කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරීම


ප්‍රභාකරන් මේ සමරන්නේ අන්තිම උපන් දිනය යැයි වහසි බස් දෙඩූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ යුද වියරුවට වන්දි ගෙවීමට සිදුවූයේ අහිංසකයන් කිහිපදෙනෙකුටය. ලෙයින් හා යකඩෙන් අභියෝග කරන සෑම අවස්ථාවකම ප්‍රතිචාර ලැබෙන්නේ ඒ හා සමාන හෝ ඊටත් වඩා භයානක හෝ අන්දමිනි.එහෙත් පාලකයන් පමණක් නොව පාලිතයන් ද පූරාඡේරු කියමින් පලිගසන්නේ ලෙයට ලෙයින් ද දතට දතින් ද අභියෝග කරමිනි.
1998 දී නිදහසේ ස්වර්ණ ජයන්තිය නුවර දී සැමරීමට ගිය එදා ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්තේ ද මෙවැනිම වගාලාපයන් කියූවත් ඊනියා ත්‍රස්තවාදය තුරන්වූයේ නැත. නිදහස් සැමරුම දළදා මාළිගාව අභියස පවත්වන්නේ ඒ 9 මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව බව රත්වත්තේ කළ ප්‍රකාශයට ප්‍රභාකරන් දත් විළිස්සා ප්‍රතිචාර දැක්වූයේ සෝපාසයෙනි.
ඊට උඩගු ලෙස රත්වත්තේ කිව්වේ නොවරදවාම ඒ 9 මාර්ගය විවෘත කරන බවත් අනතුරුව වාහනයක් යවා ප්‍රභාකරන්ගේ මව නුවරට කැන්දා ගෙන එන බවත්ය.
රත්වත්තේගේ පස්සා බිම ඇනුනි. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා මාළිගාව ලෙයින් නෑවුණි. දැන් ඉතිහාසය ආපිට කර කැවේ. රාජපක්ෂලා නැවතත් වහරන්නේ රත්වත්තේලාගේ උජාරු කතාවන්මය. මේ සා විශාල විනාශයකින් පසුවද පාලකයන්ගේ යුධ වියරුව නොනැසී පවතී. සමාජය ද තවමත් ඉල්ලා සින්නේ ලෙයට ලෙය හා දතට දතක්ය.පුරවැසියන් ආරක්ෂා කරගත නොහැකි පාලකයන් සතුරාගේ හිස ගෙන එන බව කීම කොමිස් ගැසීමටත් බලය ආරක්ෂා කර ගැනීමටත් කරන්නාවූ කෛයිරාක මායාවකි.
25 අවුරුදු යුධ අත් දැකීම් විදවමින්ම යුද්ධය ඉල්ලා සිටීම කෙතරම් නම් මිලේඡ්කමක් ද?
Advertisements

One thought on “කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරීම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s