ප්‍රවේසම් වන්න ………….. රනිල් මාරාන්තික නින්දක………


ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්වන්නත් ඒ අනුව ආණ්ඩුව පෙරලා නව ආණ්ඩුවක් පිහිටුවන්නත් එ.ජා.ප.යට නොහැකිවීම ගැන රනිල් වික්‍රමසි?න්හට එරෙහිව ඇත්තේ ලොකු විවේචනයක්.
බස්නාහිර පළාත් සභාවේ හා දකුණු පළාත් සභාවේ අය වැය පරාජය කිරීමට රනිල් අකමැතිවීමත් එ.ජා.ප. මන්ත්‍රීවරු ආණ්ඩුවට යෑම වලක්වා ගැනීමට අපොහොසත්වීමත් නිසා එ.ජා.ප අභ්‍යන්තරය දෙදරීමකට ලක් වෙලා.
මේ චෝදනාව රනිල්ට එල්ලවූයේ අදක ඊයේක පටන් නොවේ.
2001 දී නැගී ආ ආණ්ඩු විරෝධය අවස්ථාවේ දී ද රනිල් හැසිරුනේ මේ චෝදනා ලබන පරිදිමයි. ඔහුට ආණ්ඩු මාරු කිරිමේ හදිසියක් එදා තිබුණෙත් නෑ. ඒ විතරක් ද අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව පෙරලන්න චන්ද්‍රිකා/ විමල් සන්ධානය 2003 දී කුමන්ත්‍රණය කරන කොට රනිල් ඔහේ බලාගෙන හියේ වෙන්නේ මොනවාදැයි දන්නේ නැහැ වගෙයි. අන්තිමේ දී පවරා ගත්ත අමාත්‍යoශවල වැය ශීර්ෂය පවා සම්මත කර දුන්නේ නිර්ලෝභීව. ඒත් චන්ද්‍රිකා/විමල් සන්ධානය රනිල්ගේ පිපස්සට පයින් ගැහුවේ මනුස්සකම් පැත්තක තබමින්.
දැන් ආයෙත් ආණ්ඩුව පෙරලන්න රටම පෙල ගැහෙන කොට රනිල් කල් ගන්න හදන්නේ නහයෙන් අඩමින්.
රනිල්ගේ දේශපාලනයේ ජනප්‍රිය කියවීම තමයි ඔය.
ඒ කියන්නේ රනිල් අසාර්ථකයෙක් ද?
ගෝලීය වෙළෙදාම පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමය මත. ගෝලීයකරණය තුළ රනිල් දන්නවා දඩි බිඩි දේශපාලනය අසාර්ථක බව. හදිස්සියේ ආණ්ඩු පෙරළුවත් විධායක ජනාධිපති සිනතාක් ඒ ආණ්ඩු ගෙනියන්න බැහැ. ඒ නිසා ඒ සදහා පොර බැදීම තේරුමක් නැති ක්‍රියාවක්. අන්තිමේදී වෙන්නේ ධනපති ක්‍රමයට හානිවීම පමණයි. ඒ නිසා රනිල් කැමති නැහැ ආණ්ඩු මාරුවකට ඉඩ නැති අවස්ථාවක ආණ්ඩු විරෝධි වෙන්න.
මේ දේශපාලනය විමල් වීරවoශට තියා කරු ජයසූරියටවත් තේරෙන්නෙ නැහැ.රාජිතල, මoගලල ඒ නිසා නන්දොඩවනවා. ඒ අස්සේ අවස්ථාවාදී හොරු ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්න යනවා. රවිල, ජොනීල රනිල්වම බදාගෙන ඉන්නේ ජේෂ්ඨයන් වී ඊලග ආණ්ඩුවේ ඇමතිකම් ගන්න මිසක් මේ දේශපාලනය අවබෝධ කරගෙන නම් නෙමෙයි. කවුරු කොහොම කිව්වත් ඊලග ජනාධිපතිවරණය තෙක් රනිල් මාරාන්තික නින්දකට යනවා.ඒ නින්දෙන් රනිල් ඇහැරවන්න කැට කැබලිති දහසකටවත් බැහැ.
ධනපති දේශපාලනය හදාරන්නේ නැතිව රනිල්ගේ දේශපාලනය තේරුම් ගන්න බැහැ.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s