මේ වංචනිකයන් පලමුවෙන් පරාජය කරමු.


ඊයේ රාත්‍රියේ පදවියේ දී පිපිරවූ බෝම්බයකින් අහිංසක ජීවිත පහළොවක් බිළිගෙන ඇත. මේ කනගාටුදායක ආරංච්යෙන් කොළඹ සමාජය තිගැස්සී ගියේ නැතත් නුගේගොඩ බෝම්බයේ උණුසුම නම් තවමත් පහව ගොස් නොමැත. එහෙත් කොළඹ සනීප ජීවිත ගතකරන සමාජයට සිත සනසා ගැනීමට පණිවිඩයක් ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර තිබේ.
ප්‍රභාකරන් පරාජය කරන බවට, නුගේගොඩ බෝම්බයෙන් අපට අහිමි වූ මහිංසා නැගෙණිය ඉදිරියේ සපථ කරමින් කොළඹ නගරය පුරා අද අළුයම අලවා ඇති පෝස්ටරය ජන ඝාතක යුද්ධයම ඉල්ලයි. ස්වයං නාශක යුද්ධයට ලෙයින් හා කදුළින් වන්දි ගෙවන අහිංසකයන්ට කොළඹ සනීප ජීවිත ගතකරන සෙල්ලංකාරයන්ගේ මේ විසුළු විකාර තවදුරටත් ඉවසිය නොහැක. එහෙත් කුරහන් සාටකයේ ගෝත්‍රවාදයට පිං සිදුවන්නට අහිංසකයන්ගේ ජීවිත අයිතිය තීන්දු කරන්නේ මේ සෙල්ලංකාරයන්ය.
යුද්ධයෙන් ප්‍රශ්න විසදා ගත් ශිෂ්ඨාචාරයක් අපට තිබූ බව ඇත්තකි.එහෙත් රුදුරු අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගත් සමාජයක් ශිෂ්ඨාචාරයේ ප්‍රාථමිකත්වය කරා නැවත ගමන්ගන්නේ නැත. ගැටුම් නිරාකරණයේ ලා සාකච්ඡා මාර්ගය සාපේක්ෂව නිවැරදි ක්‍රමයක් බව සමාජය තේරුම් ගත්තේ කොන්ටම් පිමි පනිමින් නොවේ. ඒ සදහා ගලා ගිය ලේ හා කදුළු ප්‍රමාණය අති මහත්ය.
එනිසා යුද්ධයම ඉල්ලා සිටීම ශිෂ්ඨාචාරය ආපිට හැරවීමට දරන උත්සාහයක් නොවේ ද?
ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම අවසන් කිරීමට විසුළු බස් දෙඩීමෙන් මේ රටට සාමය උදාකරලීමට ත්‍රස්ත විරෝධි ත්‍රස්තයන්ට කිසිදා හැකි වන්නේ නැත. කුරහන් සාටකය සමාජයට උරුම කරදෙන්නේ දුක හා කදුල පමණි.
Advertisements

4 Comments

  1. මොඩයා… දැන් මොකද කියන්නේ?
    ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන් පරාජය කරන්න පුළුවන් කියලා දැන්වත් තොගේ කඩල ඇටයක් තරම්වත් මොලේට තේරෙන්නේ නැද්ද?

    ත්‍රස්ත විරෝධීන් මේ රටේ නොසිටින්න, ත්‍රස්තවාදීන්ට මේ රට යටත් වන්නට තිබූ අවධානම නැති උනා. එනිසා දකුණේ මානසික යුද්ධය හරියාකාරව සිදුකළ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ඇතුලු සියළුම ත්‍රස්ත විරෝධීන්ට ජයෙන් ජය!

  2. ඔබ කියන්නේ ඇත්තය . පාදඩ දේශපලකයන්ගේ තනතුරු රැකගැනීම වෙනුවට ජීවිත පූජ කරන්නට සිදුවී ඇත්තේ අහිංසක වැසියනට. පිස්සුවෙන් උඩුබුරලන ත්රස්ත විරෝධීන් කෑගසන්නේ කොළඹ පිහිටි අධි ආරක්ෂිත කලාප තුල සිට මිසක් මායිම් ගම්මනවල සිට නොව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s