ජනඝාතක යුද්ධය වහා නවතව්


ප්‍රේමදාස/විජේවීර හවුල් භීෂනයෙන් පසුව මුල් වතාවට මේ ලියුම්කරුට මරණ බිය දැනුණේ පෙරේදා නුගේගොඩ බෝම්බය පිපිරූ අවස්ථාවේ දී ය. කමීසයක් මිල දී ගැනීම සදහා නුගේගොඩ නොලිමිට් වෙළෙද සැලට යෑමට තිබූ උවමනාව මොකක්දෝ කම්මැලිකමක් නිසා වැළකිණි. අතරමග දී ලැබුණු පණිවිඩයෙන් මට මරණ බිය දැනුණි.
මා කිසිදු උවදුරකින් තොර බව ආදරනීය අම්මා ඇතුළු ප්‍රියයන්ට දැන්ම්දීමට ගත් උත්සාහය නිරර්ථක වුණි. ඔවුන්ට මා ඇමතීමටද නොහැකිව තිබේ. නේවාසිකාගාරයේ සගයන් ඇමතීමට ගත් උත්සාහයද අසාර්ථක වුණි. සීතල රාත්‍රිය බිය දෙගුණ තෙගුණ වීමට හේතු විණි.
මගේ වැඩි මහල් සහෝදරියගේ දෙවැනි දුව මා ඇමතීමට ගත් අසාර්ථක උත්සාහයෙන් පසු එවා තිබූ එස්. එම්. එස් පණිවුඩය මා හදවත කම්පා කළේය. ඇගේ වචනවල මා පිළිබද වූ බිය, සැක හා කම්පනය ගැබ්වී තිබුණි. මගේ නෙතට කදුලක් ගැලිණි.අවසානයේ මගේ ප්‍රියයන් හා සම්බන්ධ වුණි. මටවත් මගේ හිතවතුන්ටවත් උවදුරක් නොවුණි.
එහෙත් මට සතුටුවිය නොහැක.
යුධකාමී පාලකයන්ගේ අමනකම් නිසා අහිංසකයන් රුසකගේ ජීවිත බෝම්බය විසින් බිළිගෙන තිබුණි.එහෙත් පාලකයන් ද පූජකයන් ද පුන පුනා පවසන්නේ නොබියව ඉදිරියට යන බවයි.
දෙමළ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පිළිනොගෙන ඔහුන් යකඩෙන් හා ලෙයින් මර්ධනය කරමින් එය සාමය බව කීම මේ මස් වැද්දන්ගේ අර්ථ කථනයයි. රාජ්‍ය දේපල මංකොල්ලකෑමටත් අවි ජාවාරම්කර ගැනීමටත් යුද්ධය අවශ්‍ය වේ. ඒ සදහා දේශප්‍රේමයද ජාති ආලයද යහමින් අවශ්‍ය වේ. මස් වැද්දන් බණ දෙසන්නේ එබැවිණි. අහිංසක ජනයා ජීවිත බිලි දෙන්නේ ද එබැවිණි.
උතුරු නැගෙනහිර ජනයා පැය විසිහතර පුරා අහසින් වැටෙන බෝම්බවලට බියෙන් ගෙවන රුදුරු ජීවිතය මගේ මරණ බය මට යළි යළිත් සිහිකර දුනි. මරණයට පත් වූ ප්‍රියයන් විනාශ වූ දේපල අතර තුර ඒ ජනතාවට උරුමකර දී ඇත්තේ ජීවිතය පුරා දුක් විදීමටයි. උතුරේ දී ඔප්පු වූ ඒ සත්‍ය අද දකුණේ දී ද ඔප්පු වී තිබේ.
මිය ගිය සහෝදර ජනතාවට ආචාරය පුදකරමින් ද තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතමින්ද සත්‍යයම තේරුම් ගැනීමට මේ ශෝකජනක අවස්ථාව යොදාගත යුතු යැයි හැගේ.
ච්නයේ නායක මාවෝ සේතුං සහෝදරයා මියගිය විට එරට පුවත්පත්කලාවේදියකු පැවසූවේ මේ සියළුම ශෝකජනක හැගීම් මාවෝ පැතූ ලෝකය ගොඩනැගීමට ශක්තියක් කරගතයුතු බවය.
මේ අවස්ථාවේ සියළුම ශ්‍රී ලාංකිකයන් තුළ පැන නැගී ඇති ශෝකජනක හැගීම් ද ශක්තියක් කරගත යුත්තේ යුධකාමී මහින්ද රාජපක්ෂටත්, වේළුපිල්ලේ ප්‍රභාකරන්ටත් ඇසෙන පරිදි ජනඝාතක යුද්ධය වහා නවතව් යන්න හඩ නගා පැවසීමටයි.
Advertisements

4 thoughts on “ජනඝාතක යුද්ධය වහා නවතව්

  1. no offence the your arltical is the lamest that i have ever seen, that doesn’t make any sence. u souns lyk a bloody terrorist and please if u can stand mahinda juss tell so. whole the nation is backing him with this process. n the provincial elections showed it so.

    anyway u have the freedom to express. but keep in mind “Ballek biruwata kandu pahath wenne naha”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s