිව නැගී සිටි අති උදාර සටන්කාමීත්වයෙනි.

Taboo Subjects ලියූ දෑ ගැන සම්පූර්ණයෙන් එකග විය නොහැකි බව සත්‍යයකි. විශේෂයෙන් සමහර පුද්ගලයන්ගේ අතිශය පෞදගලික දෑ ඔහු දේශපාලනයට ඈදුවේය.දරුවන් වැරදි කළ පලියට මව්පියන්ට බැන වැදුනේය. මේ කිසිවක් ශිෂ්ඨ සම්පන්න මාධ්‍ය ධර්මතාවන්ට එකග නොවේ. එසේම මේ කිසිවක් ඔහු මර්දනය කිරීමට ද හේතුවක් නොවේ.

පුද්ගලයකුට මරණ භය ඇති කිරීමෙන් ඔහු හැසිරවීමට යමෙක් තැත් කරයි නම් එමගින් ඇති කරන සමාජ ප්‍රතිඵලයන් අතිශය බියජනකය. එවැන්නක් වලංගු විය හැක්කේ අශිෂ්ඨ සමාජයකට ය. මානවයා ශිෂ්ඨාචාරය පුරා දිනා ගත් මානව ධර්මතාවන් එතැනින්ම අවලංගුවීම ස්වභාවිකය. එහෙත් මේ යක්ෂයාගේ හෝරාවේ ඒ ගැන කතා කිරීම අර්ථ විරහිතය. දැන් කතා කළ යුත්තේ යක්ෂයා පරදවන්නේ කෙසේ ද යන්න ගැනයි.

Taboo Subjects ගේ අදහස් පළ කිරීමේ අයිතිය රුක ගැනීම වෙනුවෙන් කතා කරන මේ මොහොතේ අවධාරණයෙන් පැවසිය යුත්තේ යක්ෂයා පැරදවීම සුළු පටු නොවන බවයි. එහෙත් යක්ෂයා පැරදවීමෙන් තොරව සමාජයට පැවැත්මක් ද නොමැත.

11 Responses

Subscribe to comments with RSS.

  1. Koombiya said, on July 21, 2009 at 12:07

    පසුබිම අපැහැදිලියි. නමුත්, එක දෙයක්- මේව අස්සෙ ඉන්න මූලධර්මවාදී හාල්පාරුවො මේ තර්ජන පිටිපස්සෙ ඉන්නවා.
    තව දෙයක් රාවය ‘බ්ලොග් අඩවිය’ හරහා මෙතෙක් නිරාවරණය නොවුනු කණ්ඩායමකට දැන් බ්ලොග් සටහන් යනවා. එතන, ප්ලස් ඇන්ඩ් මයිනස් දෙකම තියනවා.

    කණගාටුදායකයි!

  2. කසුන් said, on July 21, 2009 at 13:19

    කණගාටුදායකයි.!

  3. මල් මාමා said, on July 21, 2009 at 15:14

    බ්ලොග් සංසදය තුල පමණක් නොවේ මුහුණු පොත තුලද මහ රජතුමානන්ව විවේච්නය කරන්නන්ට මරණ තර්ජන එල්ල වී ඇත. එමෙන්ම අන්තර්ජාලයෙ රජය අපහසුතාවයට පත්කරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව කියන්නෙත් ආරක්ශක ප්‍රකාශක බැවින් මෙය සත්‍ය වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලය

  4. මිගාර said, on July 21, 2009 at 15:22

    දේශපාලකයන් කරන වැරදි වැසිමට බොහෝ දෙනා සිටිති. අශිෂ්ට මාධ්‍ය කරුවන් ආරක්ෂාවටත් නම් ඔනෑ තරම් අය සැදී පැහදී සිටිති. නමුත් මේ අශිෂ්ට මාධ්‍ය භාවිතාවෙන් හිරිහැරයට පත්වන්නන්ට යාමට තැනක් නොමැත. මට නම් මාධ්‍ය කරුවන්ද දේශපාලකයන් තරම්ම තිත්තය.

  5. දිසා said, on July 21, 2009 at 16:34

    අඅඅ මේකද සිද්දිය හොද හොද සෙල්ලම් තව පටන් ගත්තේ නැ

  6. දිසා said, on July 21, 2009 at 16:45

    ඔවැනි දෙවල් වලට බයවි තමා ඉදිරයට තබන අඩිය පසුපසට තබන්නේනම් කනගාටුදායක අරංචියක් බව නම් පැහැදිලිය.

  7. සූස්ති ගුනේ said, on July 21, 2009 at 17:59

    නින්දිතයි! අජුවයි!ලැජ්ජයි.!!!!

  8. ramachandra said, on July 21, 2009 at 19:57

    කතාව ඇත්ත නම් කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්.මෙ වගේ තර්ජන ගර්ජන අන්තර්ජාලයට පිවිසෙන එක එතරම් සුබ ලකුනක් නෙමෙයි

  9. panhida said, on July 21, 2009 at 22:55

    තර්ජන, ගර්ජන හැමදාම තියෙන දේවල්…. ඒවා නැත්නම් ඉස්සරහට යන්නත් බෑ….ජිවිතේ ඉදිරියට යන්න තර්ජන, අභියෝග තියෙන්න ඕන…

  10. nirnaamikaya said, on July 21, 2009 at 23:09

    menna me wage karunu thiyana welawata nam apita arakshawa gana hithala anonymous comments, anonymous posts danna wenawa

  11. Koombiya said, on July 22, 2009 at 09:44

    “මට නම් මාධ්‍ය කරුවන්ද දේශපාලකයන් තරම්ම තිත්තය.”

    PUHUL HORA!


Leave a Reply