රතු සහෝදරවරුන්ගේ දේශද්‍රෝහීකමක මහත………………


සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ යුගයේ අගමැති රනිල් වික්‍රමසිංහ දෙමළ ජනතාවගේ ඇස් නිලංකාර කළේ සාමගිනිකෙළි පත්තු කරමින්.විවෘත ආර්ථිකයේ මහ ඵල මහානුසංසඒ 9 මාර්ගය දිගේ ගලා ගෙන එනවිට දෙමළ තරුණයන්ගේ විමුක්ති හැගීම් හිරු දුටු කදෝ පැණියක් ලෙසින් වියකේ යැයි රනිල්හිතුවා.රනිල් විතරක් නෙමෙයි ඇමෙරිකාව ප්‍රමුඛ් බටහිර ධනපති රංචුවමහිතුවෙ දෙමළ සටන්කාමී තරුණයන් ගිනිකන වට්ටවා ඊනියාසාමය මගින් උතුර නැගෙනහිරත් ගෝලීය වෙළෙදාමට ගැටගහන්න.ඒත් මුළු ලංකාවම තමන්ගේ න්‍යය පත්‍රයක නටවන ප්‍රභාකරන් මේ ලණුව කෑවෙ නැහැ. ප්‍රභකරන්ගේ දගර නැටුම් හමුවේ කකුල් ව්ළා ඇද වැටුනේ රනිල් විතරක් නෙවෙයි.
ශ්‍රි.ල.නි.ප./ ජ.වි.පෙ. ඇතුළු ඊනියා දේශප්‍රේමීන් සියල්ල ප්‍රභාකරන් ඉදිරියේ අගුටුමිට්ටන් උනා.අවසානයේ ප්‍රභාකරන් පැතූ පරිදිම රනිල්ගේ ආණ්ඩුව ඇදවැටුණා . ලේ රස බලමින් අහස සිසාරා පියාඹෑවේ ගිජු ලිහිණියන්.මහින්ද/විමල් ආණ්ඩුව මිනීමස් අළෙවි කරන්න පටන් ගත්තේ ද එදා ප්‍රේමදාස අළෙවි කළ පරිදි තුට්ටුවට දෙකටයි.ඒත් රනිල් ප්‍රමුඛ ධනපති නඩයේ උපාය උපක්‍රම අහී අහිංසක විමල් වීරවංශට තේරෙන්නෙම නැහැ.විමල් කියන්නේම බෙදුම්වාදී කො සංවිධානයට බටහිරකුමන්ත්‍රණකාරීන් උදව් කරන බව.එහෙම නම් එල්.ටී.ටී.ඊ.නාවික යාත්‍රා විනාශ කිරීමටත්, තමිල්චෙල්වම් ඝාතනය කිරීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුවට අත් උදව් දෙමින්අමතරව ප්‍රහාරක අවි ලබාදෙන්නේ ඇයි?
විමල්ගේ තර්කය නිවැරුදි නම් අය වැයට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණත් අද බෙදුම්වාදී කොDන්ට උඩ ගෙඩි දෙනවානොවේද?
දේශපාලනය එතරම්ම වූ සරල වූවක් නොවේ.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s