ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ස්ටෝල්මේට් වීම හා මාක්ස්වාදීන්ගේ යා යුතු මග

379394_317200855052920_1830725184_n

මීට වසර තුනකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය තවත් බ්ලොග්කරුවකු වූ මා නොදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් විසින් විග්‍රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි ළමයා මහත් උත්සාහයක් දරා තම ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන්ගේ සමරු අත්සනක් ගත් අවස්ථාවටය. ඒ කුඩා ළමයා වැසිකිළියට ගොස් සිටී අවස්ථාවක ඔහුගේ ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන් හෙළිකොප්ටරයකින් එම ප්‍රදේශයට පැමිණේ. එහෙත් අමිතාබ් බච්චන් දැක බලා ගැනීමට යෑමට කොළුවාට නොහැකි වන්නේ ඔහුගේ මුරණ්ඩු සහෝදරයා නිසා ඔහු වැසිකිළි අඩස්සියට පත්ව සිටී බැවිනි. එහෙත් අමිතාබ් හමුවීමේ ඉවසුම් නොදෙන ආශාවකින් යුතුව වැසිකිළියෙන් පිටවීමට බලන කොළුවාට ඇස ගැටෙන්නේ එකම එක මාර්ගයක් පමණි. කොළුවා තම බඩතුරෙන් එළියට ගත් අමිතාබ්ගේ පින්තූරයක් එක් අතකින් ඉහළට ඔසොවාගෙන අනෙක් අතින් නහය වසාගෙන වැසිකිළි වල තුළට පනී. පොදු විවෘත වල වැසිකිළියක් වන එහි අනෙක් පසින් කොළුවා එළියට එන්නේ මුළු ශරීරය පුරා මිනිස් අශූචී තවරා ගනිමිනි. තම අරමුණ කරා ඉදිරියටම යන කොළුවා සහෝදර කොළු රූන පසෙකට කරමින් අමිතාබ් බච්චන් හමුවට ගොස් බඩතුරෙන් ගත් පින්තූරය මත සමරු අත්සනක් ලබාගැනීමට සමත් වේ. කරවටක් වැසිකිළි වලකට පැන මුළු ශරීරය පුරාම මිනිස් අසූචී තවරා ගනිමින් වුවද තම ඉලක්කය කරා ගිය කොළුවා ජයග්‍රහණය ලබා ගනී. මේ කොළුවා ලැබූ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ විජයග්‍රහණය සමාන කිරීමෙන් ටැබූ මතු කරන උපහාසය කෙතරම් නම් රසවත් ද?

අග විනිසුරු ධූරයෙන් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් අනුගනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ජයග්‍රහණය කර ඈ ධූරයෙන් ඉවත් කිරීමට හැකිවීම ද සමාන කළ හැක්කේ ස්ලම්ඩෝග් මිලියනයර් ච්ත්‍රපටයේ අමිතාබ් බච්චන් කෙසේ හෝ දැක බලාගෙන ඔහුගෙන් සමරු සටහනක් ලබා ගැනීමට කුඩා පිරිමි ළමයා දැක්වූ හැකියාවට ය. කරවටක් මිනිස් අසූච් ඇග තවරා ගනිමින් හෝ තමන්ගේ ඉලක්කයට යෑම ගැන ඒ කුඩා දරුවා සතුටු වූ අයුරින්ම රටේ මූලික නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හෝ ශිරාණි බණ්ඩාරනායකව තනතුරින් ඉවත් කිරීමට හැකිවීම මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් කිරි බත් කා සැමරීම ජුගුප්සාජනක ය. එය ශ්‍රී ලංකා රාජ්‍යයේ අශිෂ්ඨ කම නැවතත් ලෝකයාට පෙන්වීමකි. එසේම 1989 දී ත් 2009 දී ත් මිනිස් රුධිරය ද මාංශ ද හලා මිලියන ගණන් සම්පත් විනාශ කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රුක ගත් පන්ති මෙහෙවරේ සුජාතභාවය ද තමන් විසින්ම ප්‍රශ්න කර ගත් අවස්ථාවකි.

25786245

කේන්ද්‍රයේ ධනපති රටවල පවතින භාවිත ප්‍රජාතන්ත්‍රවාදය පරිධියේ රටවල දකින්නට නොලැබීම ධනේශ්වර ක්‍රමයේ ආවේනික ලක්ෂණයක් යැයි බොහෝදෙනෙක් පවසති. ඒ නිසාම පරිධියේ රටවල ඇත්තේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ධනේශ්වර ක්‍රමයේම ප්‍රජාතන්ත්‍රවාදී උප සංස්කෘතියක් යැයි ඔවුහුම පවසති. ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටක නිෂ්පාදන ක්‍රමයේ හා ධනපති පන්ති ස්ථරයේ ආවේනික ගැටළු මත දියුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති නොවීම ගැන පවතින න්‍යායාත්මක විශ්ලේෂණයන්ට එරෙහි නොවූවත් මෙම ඌන ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයන්ට සමාජ සංස්කෘතික චලනයන්ගේ ප්‍රතිඵලයන් ද බලපාන බව කිව යුතුය. ඒ අර්ථයෙන් ජේ. ආර්. ජයවර්ධන තමන්ට ලැබී තිබූ අති විශාල පාර්ලිමේන්තු බලය යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරීමත් මහින්ද රාජපක්ෂ ඊටත් වඩා අඩු පාර්ලිමේන්තු බලයක් තුළ අත්තනෝමතිකව කටයුතු කිරීමත් සසදා බැලීම වටී. ඒ නිසා මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික ක්‍රියාවන් වඩාත් ඌනනය කළ හැක්කේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ආවේනික ලක්ෂණයන්ට නොව රෙජීමයේ සංස්කෘතික මූලයන්ට ය.

අපේ රටේ ස්වෝත්තමවාදීන්ගේ පරමාදර්ශය වී ඇති චීනය හා රුසියාව පවා විදේශ ප්‍රතිපත්තිය ලෙස යොදා ගෙන ඇත්තේ උපයෝගීතාවයි. සුඩාන ගැටළුවේ දී තම ස්ථාවරයන් චීනය හා රුසියාව විසින් බටහිර රටවලට අවශ්‍ය පරිදි වෙනස් කළේ එබැවිනි. එසේම බටහිර රටවල මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා ප්‍රශ්න කරන චීනය, මියන්මාරයේ දී අනුගමනය කරන්නේ ද එවැනිම ප්‍රතිපත්තියකි. ඒ අනුව ධනේශ්වර දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් හා ප්‍රතිපත්තීන් ගැන අමුතු ගැටළුවක් පැන නගින්නේ නැත. ඒ අනුව පරිධියේ රටවල භාවිත ප්‍රජාතන්ත්‍රවාදයේ ජුගුප්සාජනක අපුල උපදවන හැසිරීම් කේන්ද්‍රයේ රටවලට සංවේදී වන්නේ පරමාදර්ශී අර්ථයෙන් නොවේ. ඒ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන්නේ හුදු උපයෝගිතා අර්ථයෙනි.

185059_395017623886896_322361051_n

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය කිරීම මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අග විනිසුරු ධූරයේ වෙනසක් සිදුකිරීම ද බටහිර ශිෂ්ඨත්වයේ රාමුව තුළ සිදු නොකිරීම නිසා රාජපක්ෂ රෙජීමයට පරිධියේ රටවලින් බරපතල විවේචනයක් ඇති බව සත්‍යයකි. ඒ විවේචනය තුළ කනෙන් ඇල්ලීම් කෝටුවෙන් යන්තමට පහරදීම් වැනි තරවටු කිරීම් ද නැතිවා නොවේ. එහෙත් ජිනීවා රුස්වීම් වසරක් පාසා පැවත්වුවද රෙජීමයට දැනෙන දඩුවමක් ලැබුණේ නැත. ඔවුන් තවමත් තැත් කරන්නේ රෙජීමය ආණ්ඩු මට්ටු කිරීමට මිස පරමාදර්ශී ධනපති රාජ්‍යයක් බවට පත් කිරීමට නොවේ. මේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පරිධියේ රාජ්‍යයන්ට එවැන්නක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් එසේ එල්ල වන්නා වූ තරවටු කිරීම් කළමනාකරණය කර ගනිමින් රාජ්‍යය ස්ව කැමැත්තෙන්ම සුජාත කර ගැනීමට ලාංකික පාලක පන්තියට අවශ්‍යතාවක් ඇති නොවන්නේ පන්ති අදූරදර්ශීභාවය හා සංස්කෘතිකමය පාදඩභාවය නිසාය. චීන මහ බලවතාගේ උදව් පදව් මත ඒකාධිපති ලෙස හැසිරුණ මියන්මාර හමුදා ජුන්ටාව පවා කල් යල් බලා “ප්‍රජාතන්ත්‍රවාදී යහ මගට ” ආවත් රාජපක්ෂ රෙජීමයට ඒ බුද්ධිය පහළ නොවන්නේ උද්දච්ඡකම නිසාය. ඒ නිසා ඒ අර්ථයෙන් උද්දච්ඡ පාලක පන්තියක අවශ්‍යතාවන්ට ඉඩ දී ක්‍රමය විනාශ කර ගැනීමට පරිධියේ රටවල් ඉඩ දේ යැයි සිතිය නොහැක. ඒ සම්බන්ධයෙන් වූ යම් තීරණයක් ගන්නේ නම් මාර්තු මාසයේ පැවත්වෙන ජිනීවා සමුළුවේ දී ඒ පිළිබද ඉගියක් බලා නිකුත් විය හැකිය.

දෝෂාභියෝගය මගින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමට රාජපක්ෂ රෙජීමය සමත් වූයේ ලාංකික දේශපාලනයේ ප්‍රපංචයන් කිහිපයක්ම එහි අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කරමිනි. ඒ අතුරින් විශාලම ප්‍රශ්න කිරීම වූයේ මේ යුගය තුළ පරිධියේ රටවල දේශපාලනය මහජන උත්ඝෝෂණ වලින් හෝ මහ පාරේ දී හෝ තීරණය වන්නේ යැයි බලාපොත්තු වූ සම්ප්‍රදායි ලාංකික මතවාදය තුළය. ඒ ප්‍රශ්න කිරීම ධනේශ්වර විරෝධි කදවුර තුළ සතුටට හේතුවිය යුතු වුවත් ධනේශ්වර ප්‍රතිසංස්කරණයන් සමාජවාදය ලෙස කල්පනා කරන්නා වූ ලාංකික වමට එය තවමත් සංවේදී වී නොමැත. 1978 සිට බැලුවහොත් සාපේක්ෂව ආණ්ඩු විරෝධි දේශපාලන න්‍යය පත්‍රයන්ට උරුම වූයේ පරාජයමය. ඊට යම් ජයග්‍රහණයක් ලැබුනා නම් ලැබුණේ “ධනේශ්වර පාලනයේ කුට්ටම ඇනීම” ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය කාරණාවක් බව ඔවුහු දන්නා බැවිනි. ප්‍රාග්ධන ගෝලීයකරණය 1978 දී නව ආරකින් ආරම්භ වූවාට පසුව ” ආණ්ඩු විරෝධි දේශපාලනය” ද නව කියවීමකට යා යුතු වුවත් එය එසේ සිදුවූයේ නැත. ඒ නිසා ප්‍රාග්ධන ගෝලීයකරණයේ නව ආර ශ්‍රී ලංකාවට හදුන්වා දී විසි පස්වන අවුරුද්ද ගෙවෙන මේ මොහොතේදී ත් පාරට බැසීම හැර වෙනත් විසදුමක් පීඩිතයන්ට නොවීම අවාසනාවකි.

ජනතා විමුක්ති පෙරමුණ 1971 දී හා 1988 දී කැරළි ගසන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රමුඛ දෙමළ සටන්කාමීන් යුද වදින විටත් රාජ්‍යයේ එකම චෝදනාව වූයේ නීත්‍යානුකූලව බලයට පත් වූ ආණ්ඩුවකට එරෙහිව අවි අතට ගැනීමට කිසිම අයිතියක් නොමැති බවය. මහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ඇති උත්තරීතර අයිතිය රාජ්‍යයක් විසින් නොපිළිගැනීම තේරුම් ගත හැකිය. එහෙත් මේ තර්කයම යොදා ගනිමින් රාජපාක්ෂික කේවට්ටයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කළේ නීත්‍යානුකූලව තේරී පත් වූ ආණ්ඩුවකට එරෙහිව අවි අතට ගැනීම න්‍යායාත්මකව නිවැරදි නොවන බවය. එය මර්දනය කැදවා ගැනීමක් බවද ආණ්ඩු, මර්දනය සදහා යොමු කරවන්නේ මෙවැනි කැරළි වලින් බවද මේ කේවට්ටයන්ගේ ප්‍රධානම තර්කයක් වුණි. එසේම ඒ සටන්කාමී සංවිධාන යකඩෙන් හා ලෙයින් මර්දනය කිරීමට තවත් අපූරු තර්කයක් ද යොදා ගත්තේය. එනම් සටන්කාමීන් රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොපිළිගන්නා බවයි.

රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීම සම්බන්ධයෙන් ලබාදුන් අර්ථ නිරූපනය ඉවත දමමින් රාජපක්ෂ රෙජීමය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ඒ සමගම නීති විරෝධි ලෙස නව අගවිනිසුරුවරයෙක් පත් කිරීමත් සමගම මේ කේවට්ටයන්ගේ තර්ක අවලංගු වූවා පමණක් නොව ධනපති රාජ්‍යයේ නීති විරෝධි කටයුතු ඉදිරියේ කළ යුත්ත කුමක්දැයි නොදැන “දේශපාලනිකව ස්ටෝල්මේට්” වීමක් සිදුවුණි. රාජ්‍ය වැරදි කරද්දීත් ඊට එරෙහිව සටන් කිරීමට අයිතියක් නැත්නම් රාජ්‍ය වැරදි කරන විට කළ යුත්තේ කුමක්දැයි මහ ජනතාවට පැහැදිලි කිරීම මේ කේවට්ටයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ. එහෙත් ධනපති මූලික නීතිය ධනපති රාජ්‍යය විසින්ම අමු අමුවේ උල්ලංඝනය කරන විට කළ යුතු එකම දේ වන්නේ තවදුරටත් නිහඩව සිටීම බව “කේවට්ටයන්ගේ නිහඩතාව” විසින් ශබ්ද නගා පවසයි. ඒ අනුව ධනපති රාජ්‍යයේ ස්වභාවය අත්තනෝමතිකභාවය උරුම කරගත් මර්දනයේ හස්තයක් බව නැවතත් ඔප්පු කර අවසන්ය.

15491_313190818787257_1873311920_n

ධනපතියන්ගේ නීතිය, සදාචාරය හා විනය ඇතුලත් භාවිත ප්‍රජාතන්ත්‍රවාදය ධනපතියන්ම අවලංගු කරද්දී මාක්ස්වාදීන් කළ යුත්තේ නීතිය, සදාචාරය, විනය ඇතුලත් භාවිත ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ පාරට බැසීම නොවේ. ධනපතියන් විසින්ම අවලංගු කළ භාවිතාව අතාර්කික කරමින් දේශපාලනිකව ක්‍රමය ප්‍රශ්න කිරීමකට ලක් කිරීම මාක්ස්වාදීන්ගේ අද දවසේ කාර්යභාරයයි. ඒ අර්ථයෙන් ක්‍රමය අතාර්කික කරන මහගු අවස්ථාවක් දෝෂාභියෝග ක්‍රමවේදය තුළ ඉදිරියට ආවේය. ව්‍යවස්ථාදයකය ප්‍රශ්න කරමින් අධිකරණය විසින් නොතීසි නිකුත් කළ විට ධනපති ව්‍යවස්ථාදායකය ධනපති අධිකරණය විසින්ම අභියෝගයට ලක් කිරීම ශක්තිමත් කිරීම මාක්ස්වාදීන්ගේ වගකීම වුණි. දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා අධිකරණයේ දැනුම් දීම මත එහි පෙනී සිටීමින් උත්තරීතර වන්නේ කුමන ධනපති ආයතනය ද යන ප්‍රශ්නය තුළ ක්‍රමය අර්බුදයට යැවීමට යම් දායකත්වයක් දැරූවත් එය ප්‍රබල ලෙස සමාජ ගත කිරීමට අපොහොසත් වීම කනගාටුදායක ය. ඇත්ත වශයෙන්ම එම අවස්ථාවේ දී ධනපති ක්‍රමය අර්බූදයකට යැවීම සදහා මෙරටේ පීඩිත පන්තිය මෙහේයවීමට සියළු මාක්ස්වාදීන්ට ශක්තියක් ලැබුනා නම් එය මාක්ස්වාදීන්ගේ යෝධ පිම්මක් වීමට ඉඩ තිබුණි.

Advertisements

බස්තියන් පයින් යෑම.

දින කිහිපයක් තිස්සේ දිවයිනේ මාර්ග කිහිපයක පවතින මගී ප්‍රවාහන සේවා පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තවමත් අවසන් නැහැ. අද වනවිට තවත් මාර්ග සියයක බස් රථ එම වැඩ වර්ජනයට එක් වන බව බස් හිමියන්ගේ සංගමය නිකුත් කළ ප්‍රකාශයක සදහන්. මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ මාර්ග කිහිපයක මගී ප්‍රවාහනය සදහා බලපත් නිකුත් කිරීමේ දී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවකට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන්. කොහොම වුවත් මේ නිසා ජන ජීවිතය කඩා වැටෙන අතර ඒ නිසා ජාතික ආර්ථිකයට වන හානිය අති මහත්.

රටේ සෑම අංශයකම ඇති වන වැඩ වර්ජනයක දී වර්ජිතයන්ට බැන වදිමින් රට අවුල් කරන්නේ ඔවුන් යැයි පැවසීම රාජ්‍ය මාධ්‍යයන්ගේ ප්‍රතිපත්තියක් වන තරමට සමාජයේ එවැනි හැසිරීම් ඉස්මත්තට ඇවිත් තිබීම පුදුමයට කරුණක් නෙවෙයි. වෙළෙද පළ තුළ අසීමිත තරගයක නිරතව සිටීන සමාජය මෙවැනි වැඩ වර්ජන දකින්නේ තමන්ගේ සිහිනයන් බොද කර දමන කුමන්ත්‍රණයක් ලෙසින්. ඒ ජනවිඥාණය ඔප මට්ටම් කර පාලක රෙජීමයේ පැවත්ම සදහා ශක්තිමත් මතයක් ලෙස සමාජ ගත කිරීම රාජ්‍ය මාධ්‍යයේ අවශ්‍යතාවක්. එහෙත් එය තාවකාලික වන්නේ සමාජය ප්‍රශ්න වලින් ඔද්දල් වීමත් සමග රෙජීමයට අභියෝග එල්ල වීම වළක්වන්න අපහසු නිසයි. සමහර විට එය රාජ්‍යයේ අසාර්ථක භාවයටත් එක් හේතුවක් වන්නට පුළුවන්.

ලංකාවේ වෘත්තීය සමිති කටයුතු කරන්නේ කම්කරු විඥාණයකින් නොව පටු පක්ෂ දේශපාලන අරමුණකින් යන්න පැහැදිලි කරුණක්. තමන් පක්ෂපාත ආණ්ඩුව රාජ්‍ය බලය දරන විට නිහඩව සිටීන එම සමිති විරුද්ධ පක්ෂයක් රාජ්‍ය බලය දරන විට මස් රාත්තලම ඉල්ලන්නේ එබැවින්. එහෙත් බස් හිමියන්ගේ සංගමය ආණ්ඩුව සමග හැප්පෙන්නේ පටු පක්ෂ දේශපාලනය මත යැයි කොහොමටවත් කියන්නට බැහැ. රාජ්‍ය බලය කුමන දේශපාලන පක්ෂයක් විසින් දැරුවත් බස් හිමියන් ප්‍රශ්න විසදා ගත්තේ වැඩ වර්ජන අවිය යොදා ගනිමින්.

ලංකාවේ මගී ප්‍රවාහන බස් රථයක ගමන් කිරීම ඉතාම කනගාටුදායක අත්දැකීමක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. බස් රථය තැන තැන නතර කරමින් කාලය කා දැමීම, බස් සේවකයන්ගේ අවිනීත සහගත හැසිරීම හා මාර්ග නීති කඩ කිරීම ආදී දහසකුත් නීති විරෝධි කටයුතු මගී ප්‍රවාහන සේවයේ අනන්‍යයතාව වන තරමට ඒ හා බැදී තිබෙන්නක්. ඒ අනුව මගී ප්‍රවාහන බසයක ගමන් කිරිම කිසිසේත්ම පුද්ගලයකුගේ ශරීර සෞඛ්‍යයට යහපත් වන්නේ නැහැ. ඒත් එදිනෙදා ඇතිවන බස් වැඩ වර්ජන දේ බැලිය යුත්තේ කොන්දොස්තර හෝ රියදුරු හෝ කෙරෙහි ජනවිඥාණය තුළ කිදා බැස ඇති වෙරයෙන් නම් නෙවෙයි.

ප්‍රශ්නයන්ට හේතුව රාජ්‍ය පාලනයේ පවත්නා විධිමත් බස් සේවාවක් නොවීම යැයි බොහෝ දෙනා පවසන කරුණක්. ” සී.ටී.බී. බස් ටීකක් දැම්මත් වැඩේ ඉවරයිනෙ” යැයි බොහොදෙනෙක් පවසන්නේ ඒකයි. කොපමන ගැටළු මතු වුනත් ලංගම ගොඩ නගා ගන්න ආණ්ඩුවත් උත්සාහ ගන්නේ එබැවින්. නමුත් ප්‍රශ්නය වන්නේ සේවක පඩි ගෙවා ගන්න තරම්වත් ලංගමයට ලාභයක් නොවීමයි.

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් පෞද්ගලික බස් සේවය පාඩු ලබන්නේ නැහැ. නමුත් ලංගම ලබන තරමක් ලබන්නේ පාඩුවක්මයි. පෞද්ගලික බස් සේවය ලාභ ලබද්දී ලංගම පාඩු ලබන්නේ ඊට සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇති නිසා නෙවෙයි. රජය යටතේ වෙළෙද ව්‍යාපාර අසාර්ථක වීම ඊට හේතුවයි. මගී ප්‍රවාහනය වෙළෙද ව්‍යාපාරයක් නොවේ යැයි කෙනෙකුට කියන්නට හැකි වුවත් එහි මෙහෙයුම් වියදම් මහා භාණ්ඩාගාරයෙන් දරන්නේ නම් ලංගම පවත්වාගෙන යෑම ජනතා මුදල් විනාශ කිරීමක් පමණයි. රජයේ සේවකයන්ට හා පාසැල් සිසුන්ට සහනාධාර මත ප්‍රවාහන පහසුකම් ලබන්නත් සමාජයේ කිහිපදෙකුට රුකියා ලබා ගන්නත් ඉහළ නිලධාරීන්ට හා දේශපාලකයන්ට කොමිස් ලබා ගන්නත් පමණක් අරමුණ කර ගත් ලංගම නඩත්තුව සදහා සමාජයේ ලොකු කුඩා සියල්ල පාරිභෝජනය කරන සහල් ඇටයට සීනි ඇටයට හා පරිප්පු ඇටයට ආදී වශයෙන් සියළු භාණ්ඩ මත අය කරන බදු මුදල් යොදවන බව බහුතරයක් දන්නේ නැහැ. ඒත් එසේ බදු ගෙවමින් තම ආදායම ආණ්ඩුවේ විනාශකාරී වියදම් පියවා ගැනීමට පරිත්‍යාග කරන්නන්ම පෙරලා ” ලංගම තිබුනනන් මේ ප්‍රශ්න නෑනෙ”යි පවසන්නේ ලැජ්ජා විරහිතවයි.

ලංකාවේ නීතිය අනුව මාර්ගස්ථ මගී ප්‍රවහානය මධ්‍යම රජයට මෙන්ම පළාත් සභා වලට ද අයත් විෂයක්. යම් පළාතක් ඇතුලත මාර්ගස්ථ මගී ප්‍රවාහනය පළාත් සභාවට අයත් කරුණක් වන අතර අන්තර් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය මධ්‍යම රජයට අයත් කරුණක්. ඒ අනුව ඒ ඒ පළාත් සභාවන් තුළ ප්‍රවාහන විෂය අයත් අමාත්‍යංශයක් බැගින් ද අන්තර් පළාත් ප්‍රවාහන විෂය අයත් ප්‍රවාහන අමාත්‍යංශයක් මධ්‍යම රජය තුළ ද පිහිටුවා තිබෙනවා. මේ කිසිම වර්ගීකරණයකට අයත් නොවන අමාත්‍යංශයක් ද වත්මන් පාලක රෙජීමය යටතේ පිහිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශය ලෙස නම් කර ඇති ඒ යටතේ ඇත්තේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පමණක් වීම සුවිශේෂී කරුණක්. එම කොමිෂන් සභාවේ කාර්ය වන්නේ මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම හා අන්තර් පළාත් මගී ප්‍රවාහනය සදහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමයි. එහෙත් දුර්වල වී ඇති පළාත් සභා පාලනය තුළ පළාත් මගී ප්‍රවාහනය සදහා මැදිහත්වී කටයුතු කිරීම මෙම අමාත්‍යංශයේ ප්‍රධානතම අයහපත් ක්‍රියාවක්.

මේ කුමන ආයතන මගී ප්‍රවාහනය පාලනය කිරීම සදහා පිහිටුවා ඇතත් ඇත්ත වශයෙන්ම මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ කටයුතු තීරණය කරන්නේ පාතාල මාෆියාවක්. ඒ තුළ පළාත් සභාවන්ට මධ්‍යම රජයට තබා බස් රථ හිමිකරුවන්ගේ සංගම් වලටත් ඇත්තේ සීමිත ඉඩකඩක්. ලංකාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය ක්‍රමවත් කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සදහා වූ ප්‍රතිපත්තියක් හෝ නීති පද්ධතියක් හෝ නොමැති නිසා නොවේ. 1978 දී පමණ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පෞද්ගලික අංශයට විවෘත කළේ අවිධිමත්ව වුවත් පසු කාලීනව හා ක්‍රමිකව එම විෂය සංවිධිත වූවා. තනි තනි බස් හිමියන් එකට එකතු කර බස් සමාගම් පිහිටුවීමත් එම බස් සමාගම් වලට මගී ප්‍රවාහනය සදහා මාර්ග බදුදීමත් ඇතුලත් බස් සමාගම් පිහිටුවීමේ නීති ඇති කිරීම මගී ප්‍රවාහනයේ රුඩිකල්ම ප්‍රතිසංස්කරණයක් ලෙස හදුන්වන්න පුලුවන්. චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙජීමය තුළ ඒ. එච්.එම්. ෆවුසි ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඇති කළ මේ නීති ප්‍රතිසංස්කරණ මගී ප්‍රවාහනය ධනේශ්වර අර්ථයෙන් ක්‍රමවත් කිරීමේ වෑයමක මුල් පියවර වූවාට සැකයක් නැහැ.

තනි තනි බස් හිමිකාරත්වය බස් කර්මාන්තයේ වියදම අධික වන්නක්. එවිට බස් මිලට ගැනීම, බස් රථ නඩත්තුව මෙන්ම සේවකයන් පරිපාලනය කිරීම ද සංකීර්ණත්වයෙන් පිරි කටයුත්තක්. එමෙන්ම කර්මාන්තය පවත්වාගෙන යෑමේ දී බස් හිමිකරුවන් සමාජය සමග කළ යුතු ගනුදෙනුව ද තනි තනි බස් හිමිකාරත්වය තුළ අවුල් සහගත තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම මගී ප්‍රවාහන විෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී තනි තනි බස් හිමියන් නොව බස් සමාගම් තිබීම රජයට ද කළමනාකරණය සම්බන්ධයෙන් ඇති කරන්නේ පහසුවක්. යම් විෂයක් තුළ දීර්ඝ කාලීනව කටයුතු කිරීමේ දී විෂයට අදාළව විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වීම සෑම විෂයකටම අදාළ කරුණක්. මාර්ගස්ථ මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් බස් සමාගම් ඇති කළ විට මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ද ඒ සමාගම් තුළ ඇතිවන විශේෂ ප්‍රාගුණ්‍යය කළමනාකරණයේ දී පහසුවක්. එවිට රජයට ගනුදෙනු බේරා ගැනීමට සිදුවන්නේ කීයක් හෝ උපයා ගැනීම සදහා බස් රථයක් පාරට දැමූ ධන උපයන්නෙක් සමග නොව විෂය පිළිබද දැනුම හා පරිනත බව ඇති සමාගමක් සමගයි. ඒ සමාගම ලාභය ලබා ගැනීමේ දී වෙළෙද පළ හා ගනුදෙනු කිරීම වගකීමකින් කළ යුතු නිසා සමාජයට ද සාපේක්ෂව ලැබෙන්නේ වැඩි වාසියක්.

මාර්ගස්ථ මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් වගකිව යුතු සමාගමක් සමග ගනුදෙනු කරමින් උපරිම ලෙස කේවල් කර යහපත් සේවාවක් ලබා ගැනීමට රජයට මේ නිසා උදාවූයේ මහගු අවස්ථාවක්. එසේම හුදකල බවින් තොරව සමාගමක් ලෙස ස්ථාපිතව යම් සේවයක් සලසමින් ලාභය ලබා ගැනීමට බස් රථ කර්මාන්තයේ යෙදෙන්නන්ට ද උදා වූයේ ඒ හා සමාන අවස්ථාවක්. එහෙත් එවැනි විධිමත් ක්‍රමයක් සදහා ලාංකික සමාජය මෝරා නොතිබූ නිසා එහි වරප්‍රසාද ලබා ගැනීමට තරම් සමාජය වාසනාවන්ත වූයේ නැහැ. ඒ නිසා අදත් බස් රථ හිමියන් අරගල කරන්නේ මුළු සමාජයම පරිහානියකට ඇද දමමින්.

එවැනි විධිමත් ධනේශ්වර ක්‍රමෝපායන් තුළ ලංකාවේ මගී ප්‍රවාහනය ස්ථාපිත කිරීමට නොහැකි වී ඇත්තේ මුළු එකක් වශයෙන් සමාජය පාදඩකරණයට ලක් වීම නිසා යැයි කියන්නට පුළුවන්. බස් කර්මාන්තය මේ වනවිට හිමිව පවතින්නේ සමාජයට සේවයක් සලසමින් ලාභයක් ලැබිය යුතු යැයි කල්පනා කරන ධනපති පන්තියේ පාලනය තුළ නොවේ. එම කර්මාන්තය පාලනය කරන්නේ බස් රථයක් මිල දී ගැනීමට කීයක් හෝ සොයා ගත හැකි එසේ නොවන්නේ නම් කෙසේ හෝ බස් රථයක හිමිකරු වන මුදල් සූරාකන්නන් ඇතුලත් සමාජ තීරුවක් විසින්. ඒ සමාජ තීරුවට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මුදල් ඉපයීම මිස වගකිව යුතු සමාජ මෙහෙවරක් ඉටු කරමින් ලාභයක් ලැබීම නොවේ.

රටේ පාලක පන්තියේ බලය හිමි ඇත්තේ ද පාදඩකරණය වූ සමාජ තීරුවක් අතට ය. ඒ නිසා රටේ ජනතාවට දුක් විදීමකින් තොරව සැප පහසු ප්‍රවාහන සේවයක් ලබාදීමේ වගකීම තමන් අත පවතින බව මෙම සමාජ තීරුවේ විඥාණයට සංවේදී නැහැ. පාලක සමාජ තීරුව ද උත්සාහ දරන්නේ කෙසේ හෝ බලයේ සිටීමින් ජාතික ධනය සූරා කෑමට නිසා තමන්ගේ වගකීම් විරහිතභාවය ගැන පන්තිමය ගැටළුවක් හෝ මතු වන්නේ නැහැ. එසේම සමාජ දේහයේ වැඩි බලයක් දරන්නේත් මෙම පාදඩ සමාජ තීරුව නිසා සමස්ත පද්ධතිය කළමනාකරණය කිරීමත් ඒ තරම් ගැටළු ඇති වන්නක් නෙවෙයි.

මේ නිසා බස් රථ හිමිකරුවන් මස් රාත්තලම ඉල්ලීමත් පාලක රෙජීමය වතුර උගුරක් හෝ නොදීමත් නිසා උග්‍රවන සාමාජ අර්බූදය ප්‍රබලයි. ඒත් සමාජ ප්‍රශ්නයන්ගේ මූලය සොයා ගැනීමට තැත් නොකර බස් සේවකයන් සමග පවතින කේන්තිය පිටකරමින් විසඥව සිටීන සමාජයක ප්‍රබල වන අර්බූද පුපුරා යන්නේ නම් නැහැ.

ධනපති නීතියේ ලිට්මස් පරීක්ෂාව, අගවිනිසුරු හා තවත් අය

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ධනේශ්වර නීති පද්ධතියේ කඩා වැටීම ආරම්භ වූයේ 1977 දී රාජ්‍ය බලය ලබා ගත් ජයවර්ධන රෙජීමයේ ක්‍රියාකාරීත්වය නිසා යැයි පැවසිය හැකිය. එහෙත් බොහෝ විවේචකයන් පවසන පරිදි එය එසේ වූයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා යැයි කෙසේවත් පැවසිය නොහැක. 1978 වනවිට ගෝලීය ප්‍රාග්ධනයට ශ්‍රී ලංකා භූමිය කරා ඒමට ඉඩ දීම එතිහාසික අවශ්‍යතාවක් වූ පරිදිම එතෙක් පැවති ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ද යම් යම් සංශෝධනයන්ට ලක් කිරීම එවැනිම තාර්කික අවශ්‍යතාවක් වුණි. ගෝලීය ප්‍රාග්ධනය නිදහසේ ගලා යෑමට ප්‍රජාතන්ත්‍රික සමාජයක ඉඩක් නොමැති නිසා ඒ බාධාවන් ඉවත් කර රාජ්‍යය ඊට ගැලපෙන සංශෝධනයන්ට ලක් කිරීම 78 ව්‍යවස්ථාවේ අරමුණ විය. කවුරු අකමැති වුවත් විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍යතාව වූයේ බාධාවකින් තොරව රට තුළ ගෝලීය ප්‍රාග්ධනයට ස්ථාපිතවීමට ඉඩ සැලසීමයි. නීතියේ ආධිපත්‍යය බිද දමමින් රාජ්‍ය බලය සහිත පන්තියේ අවශ්‍යතාවන්ට ඉතාම හොදින් ගැලපෙන ලෙස නීතිය හැසිරවීමට රාජ්‍යය කටයුතු කිරීම ද මේ සන්දර්භයෙන් පිටතට ගෙන කතා කිරීම අර්ථ විරහිතය. ඒ අනුව ජයවර්ධන රෙජීමයේ සිට රාජපක්ෂ රෙජීමය දක්වා රාජ්‍යය ඒකාධිපතිත්වය කරා ගමන් කිරීම ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවක් මිස දේශපාලන නායකයන්ගේ මුහුණේ ප්‍රශ්නයක් නිසා සිදුවන අගතියක් නොවේ.

නව ලිබරල්වාදය ධනේශ්වර ක්‍රමයේ එකම ආර්ථික උපමාරුව නොවූ අතර කේන්සියානු ආර්ථික ක්‍රමවේදයේ කඩා වැටීමට පිළියමක් ලෙස එය හදුන්වා දුනි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල ආර්ථිකය කඩා වැටීමත් සහ ලෝක ආර්ථිකය තුළ චීනය හා ඉන්දියාවේ නැගී ඒමත් සමග නව ලිබරල්වාදය සම්බන්ධ ධනේශ්වර නොසතුට අර්බුදයක් දක්වා වර්ධනය වුණි. ඒ නිසා නව ලිබරල්වාදී උපමාරුවේ අලුත් හැඩතල ගැන සාකච්ඡාවක් ඇති වීම වැළැක්විය නොහැකි කරුණකි. නමුත් පරිධියේ රටවලට හිමි කාර්යභාරය තුළ ශ්‍රී ලංකාව කරවටක් ගිලී සිටී බැවින් අලුත් හැඩතල ගැන කතා කිරීම තබා තියෙන හැඩතල හෝ නව මානයකින් ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවුණි. ඒ නිසා දේශපාලනය තුළ මර්වින් සිල්වා හා නීතිය තුළ සරත් එන් සිල්වා වැනි ව්‍යාතිරේකයන් බිහි වූ අතර ලාංකික රාජ්‍යයේ ධනපති ක්‍රම පද්ධතියට මේ ව්‍යාතිරේකයන් කළ හානිය අති මහත් ය.

ලාංකික දේශපාලනය තුළ සිදු වූ මේ පීලි පැනීම් වලට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයන් විසින් ගෙන ගිය අරගලයන් මගින් බොහෝ දුරට නිරූපනය වූයේ මෙම පීලි පැනීම් ධනේශ්වර ක්‍රමයේ අවලක්ෂණ හැසිරීම් බවය. එම සංවිධානයන්ට ඒ පිළිබදව බරපතල විග්‍රහයක් තිබුනත් ඔවුන්ගේ අරගලයන් පරාජයන්ගෙන් කෙළවර වූයේ රාජ්‍ය නොවන සංවිධානයන්ට ආවේනික සීමාවන් තුළ ඒවා තර්කානුකූල අවසානයකට ආ බැවිනි. සිවිල් සංවිධාන හා සිවිල් නාමධාරී පුද්ගලයන් විසින් සිදුකළ අරගලයන්ට ද පෙර කී ඉරණම ම අත්වුණි. හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වාගේ අපකීර්තිමත් හැසිරීමට පමණක් නොව ඔහුගේ පත්වීමට එරෙහිව පවා රාවය හිටපු ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් ගෙන ගිය අරගලය විශිෂ්ඨ හා ධනපති නීතියේ ආධිපත්‍යය සුරකීම සම්බන්ධයෙන් ප්‍රශස්තය. එහෙත් ඒ අරගලය කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජ රාමුව තුළ හෝ තාර්කික යථාර්ථයක් නොවුණි. සිවිල් සමාජයේත් රාජ්‍ය නොවන සංවිධාන වලත් අරගලයන් අතාර්කිකව අවසානය කරා ගියේ සමාජ සංවර්ධනයට බලපාන්නා වූ කිසියම් දෙයක් එම අරගලයන් තුළ නොවූ නිසා නොවේ. එහෙත් ප්‍රාග්ධනයේ ගෝලීයකරණය තුළ අරගලයන් මෙහේයවන මාදිලිය හදුනා ගැනීමට එම අරගලකාර සංවිධාන අසමත් වුණි. එම අරගල මාදිලිය හදුනා ගත්තත් එම සංවිධානයන්ට ආවේනික සීමාවන් තුළ පරාජයම හිමිවීම නොවැළැක්විය හැකිය.

රාජ්‍යයේ බලය ලබා ගන්න පන්තියේ දේශපාලන ක්‍රියාකාරීත්වය විමසිය හැක්කේත් ප්‍රශ්න කළ හැක්කේත් රාජ්‍යයේ ඊළගට බලය ලබා ගැනීමට සූදානම් වන දේශපාලන පක්ෂයට පමණි. මේ දේශපාලන පීලි පැනීම් ධනපති පන්තියේ ප්‍රශ්නයක් වන නිසා ඒවාට විසදුම් සෙවිය යුත්තේ ද ධනපති විකල්ප පක්ෂයයි. මේ පීලි පැනීම් මාක්ස්වාදී පක්ෂයකට නම් ඊනියා ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ සෙළුව පෙන්නුම් කරන්නා වූ ලක්ෂණ පමණි. මාක්ස්වාදී පක්ෂයක් ධනපති කඩමාළු සෝදමින් කාලය කා දැමීම අර්ථ විරහිතය. එක් අතකින් එය සංශෝධනවාදීවීමකි. ඒ නිසා අධිකරණය හා විධායකය අතර පැන නැගී ඇති වර්තමාන ගැටළුව පීඩිතයාගේ ගැටළුවක් නොවන බව කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රවේශය ප්‍රශස්තය. එහෙත් සියල්ල අතහැර දමා සන්සුන්ව සිටීම එහි අරමුණ නොවේ.

අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ශ්‍රී ලංකාවේ අධිකරණයට කළ විනාශයේ තරම මේ වනවිට ඔහු විසින්ම පාපෝච්චාරණය කරමින් සිටීයි. ඔහු අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ දෝෂාභියෝගයක් පසුගිය එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ජරාජීර්ණ දේශපාලන ජාලය තුළ එම දෝෂාභියෝගය අවලංගු වුණි. අද කුමක් කතා කළත් රනිල් වික්‍රමසිංහට ද එදා අවශ්‍ය වූයේ සරත් එන් සිල්වා “ගෙදර යන ගමන්” කුමක් කළ ද තමන්ගේ රෙජීමයට අවශ්‍ය පරිදි අධිකරණ තීන්දු තීරණ දෙන්නේ නම් එය ප්‍රමාණවත් බවකි. විධායකය වෙනත් පක්ෂයකට හිමිව තිබිය දී ව්‍යවස්ථාදායක බලය තුළින් පමණක් අභියෝගයන්ට මුහුණ දීමට එදා රනිල් වික්‍රමසිංහට අපහසු වූවා විය හැකිය. ඒ නිසා උඩිනුත් ගින්දර යටීනුත් ගින්දර අවුලවා ගැනීමට තරම් ඔහු අදූරදර්ශී නොවූවා විය හැකිය. එහෙත් සරත් එන් සිල්වා පැතිරවූ දුර්ගද ඒ අයුරින් තේරුම් ගත් බවක් නම් පෙනෙන්නට නොතිබුණි.

ඒ අනුව විධායකය හා අධිකරණය අතර උත්සන්න වී ඇති අර්බූදයට වගකිව යුත්තේ පාලක රෙජීමය පමණක් නොවේ. විපක්ෂය ද ඊට වගකිව යුත්තේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයටත් කාර්යභාරයක් පවතින බැවිනි. රාවය හිටපු ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් පුන පුනා ලියන මාගල් වැනි ලිපි වලින් විග්‍රහ කරන්නේ මෙරට අධිකරණය පත්ව ඇති ජරාජීර්ණ තත්ත්වයයි. එහෙත් ඒ එකම කරුණක් හෝ ව්‍යවස්ථාදායකයේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණකි. අධිකරණය විසින් නිසි පටීපාටීය අනුගමනය කිරීම පැහැර හරින අවස්ථා වල දී පමණක් නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නා වූ අවස්ථා වල දී පවා ව්‍යවස්ථාදායකය මුනිවත රුකීම දේශපාලන බිද වැටීමක ප්‍රථිපලයකි. ඒ තත්ත්වය තුළ විධායකය විසින් අත්තනෝමතිකව අධිකරණය පාලනය කිරීම පිළිබදව විමසීම හා ඒ සම්බන්ධයෙන් උනන්දු වීම කෙසේවත් විය නොහැක්කකි. විධායකය විසින් අධිකරණයට බලපෑම් කරන බව මීට ටීක දිනකට පෙර අධිකරණ සේවා කොමිසන් සභාව විසින්ම ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් හෙළි කරන ලදි. ඒ අවස්ථාවේ දී එම නිවේදනයට සංවේදී විය යුත්තේ ඈත මොනරාගල දුප්පත් අප්පුහාමි හෝ ඈත මන්නාරමේ දුප්පත් තම්බිමුත්තු හෝ නොවේ. ධනපති පාලනය විධිමත් නම් එවැනි නිවේදනයකට පළමුව ප්‍රතිචාර දැක්විය යුත්තේ ව්‍යවස්ථාදායකයයි. එහෙත් ඔවුහු එවැන්නක් නොඇසූ සවනෙන් නොදැකූ දෙනෙතින් කාලය ගත කළහ.එසේ වන්නේ මේ ධනපති පාලන පද්ධතියේ අක්‍රමවත් බව නිසාය යන්න ස්ථිරය.

ජරාජීර්ණ ලාංකික ධනපති පාලනය අතනින් මෙතැනින් ගෙන පිරිසිදු කිරීමත් ඊට විලවුන් ගැල්වීමත් අතාර්කික හා නොවටීනා මහන්සියකි. එය සමස්තයක් ලෙස ගෙන කළ යුතු කාර්යභාරයකි. නව ලිබරල්වාදය පසු බැස  ගෝලීය ප්‍රාග්ධනය වෙනත් මුහුණුවරකින් ගලා එන මේ යුගයේ දී ධනපති පන්තිය සතු කාර්යභාරය මෙන්ම පීඩිත පන්තිය සතු කාර්යභාරය ද වෙන වෙනම හදුනා ගත යුතුය. ඒ අර්ථයෙන් ධනපති අධිකරණයේ  නිදහස සම්බන්ධයෙන් පූර්ණ විවේචනයක් හා ඊට අදාළ ප්‍රතිසංවිධානයක් කිරීම ධනපති පන්තියේ ඉදිරිගාමීන්ගේ අද දවසේ වගකීමයි.

ස්තූතියි, වික්ටර් අයිවන්

 

නිශ්ච්තව හා එක එල්ලේ කතා කිරීම වික්ටර් අයිවන්ගේ මා දුටු ප්‍රශස්තම ගති ලක්ෂණය යැයි කීවොත් එය නිවැරදි යැයි මට සිතේ. එය ඔහුගේ පුද්ගල පෞර්ෂය ගොඩනැංවුණ ප්‍රබල ධාරකයක් ද විය. පුවත් පත් කලාවේදියෙකුට තිබිය යුතු එහෙත් මේ යුගයේ එවැනනන්ට නොමැති ඒ ලක්ෂණයට හානියක් කිරීමට මහින්ද ච්න්තනයට ද හැකියාවක් නොවුණි.

ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදයකු ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු ඒ විප්ලවීය ජීවගුණය පුවත්පත් කලාවට එක් කරමින් “රාවය” සගරාව ආරම්භ කළේ පාලකයන් ලග දනින් වැටුණ මාධ්‍ය කලාවට ශක්තිමත් අභියෝගයක් එක් කරමිනි. ඒ නිසාම ඔහු පුවත් පත් කලාවට නව මානයන් එක් කරමින් ඊටම ආවේනික වූ සංස්කෘතියක් ඇති කිරීමට ගත්තේ ලොකු මහන්සියකි. ඔහු ඇති කළ මාධ්‍ය කලාවේ නව සංස්කෘතියට වෙනත් පුවත් පත් හෝ ජන මාධ්‍ය හෝ ඇතුළු වී යම් සමාජ කාර්ය භාරයක් කළා යැයි මා විශ්වාස නොකළත් ඒ සංස්කෘතියෙන් ජීවය ලැබූ ජනමාධ්‍යවේදීන් නම් අපමණ බව කිව යුතුය. ඒ නිසා පාලකයා කේන්ති නොගන්වා කරන්නා වූ දෙයක් කළ යුතු යැයි යන අර්ථයෙන් ගොඩ නැංවී තිබූ ලාංකීය පුවත් පත් කලාවට වික්ටර් දරුණු අභියෝගයක් විය.

විශේෂයෙන්ම 1990 සිට 1995 පමණ වන තෙක් පළ වූ “රාවය” පුවත් පත මෙරට ගොඩනැංවිය යුතු පරමාදර්ශී මාධ්‍ය කලාවේ පදනම් පවුරු වනවා නො අනුමානය. මෙරට අධිකරණ පද්ධතිය විසින් මවා ගෙන තිබූ බොරු පුරාචේරු මහන්තත්ත්වය වෙනස් කරමින් යුක්ත යුක්තිය ඉක්ම වූ නඩු තීන්දු විවේචනය කිරීම ආරම්භ වූයේ ඒ කාලයේ දී ය. බොරු මහන්තත්වයක් ආරූඩ කර ගත් ව්‍යවස්ථාදායකයේ වෙස් මුහුණු ගලවා පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට නව අර්ථකථන දුන්නේ “රාවය” පුවත් පතයි. ඇත්තටම 1978 ව්‍යවස්ථාවෙන් භය ගන්වා අහෝසි කර තිබූ විපක්ෂය වෙනුවට පසු නූතන විපක්ෂය වූයේ “රාවය” පුවත් පතයි.

“රාවය” වික්ටර් අයිවන්ගේ තනි ජයග්‍රහයක් හෝ වික්ටර් අයිවන් දෙවියන් දුන් පරිත්‍යාගයක් ලෙසින් හෝ මම භාර නොගනිමි. මේ ප්‍රස්තූතයන් දෙකම භෞතික තර්කනයේ ප්‍රතිඵලයන් ය. “රාවය” පුවත් පත වික්ටර් අයිවන් නම් විශිෂ්ඨ නායකත්වයේ ප්‍රතිඵලයක් වන විට වික්ටර් අයිවන් ඔහු ඇසුරු කළ හා ඔහු වටා සිටී බුද්ධිමතුන්ගේ ප්‍රතිඵලයක් වුණි. මේ අනෝන්‍ය ගැලපුම ලාංකීය සමාජය බුද්ධිමත් කැළඹීමකට ලක් කිරීමට දායක වීම සමාජයක් ලෙස අප ලැබූ ජයග්‍රහණ යයි.

වික්ටර් සමාජ සම්මූතීන් විශ්ලේෂණය කර ඊට නව අරුතක් එක් කළේ ය. ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය නිසාම සමාජයට අලුත් දැක්මක් එක් වුණි. ඔහු කිසිවිටෙක කෝපයෙන් හෝ වෙරයෙන් හෝ සමාජ විග්‍රහයන්ට දායක නොවුණි. වික්ටර්ගේ සමාජ විග්‍රහයන් ඇතැම් විට සාරසංග්‍රහවාදී විය. ඇතැම් විට කල් තියා එළඹුණු යම් අදහසකට සමාජ වලංගුභාවයක් ලබාගැනීමේ උත්සාහයක් විය. ඇතැම් විට රාජ්‍යය පරමාදර්ශය ලෙස ඔහු තම සමාජ විග්‍රහයන් තුළින් මතු කළේ ය. ඒ කෙසේ වෙතත් ඔහු තුළ වූ පුවත්පත්කලාවේදී ගුණාංග එමගින් අතාර්කික නොවීය.

එහෙත් වික්ටර් අයිවන් නැමැති විශිෂ්ඨ ගණයේ පුවත් පත් කලාවේදියා අපට අහිමි කර පාතාලයේ චොප්පේ කෙනෙකු නිර්මාණය කිරීමට “මහින්ද ච්න්තනය” සමත් වුණි. ඒ නිසා අපට ඉතුරු වූයේ ඒ විශිෂ්ඨ පුවත්පත්කලාවේදියාගේ පුරුෂාර්ථයන් නොව හාස්‍ය සමාජ ගත කරන්නා වූ බොරු වීරයෙකුගේ චන්ඩි පාට් ය. ඔහුගේ සමාජ විචාරයන්ට එකග වෙන්නට බැරි වූ අවස්ථාවක මා සතුටු වූයේ ඔහුගේ ලියවිල්ලෙන් මතුවන පෞර්ෂ ගුණාංගයන් අගය කරමිනි. එහෙත් ඔහුගේ විසුළු කතන්දරයන්ට කොහෙත්ම එකග නොවන මේ මොහොතේ මා තුළ ඇති වන අපුල මා මැඩ පවත්වා ගන්නේ තම ප්‍රතිවාදියාට පහර දෙමින් ඔහුගේ රීරි මාංශයම ඉල්ලන වික්ටර්ගේ පුවත්පත් කලා භාවිතයේ හාස්‍ය සිහි ගන්වමිනි. ඇත්තෙන්ම මේ මොහොතේ දී වික්ටර් අයිවන් යනු මහින්ද ච්න්තනය විසින් නිර්මාණය කළ හාස්‍ය ජනක විගඩමක් මිස අනෙකක් නොවේ.

මේ මොහොතේ දී වික්ටර් අයිවන්ගේ මතයන් අදහස් හා වෙනත් දෑ විවේචනය කරන්නන් අයිවන්ගේ හාස්‍ය ජනක විගඩම් වලට වේදිකා තනන්නන් ලෙස හැදින්විය හැකිය. වික්ටර්ට කොළම් අගලකින් ප්‍රතිචාර දක්වන්නාට “රාවයේ” පිටු කිහිපයකින් වුවද ප්‍රති උත්තර දීමට තරම් චන්ඩියෙක් බවට මහින්ද ච්න්තනය විසින් ඔහු වේශ නිරූපනයකට ලක් කර තිබේ. ඒ නිසා නූතනවාදී අර්ථයෙන් වික්ටර්ගේ මතයන් විවේචනය කිරීම පෙරලා ඔහුටම කරන්නා වූ සහායකි.

වික්ටර්ගේ මතයක් සමග යම් ප්‍රති මතයක් සමාජ ගත කරන්නට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අවස්ථා දෙකක දී තැත් කර තිබුණි. ඒ සෑම අවස්ථාවකම දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට “චොප්පේ පාට්” දැමීමට වික්ටර් සමත් වුණි. එහෙත් “පිල් විදහා නටන මොනරාගේ පසු පස සෙළුව” වසා ගැනීමට වික්ටර් අසමත් වුණි. වික්ටර්ගේ නූතනවාදී මතයන්ගේ අතාර්කිකත්වය ආචාර්ය විජේසිරිවර්ධන ඔප්පු කළේ පසු නූතන අර්ථයෙනි. මේ පසු නූතන සමාජ විග්‍රහයන් හදුනා ගැනීමට අවශ්‍ය කියවීම හා බුද්ධිය මහින්ද ච්න්තනය විසින් වික්ටර්ට ලබා දී නොතිබුණි. වික්ටර් අයිවන් ඉදිරි වැටුණි.

බුද්ධියට හිමි සමාජ බලය හෙජමොනික වන්නේ සමාජ යුගයට සාපේක්ෂවය. මේ යුගය තුළ වික්ටර් අයිවන් අතාර්කික හාස්‍යජනක ප්‍රපංචයකි. එහෙත් ඔහු අතීතයේ දී සමාජය ඉහළින් ඔසොවා තැබීමට දැරූ දායකත්වය අල්ප මාත්‍රයකින් හෝ ලඝු නොවන බව ඔහුට ගෞරවයක් වශයෙන් සටහන් කර තබමි.

(රාවය පුවත් පතේ ප්‍රධාන කතෘ ධූරයෙන් වික්ටර් අයිවන් විශ්‍රාම ගැනීම වෙනුවෙනි )

එයා දැන් මෙහෙ නෑ (He is no more here)

මා ජීවත්වන පරිසරය තුළ දී අත්විදින දේශපාලනික සිදුවීම් පිළිබදව මගේ කියවීම සටහන් කර තැබීමට බුමුතුරුණු බ්ලොග් අඩවිය මට බෙහෙවින් උපකාර විය. 2007 දී තරම් ඈතක දී ආරම්භ කළ මේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ප්‍රසිද්ධ කිරීම සියළු බ්ලොග්කරුවන් මෙන්ම මා ද මුහුණ දුන් අභියෝගයකි. අද මෙන් එදා සින්ඩිකේටරයන් නොවීම ඊට හේතුවයි.

මේ අභියෝගය ජය ගැනීමට මා ‍තෝරා ගත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් මගින් අවශ්‍ය ප්‍රචාරය ලබාදීමයි.බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා ව්‍යාජ නමක් භාවිතා කිරීමට සිදුවූයේ සත්‍ය නමින් පෙනී සිටිමින් මෙම බ්ලොග් අඩවියේ කතා කළ විෂයන් වල අයිතිය පිළිගැනීමට තරම් වාතාවරණයක් රටේ නොතිබූ බැවිනි. බොහෝ විට පාඨකයන්ගේත් සමාජයේ විවිධ පුද්ගලයන්ගේත් අදහස් දැන ගැනීමට මා යොදා ගත්තේ ද රවි නිරෝෂන් අකලංක නම් අදාළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමයි.

ෆේස් බුක් සමාජ ජාලයෙන් හදුනා ගත් මිතුරෙකුගෙන් මා නොදන්නා තාක්ෂණික කරුණු ගැන විමසීමට මා පුරුදු වී සිටි අතර ෆේස් බුක් චැට් මගින් නිතර හමුවෙමින් ඒ ගනුදෙනුව සිදුවූයේ ඔහු ද මගේ බ්ලොගයේ පාඨකයකු මෙන්ම දේශපාලනයට උනන්දු අයෙක් වූ බැවිනි. ඒත් එක්තරා සීමාවක දී මට ඔහුගේ කුළුපග මිත්‍රත්වය මෙන්ම අනගි තාක්ෂණික සහාය ද අහිමි වුණි. ඒ සමගම මට මගේ ව්‍යාජ ෆේස් බුක් ගිණුමේ පාලනය ද අහිමි වූයේ තාක්ෂණික උදව් ලබා ගැනීමට ගොස් ගිණුමේ රහස් අංකය ඔහු සතුව තිබූ බැවිනි. එය මුළුමනින්ම මගේ ප්‍රමාද දෝෂයකින් වූ හානියකි.

බුමුතුරුණු බ්ලොග් අඩවිය ප්‍රචාරය සදහා යෝදා ගත් ව්‍යාජ ෆේස් බුක් ගිණුම මේ අනුව තවදුරටත් මගේ පාලනයේ නොපවතින්නකි. එය වෙනත් අරමුණු සදහා යොදා ගනිමින් තිබෙන අතර ඒ නිසා මට හා මගේ බ්ලොග් අඩවියට යම් යම් හානි සිදුවෙමින් පවතී. එබැවින් එම ගිණුම මා පාලනයේ නොපවතින බව මගේ පාඨකයන්ට දැන්වීම යුතුකමක් සේ මම සැලකුවෙමි. ඒ අනුව රවි නිරෝෂන් අකලංක යන ව්‍යාජ ෆේස් බුක් ගිණුම බුමුතුරුණු බ්ලොග් අඩවියේ ප්‍රචාරය සදහා තවදුරටත් යොදා නොගන්නා අතර ඒ සමග කිසිම සම්බන්ධයක් නොමැති බව ද කාරුණිකව දන්වමි.

එහෙත් දේශපාලනය සම්බන්ධයෙන් වූ මගේ කියවීම මෙම අඩවිය තුළ තවදුරටත් සටහන් වන බව දන්වන්නේ සතුටිනි.

ආයුබෝවන්…. දයාන්….

(ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හි‍ටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.)

ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් රාජපක්ෂ රෙජීමය තුළට ඇතුළු වී රටේ සාරය හා ධන සම්පත් සූරාකන තක්කඩි පිරිස එන්න එන්නම වැඩිවෙමින් තිබේ. එහෙත් අතරින් පතර හෝ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අයෙක් දෙන්නෙක් එළියට වීසිවෙමින් සිටිති. ආචාර්ය දයාන් ජයතිලක ද එවැන්නෙකි. එහෙත් මතවාදීමය වශයෙන් වෙනස් මගක ගියත් ආචාර්ය දයාන් ජයතිලකයන්ට තක්කඩියෙක් යැයි කීමට මගේ හෘදය සාක්ෂිය මට ඉඩ නොදේ.

මේ රටේ සිංහල බුද්ධිමත්හු සිටිති. දෙමළ බුද්ධිමත්හු සිටිති. වෙනත් ජාතීන්ට අයත් බුද්ධිමත්හු සිටිති. නමුත් ශ්‍රී ලාංකික බුද්ධිමත්හු සිටින්නේ අතේ ඇගිළි ගණනටත් අඩුවෙනි. ජාතිය ඉක්මවා ශ්‍රී ලාංකික දැක්මකින් අදහස් පල කළ ආචාර්ය දයාන් ජයතිලක ඒ අතේ ඇගිළි ගණනටත් අඩු බුද්ධිමතුන් අතුරින් අයෙක් යැයි සතුටින් පැවසිය හැකිය.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයෙන් දෙමළ ජාතියට එතිහාසික නොසැලකිල්ලක් සිදුවී ඇති බව දයාන් පිළිගත්තේය. ඒ නිසා දෙමළ ජනතාවට සාධාරණ දුක්ගැනවිල්ලක් ඇති බව ද ඔහු පිළි ගත්තේය. එහෙත් දයාන්ගේ විශේෂත්වය වූයේ මේ කිසිවක් නොවේ. දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිලිවලට විසදුමක් ලබා දිමට නම් සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඔහුගේ විශ්වාසය විය. එහෙත් එදා මෙදා තුර සැමදාම දෙමළ වාර්ගික ගැටළුව සම්බන්ධයෙන් දයාන් ජයතිලකයන්ට තිබුණේ සංවර්ධනාත්මක ප්‍රවේශයකි. ඔහු ඒ වෙනුවෙන් නොබියව අදහස් පළ කළේය. ගැටළුවට තමන් විශ්වාස කරන්නා වූ විසදුම වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. ඔහු ගැටළුවේ පාර්ශවකරුවකු නොවී විසදුමේ පාර්ශවකරුවකුවීමට හැකි සෑමවිටම උත්සාහ කළේය. දෙමළ දුක්ගැනවිලි සිංහල පාලකයන්ගේ අත පල්ලෙන් බේරෙන යමකින් සංසිදවිය යුතු යැයි විශ්වාස කරන සමාජයක දයාන් ජයතිලකයන් ද වරෙක ද්‍රෝහියෙක් විය.

එහෙත් ආචාර්ය දයාන් ජයතිලක එල්.ටී.ටී.ඊ. සංවිධානය දුටුවේ ෆැසිස්ට් සංවිධානයක් ලෙසය. සිංහල සමාජයේ සතුරා ජනතා විමුක්ති පෙරමුණ වනවිට දෙමළ සමාජයේ සතුරා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යැයි ඔහු විශ්වාස කළේය. මේ නිසා දයාන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සෑමවිටම සිටියේ ඝෘණාත්මක ස්ථාවරයකය. ඔහු සෑමවිටම විශ්වාස කළේ කොටි සංවිධානයේ විනාශයයි. සෑම විටම ඒ සදහා ඔහු කටයුතු කළේය.සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ආචාර්ය දයාන් කොන්දේසි විරහිතව ඉදිරියට ආවේ ද ඒ අරමුණෙන් යැයි මේ ලියුම්කරුගේ විශ්වාසයයි.

දයාන්ට කොටි සංවිධානය සමග පමණක් නොව රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ද තිබුණේ ග්‍රාම්‍ය ගැටුමකි. දයාන් ඒ දෙදෙනාම පිළිකෙව් කළේය. එහෙත් රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ යන නායකයන් හා දයාන් ලග සමාගමයක් පැවැත්වීය. ඒ තුළ වූයේ සංස්කෘතික ප්‍රශ්නයකැයි මේ ලියුම්කරු සිතයි. එහෙත් ඒ ගැටුම් නිසා පීඩනයටපත් වූයේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියයි. 2003 සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ට තිබුණේ තාක්ෂණික ගැටලු කිහිපයකි. එහෙත් දයාන් සටන් විරාමය සම්බන්ධයෙන් දැරුවේ මන්දෝත්සාහී ප්‍රතිපත්තියකි. ඊට හේතුව වූයේ එය රනිල් වික්‍රමසිංහගේ සටන් විරාමයක් වූ නිසාවෙනි. ලංකාවේ බොහෝ බුද්ධිමතුන්ට ආවේනික මේ දුර්වලතාව දයාන් තුළ ද විය. ඒ නිසා සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ගෙන් ලබාගත හැකිව තිබූ මහගු දායකත්වයක් රටට අහිමි වුණි. ලක්ෂ්මන් කදිරගාමර් සම්බන්ධයෙන් ද මේ ලියුම්කරුට ඇත්තේ එවැනි අදහසකි. මේ බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීමට නායකයන්ට ද අවශ්‍ය නොවීම අවසනාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරය දරමින් දයාන් ශ්‍රී ලංකා රාජ්‍යයට කළ මෙහේය අපමණය. ස්වාමිවරුන්ගේ අණ නොතකමින් අයාලේ යෑමට උත්සාහ කරන විට ස්වාමිවරුන් දබරගිල්ල එසවූ අතර ඒ සෑමවිටම දයාන් තම පෞර්ෂය භාවිතා කරමින් ස්වාමිවරුන්ට සපථ කළේ එය එසේ නොවීමට වග බලා ගන්නා බවයි. දයාන්ගේ මේ වගකිව යුතු කාර්ය භාරය කොළඹ සනීප ජීවිත ගත කරමින් මාධ්‍ය මගින් යුද්ධ කළ බොහෝ පිරිස් වලට තේරුම් ගැනීමට නොහැකි විය. දයාන් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කළ මේ අමිල මෙහෙවර නිසා සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් වෙනුවෙන් කතා කරමින් ඔහු එතෙක් ගොඩනගා ගෙන තිබූ ප්‍රතිරූපයට සිදුකර ගත් හානිය අති මහත් ය.

දයාන්ගේ අදහස් හා රාජපක්ෂ රෙජීමයේ අදහස් අතර ඇත්තේ නයි මුගටි සබදතාවක් යැයි කීවොත් එය වඩා නිවැරදිය. එහෙත් රාජපක්ෂ රෙජීමයේ පාලනය යටතේ කොටි සංවිධානය විනාශ කළ හැකි යැයි ඔහු විශ්වාස කළ නිසා බරපතළ පරස්පරතා මැද වුවත් රෙජීමයට දර දිය අදින්නෙකු බවට ස්වේච්ඡාවෙන්ම පත් විය. අවසාන ඉලක්කය වෙනුවෙන් ඉලක්කයේ ප්‍රවේශ මාර්ගය කුමක් වුවත් කමක් නැතැයි සිතන බොහෝ දෙනෙක් මෙන් ආචාර්ය දයාන් ද කොටි සංවිධානයේ විනාශය වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය හා එක පෙළට සිට ගැනීමට සිදුවීම ගැන ඔහු කනගාටු නොවීය. එසේම කොටි සංවිධානය විනාශ කළ දිනක තමන් විශ්වාස කරන්නා වූ විසදුම කරා යා හැකි යැයි යන අතිශය බොළද ස්ථාවරය දැරීය.

කොටි සංවිධානය දෙමළ ජාතියේ විමුක්ති අරගලයට කළ හානිය අතිමත් ය. එහෙත් කොටි සංවිධානය නැති සංදර්භය දෙමළ විමුක්ති අරගලයට කරන හානිය ඊටත් වඩා අති මහත් ය. දිනා ගත් නිදහස දේශපාලන විසදුම් වලින් පාවා නොදෙන්නැයි විවිධ බලවේග කෑමොර දෙන්නේ එබැවිනි. එළඹි යුද දේශපාලනික සංධර්භය තුළ දේශපාලන විසදුමකට තබා ඒ සදහා වූ කතා බහකටවත් ඉඩක් නැත. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය දේශපාලනිකව මර්දනය නොකර යුදමය ලෙස මර්දනය කිරීම දෙමළ විමුක්ති අරගලයට ද එකසේ හානි කරයි.ඒ යුදමය මර්දනය සදහා දයාන්ලාගේ දාඩිය වගුරු ප්‍රයෝජනයට ගත් පසු ඔහුන් ඇද දමන්නේ කුණු බක්කියටයි. ආචාර්ය දයාන් ජයතිලකයන්ට තේරුම් ගැනීමට නොහැකි වූයේ ද මේ සත්‍යයයි.

දයාන් අභාවවාචක අත්දැකීම් මැද නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සුපුරුදු විශ්ව විද්‍යාල රුකියාව භාරගනී ද නැත්නම් රාජපක්ෂ රෙජීමය ලබාදෙන මානසික අල්ලසකින් සෑහීමකට පත්වේදැයි මේ ලියුම්කරුට අදහසක් නොමැත. එහෙත් සෑම කළු වළාකුලකටම පසු රිදී රේඛාවක් ඇතැයි කීවාක් සේ දයාන් යම්කිසි මතයක් මේ මොහොතේ ජනතාව ඉදිරියේ සපථ කර ඇත. එනම් බලය බෙදාහරිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් මගින් දෙමළ ජනතාවගේ අරගලයට රාජපක්ෂ රෙජීමය කිසිදා විසදුමක් ලබා නොදෙන බවයි.

කලක් මේ ලියුම්කරු ආචාර්ය දයාන් ජයතිලක සමග දුරකථනය ඔස්සේ කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන ගියේය. ඒ අවදියේ මේ ලියුම්කරුගේ පරමාදර්ශය වූයේ ඔහුගේ දැනුම හා බුද්ධියයි. එහෙත් ඔහු වෙනත් ගමනක යෙදෙමින් රාජපක්ෂ රෙජීමය හා අත් වැල් අල්ලා ගැනීම ගැන ඇතිවූයේ පිළිකුළකි. එහෙත් ඔහුට තිබූ ගෞරවය මදකින් හෝ අඩු නොවීය. මේ අවස්ථාවේ දී ත් මා ඔහුට ආයුබෝවන් යැයි පවසන්නේ වෙනස් මගක ගොස් නැවත පැමිණියත් ඔහුගේ බුද්ධිය සම්බන්ධයෙන් මා තුළ වූ ලෙන්ගතුකම එලෙසින්ම පවතින බැවිනි.

“අරුණලු සෙරෙන් අරුණෝදයට” – ඒ අරුණෝදය කොහේද?

” බයස්ල ඇවිල්ල කෙළින්ම ගියේ කෑන්ටීන් එකට.එතකොට ළමයි උදේ කෑම කනව, බයර්ස්ල කුස්සියටත් ගියා, කන කෑම මොනවද කියල බැලුව, පස්සෙ එයාල මැනේජ්මන්ට් එකට කිව්වා උදේ කෑම එක දිය යුතු ක්‍රමය. එයාල ගොඩක් දුරට ළමයින්ගෙ පහසුකම් බලනව, කෑමබීම, ඇදුම් පැලදුම් විතරක් නෙවෙයි ගෙදර දොරේ තත්ත්වය පවා අහල දැන ගන්නවා. යුරෝපියන් බයස්ල ගොඩක් ෆැක්ට්‍රීස් වලින් ගාමන්ට්ස් ගන්න කලින් ෆැක්ට්‍රීස් වලට ඇවිල්ල හැමදේම හොයල බලනව. මා හිතන්නේ එයාල ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කොලිටී ගාමන්ට්ස් මිල දී ගන්න”

1999 දී තරම් ඈතක දී මා හා කතා බහක යෙදුන ඇගලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වන මගේ මිතුරකු තම කර්මාන්ත ශාලාවේ වෙළද පළ තත්ත්වය ගැන මට කී ඒ කතාව ඒ පිළිබදව විමසා බැලීමට තරම් ආකර්ශනීය වූවක් විය. දස වද දෙමින් තුට්ටුවට දෙකට ශ්‍රමය සූරාකන ලංකාවේ බහුතරයක් ඇගලුම් කර්මාන්ත ශාලාවන්හි වෙළෙද පළ සංස්කෘතියට වෙනස්ව යන එක්තරා ප්‍රවනතාවක් ඒ වනවිට බොහෝ ඇගලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවෙමින් පැවතුණි. මා අනතුරුව සොයා ගත් කරුණු අනුව මේ සංස්කෘතික වෙනස වෙළද පළ තුළ ඇතිවෙමින් පවතින්නේ දියුණු හා උසස් මට්ටමක වෙළද පළ තත්ත්වයන් ගැන සංවේදී ව්‍යවසාකයන්ට අයත් ඇගලුම් කම්හල් ආශ්‍රිතව මෙන්ම නිපදවන ඇගලුම් යුරෝපය වැනි ගුණාත්මක ඇගලුම් මිල දී ගන්නා වෙළද පළකට අළෙවි කරන කම්හල් ආශ්‍රිතව වීම විශේෂයකි. ලාභය ලැබීමට නම් අඩු වැටුප් ශ්‍රමය අත්‍යවශ්‍යයි යන මානසිකත්වයෙන් කටයුතු කරන නොදියුණු වෙළද පළ තත්ත්වයක කටයුතු කරන කම්හල් ආශ්‍රිතව තවදුරටත් පැවතියේ පරණ පුරුදු වහල් වෙළදාම මිස අනෙකක් නොවේ.

2003 වර්ෂයේ දී යුරෝපයට ඇගලුම් අපනයනය සම්බන්ධයෙන් අත්සන් කෙරුණ ගිවිසුමක දී මෙන්ම කම්කරු ශ්‍රමය පිළිබදව සංශෝධනය කළ නීතී අණ පනත්හි අන්තර්ගතය සියුම්ව විමසා බැලුවහොත් ධනේශ්වර වෙළද පළ හා අතිරික්ත වටීනාකම් පිළිබද තත්ත්වයන් එසේම ආරක්ෂා කරමින් කම්කරු ශ්‍රමය පිළිබදව වඩා වැඩි වටීනාකමක් ලබා දී තිබෙන බව අවබෝධ කර ගත හැකිය. එහිදී කම්කරු ශ්‍රමය පිළිබදව වෙනදා නැති උනන්දුවක් මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඊට වැඩි ඉඩකඩක් ද තබා තිබුණේ ශ්‍රමය පිළිබද මාක්ස්වාදී අර්ථකතනයන්ට අනුව යැයි වරදවා තේරුම් ගත යුතු නැත. එහෙත් වෙනදා නැති උනන්දුවක් කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන් ධනේශ්වරය දැක්වූයේ ධනේශ්වරයේ ගෝලීය අවශ්‍යතා පුළුල් කිරීමට බව අවිවාදිතය. නමුත් කවර අරමුණකින් හෝ දැක්වූ ඒ උනන්දුව ශ්‍රමය පිළිබදව වන දේශපාලන කතිකාවේ දී අත්හල නොහැකි සාධයකි. නමුත් බොහෝ වාමාංශිකයෝත් වෘත්තීය සමිති ක්‍රියාධරයනුත් ධනේශ්වර වෙළද පළ තුළ සිදුවූ මේ ක්‍රම වෙනස දැකීමට තරම් සියුම් හෝ විමර්ශනශීලී හෝ නොවීම කනගාටුවට කරුණකි. ඒ නිසාම ධනේශ්වරයට එරෙහිව සංයුක්ත විකල්ප අරගලයක නිරතවීමට නිර්මාණාත්මක හැකියාවක් ඇති නොවුණි.

ධනේශ්වර වෙළද පළ තුළ මේ ක්‍රම වෙනස ඇති වූයේ 1978 ජයවර්ධන රෙජීමය දියත් කළ ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ප්‍රතිසංස්කරණයන් සමග ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරය සදහා සූදානම් වූ අතර ඒ සමග එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයත් දේශපාලන ක්‍රමයත් වෙනස් වුණි. නව වෙනස තුළ “සූරාකෑම”, “ධනපති පන්තිය” හා “පීඩිත පන්තිය” යන මාක්ස්වාදී වාං මාලාවේ කෝෂාර්ථයන්ට අලුත් අර්ථකථන ලැබුණි. මේ නිසා ධනේශ්වරයට එරෙහිව අරගල කිරීමත් බොහොදුරට අවලංගු හා නිෂ්ඵල උත්සාහයන් බවට පත් වුණි. ලාංකික පොළව මත සිදුවූ ජනතා අරගලයන් අසාර්ථකවීමට මූලික කාරණාවන්ගෙන් එකක් ලෙස පැහැදිලි කළ හැක්කේ ක්‍රම වෙනසකට ලක්වූ ධනේශ්වරය හදුනා ගැනීමට තරම් “දැනුම” ලාංකික සමාජවාදීන් සතුව නොපැවතීම බව පැහැදිලි කරුණකි.

මේ නිසා ලාංකික සමාජවාදීන් තවදුරටත් ධනේශ්වරය අර්ථ දැක්වූයේ රාජ්‍ය කේන්ද්‍ර ගත ප්‍රපංචයක් ලෙසිනි. අරගල කළ යුත්තේ ධනේශ්වර රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් සදහා මිස සමාජවාදී සමාජ වෙනසකට නොවන බව ඔවුහු ප්‍රායෝගිකව ඔප්පු කළහ. මේ නිසා පීඩිතයන් වෙනුවෙන් මහපාරට බැස සටන් කරන විට එල්ල වන ධනේශ්වර මර්දනයේ දී කිසිම පීඩිත සමාජ බලවේගයකට ඊට සංයුක්තව මුහුණ දීමට හැකියාවක් නොවුණි. පීඩිතයන් ද පෙනී සිටීයේ ධනේශ්වරයේ පැවත්ම වෙනුවෙනි. ඒ අනුව “පීඩිත” හෝ “ධනේශ්වර” පන්තීන් අලුතින් හැඩ ගැසී “සූරාකෑම” ද අලුත් අර්ථකථනයන් තුළ සිදුවෙමින් තිබුණි.

අරගලය තවදුරටත් මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් තුළ පදනම්වීම අවශ්‍ය වුවත් ගොඩනගන්නට යන්නා වූ සමාජ ක්‍රමයට රුසියන් විප්ලවය හෝ අතීතයේ සිදුවූ වෙනත් කිසිම විප්ලවයක් ආදර්ශය ලෙස ගැනීම අවිද්‍යාත්මකය. නූතන අරගලය පදනම් විය යුත්තේ වර්තමාන සමාජ දේශපාලන බලවේගයන්ට ගැලපෙන අන්දමිනි. ඒනිසා අතීතයෙන් අත්දැකීම් ලබා ගැනීම වලංගු වුවත් අතීතයෙන් ආදර්ශයන් ලබා ගැනීම අවලංගු සාධකයකි. සමාජවාදී තැන් මාරුව වෙනුවෙන් පෙනී සිටීන්නන්ට මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ සිදුව ඇති වෙනස තේරුම් ගැනීමටත් ඒ අනුව තම අරගලය සකස් කර ගැනීම සදහාත් දැනුම නිර්මාණය කර ගැනීම සදහා අති විශාල සමාජ කතිකාවක් ගොඩ නගා ගැනීම මූලික අවශ්‍යතාවකි.

ලාංකික වෙළද පළ ගෝලීය ධනේශ්වරයට සම්බන්ධ වූයේ පුළුල් කතිකාවකින් නොවේ. එසේම සම්භාව්‍ය ධනේශ්වර අර්ථයෙන් වූ වෙළද පළ පුළුල්වීමකින් ද නොවේ. මේ නිසා ලාංකික ධනේශ්වර පන්තිය අද ඉතිහාසයේ බරපතලම අර්බූදයට ලක්ව තිබේ. මේ අර්බූදය නිසා රාජ්‍යයේ ආධිපත්‍ය ධනපති පන්තියෙන් ගිලිහී ධනය ඇති වෙනත් සමාජ තීරුවකට උරුම වුණි. මේ සමාජ තීරුව රාජ්‍ය ගැතිකම නිසා ආර්ථික හා දේශපාලන බලය ලැබූ පිරිසක් මිස සමාජ සංවේදී හෝ දේශපාලන අරමුණකින් යුත් සම්භාව්‍ය ධනපතියන් පිරිසක් නොවේ. එමෙන්ම මේ සමාජ තීරුව ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි දායකත්වයක් දරන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නොවේ. මේ සමාජ තීරුව සෑහෙන දුරකට පදනම් වී ඇත්තේ ලූම්පන් ආර්ථික කටයුතු වලය. ඒ නිසා ඔවුන්ගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වැඩි සම්බන්ධයක් දක්වන්නේ ලුම්පන් දේශපාලන ක්‍රියාකාරකම් වලට ය.

ලාංකික රාජ්‍ය ධනේශ්වර අර්බූදයක ගිලී තිබීම බොහෝ වාමාංශිකයන් දකින්නේ ධනාත්මකවය. එහෙත් මේ අර්බූදය ධනේශ්වර විරෝධි අරගලය කරා ද පැමිණ ඇති බව බොහෝදෙනෙක් අවබෝධ කරගෙන නොමැත. ධනේශ්වරයේ ආධිපත්‍ය ධනය ඇති ලුම්පන් සමාජ තීරුවකට හිමිවීමට සාපේක්ෂව ලාංකික පීඩිත පන්තියේ ආධිපත්‍ය ද ලුම්පන් සමාජ බලවේගයන් විසින් ඩැහැගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ලුම්පන් සමාජ බලවේගයන්ට සමාජ සංවේදීතාවක් හෝ සමාජය ගැන දෘෂ්ටීමය හැගීමක් හෝ ඇතැයි පැවසිය නොහැක. ඒ නිසා එවැනි සමාජ තීරුවකින් සමාජ වෙනසක් සදහා අවශ්‍ය අරගලකාරී උත්සාහයකට බීජයන් ලබා නොදේ. මේ නිසා ගෝලීය ධනෙශ්වරයේ ක්‍රමෝපායන් හදුනා ගනිමින් සමාජවාදී සමාජ වෙනසක් ඇති කර ගැනීම සදහා අවශ්‍ය දැනුම නිර්මාණය කර ගැනීමට ලූම්පන් සමාජ තීරුවට දැරිය හැකි දායකත්වයක් ගැන විශ්වාස කිරීම අර්ථ විරහිත බලාපොරුත්තුවකි.

එහෙත් මේ අර්බූදය ජය ගත යුත්තේ ද “චෙක්මේට්” වී ඇති සමාජ බලවේගයන්ගේ හැසිරීම තුළින්ම ය. ලාංකික පීඩිත පන්තිය පමණක් නොව ධනපති පන්තිය ද ගිලී ඇති අර්බුදයෙන් ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ බුද්ධිමතුන්ට ය. සමාජ පන්තීන් දෙකෙහිම බුද්ධිමතුන් උත්සාහ දැරිය යුත්තේ සමාජය මේ හිරවීමෙන් ගලවා ගැනීමටය. සමාජවාදී සමාජ වෙනසක් සදහා යා යුතු ගමන දිගු ගමනක් වී ඇත්තේ එබැවිනි.