රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම
ඒ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට තිබූ නොතිත් ආශාව මත යුද්ධය ආරම්භ කර තිබූ මුල් අවධියයි. යුද්ධය සදහා ජන වරමක් නොතිබුණ ද ලාංකීය සමාජය රාජපක්ෂයන් හා එක පෙළට සිටගෙන සිටියහ. එහෙත් අතරින් පතර හෝ රුධිර වැගිරීමකට එරෙහිව කැට කැබිලිත්තක් විසි නොවුණාම නොවේ. කොළඹ කුල්ටූර් සමාජයේ සිවිල් නායකයන් කිහිපදෙනෙකු යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදුවට එරෙහිව නුගේගොඩ දී රුළියක් සංවිධානය කළේ එබැවිනි. කාලවකවානු අනුව නම් ඒ 2006 දී පමණ වන අතර එම රුස්වීමේ තේමාව අනුව නම් යුද්ධයට එරෙහි වූවකි.
එහෙත් රට එක් සේසත් කරන්නට යන මොහොතක මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද? දුටුගැමුණු පරම්පාවේ ද සිල්වා තම සේනාව සමග පැමිණ මුළු නුගේගොඩම තම අණසකට ගත්තේ රුළිය ආරම්භවීමටත් කලින්ම ය. රුස්වීම් සංවිධායකයෝ හිස් ලූ ලූ අත දිව ගොස් ජීවිතය බේරා ගත්හ. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර ද වූ අතර කිසිම දේශපාලන විරෝධයකින් තොරව මර්වින් සිල්වාගේ මැර ප්‍රහාරය භාර ගනිමින් පසු බා යෑමට ඔහුට සිදුවුණි.

එක්සත් ජාතීන්ගේ (හිස් පුටු) සමුළුව අමතන ශ්‍රී ලංකා ජනාධිපති
අන්තිමේ දී රාජපක්ෂ රෙජීමය මුළු රටම එක් සේසත් කළේය. ලෙයින් හා යකඩයෙන් එහි මිල නියම වී තිබුණ ද ලාංකික කොදෙව්වාසීන්ට ශිෂ්ඨත්වයේ යහ ගුණ වැදගත් නොවේ. මුළු රටම කිරි බත් කමින් ප්‍රීතිවෙමින් සිටින විට දයාසිරි ජයසේකරට පමණක් නිහඩව සිටීමට නොහැකි වුණි. 2006 දී යුද්ධයට එරෙහි වුණ ඔහු 2009 දී යුද්ධය දිනා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට සුභාශිංසනය කිරීමට පෙරට ආවේය. එහෙත් සිදුවූයේ අභග්ගයකි. රට එක්සේසත් කිරීමේ දී ඊට විරුද්ධ වූ දහසකුත් එකක් කට වාචාලකම් කියූ දයාසිරි ජයසේකර යුධ ජය ලැබූ පසුව ජනාධිපතිවරයාට සුභාශිංසන පුද කිරීමට පෙරට ඒම ඒ ජනාධිපතිවරයාගේ ප්‍රාදේශීය අනුගාමිකයන්ගේ පිළිකුලට හා විරෝධයට ලක්වීම අහම්භයක් නොවේ. සුභාශිංසන පිදීමට බැනරයක් එල්ලීමට ආ දයාසිරි ජයසේකරට ඔවුහු වට කර පහර දී කෝපය නිවා ගත්හ. දයාසිරිට රෝහල් ගතවීමට සිදුවූ අතර රූපවාහිනී කැමරා හමුවේ තම දුක කීවේ කදුළු සලමිනි.
දයාසිරි ජයසේකරගේ විළි ලැජ්ජා නැති හෘදය සාක්ෂිය එතැනින් නොනැවතුණි. ස්වර්ණවාහිනී නාලිකාව මෙහේය වූ සංගීත වැඩසටහනකට සහභාගී වෙමින් ලාංකික සමාජයේ ඒකාධිපතිවාදයේ අශිෂ්ඨත්වයේ හා ගැතිකමේ ප්‍රතිමූර්තියක් වන මර්වින් සිල්වා ගේ විනිශ්චයක් බලාපොරුත්තුවෙන් එහි රුදී සිටියේ ය. එසේම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දිග පළල ගැන 2006 දී දයාසිරිට ඉගැන්වූ මර්වින්ගෙන්ම කලාව පිළිබදව පාඩම් අසා ගැනීමට දයාසිරිට තිබුණේ නොතිත් ආශාවකි. මෙම වැඩසටහනින් ඉවත් වන ලෙස කොළඹ කේන්ද්‍රීය සිවිල් නායකයන් ඉල්ලා සිටි විට දේශපාලනය හා කලාව යනු දෙකක් බවත් ඒ දෙක එකට පටලවා ගැනීමට තමන්ට අවශ්‍ය නැති බවත් දයාසිරි ජයසේකර මාධ්‍යයන්ට කීවේය. ඒ අර්ථයෙන් මර්වින් සිල්වා දේශපාලනික ප්‍රපංචයක් බවත් දයාසිරි ජයසේකර අදේශපාලනික ප්‍රපංචයක් බවත් පැහැදිලි වේ.
පුද්ගලික චරිතයන්ගේ හැසිරීම හුදකලා ක්‍රියාකාරීත්වයක් වන තෙක් සමාජ ප්‍රගමනයේ දී කරන්නා වූ කාර්ය භාරයක් නොමැත. ඒ අර්ථයෙන් දයාසිරි ජයසේකරගේ හෝ අනෙකුගේ හැසිරීම විවේචනය කිරීම ද සමාජ සංවර්ධනයේ දී කිසිම ධනාත්මක දායකත්වයක් දරන්නේ නැත. එහෙත් සමාජ සංවර්ධනයේ ලා ඉතා වැදගත් ගැටළු පැන නගින සෑම විටම මෙවැනි අදේශපාලනික චරිත ඉදිරිට පැන කටමැත දෙඩවීමත් ඒ සදහා සමාජයේ ලොකු පිළි ගැනීමක් ලැබීමත් සැලකිය යුක්තකි. ඒ අනුව යම් දේශපාලන පෙළ ගැස්මක දී ජනමතය අවුල් හා සංකීර්ණ කර එය පෙරළා පසුගාමීත්වයටම සේවය කරයි නම් අදාළ පුද්ගලික චරිතයන්ගේ හැසිරීම හෙළිදරව් කිරීමේ යම් වටිනාකමක් පවතී.
දයාසිරි ජයසේකරගේ කතා බහක් යළි ඉස්මත්තට පැමිණ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි මහලේකම් වරයාට උපදෙස් ගැනීමට පත් කළ කමිටුවේ හෙළි නොවු වාර්තාව ශ්‍රී ලංකා රජයට භාරදීමත් සමගයි. විපක්ෂ නායක නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පවසන්නේ සිරගත කර ඇති ජනරාල් සරත් ෆොන්සේකාට නිදහස ලබාදෙන්නේ නම් අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව හා එක්ව මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවකි. දයාසිරිගේ මේ ප්‍රකාශය අර්ථයන් දෙකකින් වැරදිය. ඇත්තටම මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව හා එකට සිටිමින් සතුරාට මුහුණ දීමට අවශ්‍ය නම් ඒ සදහා හෙට්ටු කිරීම බරපතල වරදකි. එහෙත් මෙහිදී ප්‍රශ්න කිරීමට අදහස් කරන්නේ එවැනි දේශපාලන සදාචාරමය කාරණයක් නොවේ. එය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයකි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ දහසකුත් එකක් ප්‍රජාතන්ත්‍ර විරෝධි මානව විරෝධි හැසිරීම අමතක කරමින් රාජපක්ෂ රෙජීමය අන්තර් ජාතිකව අසරණ වී ඇති එම කාරණයේ දී ඊට දිරි දී මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් තවත් අර්ථයකින් ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඇති තදියම අවශ්‍යයෙන්ම පරීක්ෂා කර බැලිය යුක්තකි.
රාජපක්ෂ රෙජීමයට දෙමළ ජාතික අරගලය කුඩු පට්ටම් කර දැමීමට තිබූ උනන්දුව ගෝලීය ප්‍රාග්ධනයට ඒ සදහා තිබූ උනන්දුව ඉක්මවා යන්නකි. එහිදී ධනපති ශිෂ්ඨ ආචාර ධර්මයන් තුට්ටුවකට හෝ මායිම් කළේ නැත. දෙමළ අරගලය ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් චලනයට එල්ල වූ බාධාවක් බැවින් එය අවසන් කර දැමීමේ වුවමනාව තිබුණේ ගෝලීය ධනපති පන්තියටයි. ඒ සදහා සාමය මගින් රනිල් වික්‍රමසිංහ ද යුද්ධය මගින් මහින්ද රාජපක්ෂ ද කෙවිට ලෙස යොදා ගැනීමට තරම් ඔවුහු තීක්ෂණ වූහ. මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහ ද ඒ ඒ අවස්ථාවන්හි දී සීමාව ඉක්මවා යෑමට කටයුතු කළහ. එල්ටීටීඊ සංවිධානයට රනිල් වික්‍රමසිංහ 2002 දී එලෙස ලබාදුන් අනවශ්‍ය ගෞරවයක් නිසා ආධාර කණ්ඩායමේ රුස්වීමට සහභාගීවීමට තම රටට යෑම සදහා එල්ටීටීඊය ට වීසා නොදීමට එක්සත් ජනපදය කටයුතු කළේය. අවසානයේ එය සාම සාකච්ඡා අසාර්ථකවීමට ද බලපෑවේ ය. බටහිර බලවතුන් ඇද දුන් රාමුවෙන් පිට පනිමින් එල්ටීටීඊය විනාශ කිරීම සදහා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගිය නිසා දැන් එය විමසීමට එක්සත් ජාතීන් පෙළඹී තිබේ. ඒ පිටුපස ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා නැත්තේම නොවේ.කෙසේ වුවත් දැන් රාජපක්ෂ රෙජීමය අන්තර ජාතික ගැටයකට හසුවී තිබේ. රෙජීමයේ පරපුට්ටන්ගේ උද්ද්ච්ඡ කතා නිසා දයාන් ජයතිලක, රජීව විජේසිංහ හා වෙනත් රාජතාත්‍රිකයන්ට ද තත්ත්වය සමහන් කිරීමට අපහසු වී තිබේ.
රාජපක්ෂ රෙජීමය ජාතිකව ලබා ඇත්තේ විශිෂ්ඨ ජන ප්‍රසාදයකි. එහෙත් අන්තර් ජාතිකව ලබා ඇත්තේ කණගාටුදායක ඉරණමකි. ඊට හේතු වූයේ රාජපක්ෂ රෙජීමයට බටහිර බලවතුන්ගේ නැත්නම් ගෝලීය ප්‍රාග්ධනයේ ඇති අප්‍රසාදයක් නොවේ. ආන්තිකවාදී කොටස් පවසන පරිදි බටහිර රටවල මතවාදයට එරෙහිවීමේ ප්‍රතිඵලයක් ද නොවේ. එහෙත් මේ යුගය තුළ දී රෙජීමයක පැවැත්ම පවතින්නේ දේශීය ජනමතය මත නොව අන්තර් ජාතික අවශ්‍යතා අනුවය. ඒ නිසා රෙජීමය ආරක්ෂා කිරීමට මේ මොහොතේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ඒම හාස්‍යජනකය.
රාජපක්ෂ රෙජීමය නියෝජනය කරන්නේ අතර මැදි පන්තියේ දේශපාලන මතවාදයයි. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආස්ථානයේ පිළිබුඹුවකි. රාජ්‍යය හැසිරෙන්නේ මෙම මතවාදයේ පැවැත්ම වෙනුවෙනි. මෙය ධනේශ්වර අර්ථයෙන් යහපත් ස්ථාන ගතවීමක් නොවේ. එහෙත් මෙම විකෘතිය නිවැරදි කිරීමට තරම් එක්සත් ජාතික පක්ෂය අද සිටින්නේ ශක්තිමත් ස්ථානයක නොවේ. අන්තර් ජාතික බලපෑම් වලින් මිදීමට නම් රාජ්‍යයට නිවැරදි ධනේශ්වර අර්ථයකින් ස්ථාන ගත කිරීමක් අවශ්‍ය බව එම පක්ෂයට තේරෙන්නේ නැත. මේ නිසා රාජපක්ෂ රෙජීමය මෙන්ම අතර මැදි පන්තියේ ප්‍රසාදය ලබා ගැනීමට දේශපාලනිකව කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ද වත්මන් කාර්ය භාරය වී තිබේ.


April 20, 2011 at 23:09
very good artical. love to read it again and again.
April 21, 2011 at 09:21
Kusal Perera, a veteran journalist has mailed this comment,
Gud write up…..gud collection of photos too…..one small error and ego statement though….the Nugegoda rally for “Democracy and Unity against War” was on 2008 January and it was not organised by a “kultur” Colombo civil society group….
April 21, 2011 at 22:24
u.n.p plibadawa goda nagiya utu tarkaya wanna ma mohta oun tama parana yal pana giya matayan gan ewath viya utu bawai.. aya upakkrama seli veya utue…
May 4, 2011 at 12:13
Good post!
//රාජපක්ෂ රෙජීමය නියෝජනය කරන්නේ අතර මැදි පන්තියේ දේශපාලන මතවාදයයි.
What do you mean by “අතර මැදි පන්තිය”?