කිංස්ලි ඔබට ආයුබෝවන්………….


යුKingsleyTWickramaratne.එන්.පී. දාහත් වසරක පාලනයේ උච්චතම හා උද්දච්ඡම අවස්ථාව වූයේ යූ.එන්.පී. විරෝධි පාලනයකට නතු වූ දකුණු පළාත් සභාව අන්තනෝමතිකව විසුරුවා හැරීමයි. එම ඒකාධිපති පාලනයට එරෙහි පළමු වෙඩි මුරය වූයේ 1994 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයයි.
එම පළාත් සභා මැතිවරණයේ දී පොදු ජන එක්සත් පෙරමුණේ පළමු මැතිවරණ ප්‍රචාරක රුස්වීම පැවැත්වූයේ පිටිගල නගරයේ දී ය.

එම මැතිවරණ වේදිකාව ඉතිහාස ගත වූවකි.

ජනතා මිතුරෝ හරහා ජාතිවාදයට ගිනි පිඹීම ආරම්භ කළ චම්පික රණවක පොදු පෙරමුණේ මැතිවරණ වේදිකාවට පළමු වරට නැග්ගේ එදාය.

චම්පික රණවක ඈත පිටිසර ගැමියන්ගේ නිල අල්ලමින් හැගීම් බර කතාවක් පවත්වත් දී එක් නාගරික දේශපාලකයෙක් ලෝක යථාර්තය සරල වචනයන්ට පෙරළූයේ මෙසේය.

………..යන්න එම්සී එකට යන්න, යන්න ලිබර්ටි එකට යන්න, ලෝකේ තියෙන නෑම භාණ්ඩයක් තමුන්නාන්සේලාට එතැනින් ගන්න පුළුවන්, ඒත් මේ නිදහස ගමේ ජනතාවට තියෙනව ද? නෑ එහෙනම් කොහේද විවෘත ආර්ථිකයක් තියෙන්නෙ?……….

……රුසියාවෙ සමාජවාදය බිදවැටුණට ලෝකයේ මාක්ස්වාදය අහෝසිවෙලා නෑ. හතර වැනි ජාත්‍යන්තරය තවමත් තියෙනවා. ධනවාදයත් මාක්ස්වාදයත් එකි නෙක පොර බදමින් වඩා නිවැරුදි දේ ඉදිරියට යනවා……

………මම දන්න කාලෙ ඉදලා වාමංශිකයො පෙලපාලී ගියේ ධනවාදය භංග වේවා කියල. ඒත් තවමත් ධනවාදය වත් ධනපතියො වත් භංග වෙලා නෑ. එක්තරා කාලෙක ලෝකෙ වැඩි වටිනාකමක් ලැබුණෙ ධනයට. ඒ කාලෙ ධනපතියො ධනය ගොඩගැහුවා. ඊ ලගට ශ්‍රමයට වැඩි ව�නාකමක් ලැබුණා. ඒ කාලෙ ශ්‍රමයටත් ලොකු ඉල්ලමක් තිබුණා…………..

…….නමුත් සහෝදරවරුනි, දැන් ඉතිහාසය වෙනස් වෙලා. දැන් ලෝකෙ වැඩි වටිනාකමක් ලැබෙමින් පවතින්නේ මේ එකකටවත් නෙමෙයි. දැන් ලෝකේ වැඩි වටිනාකමක් ලැබෙමින් පවතින්නෙ දැනුමට. යමෙක් දැනුමෙන් සන්නද්ධ නම් මේ ආර්ථිකය තුළ ලොකු ඉඩක් තියෙනවා දියුණු වෙන්න. ඉදිරි සිය වසේ ලෝකෙ ආධිපත්‍ය රුදෙන්නෙ ධනය මතවත් ශ්‍රමය මතවත් නෙමෙයි දැනුම මත බව මම කියන්න �න………

නවීන කාගෝ ට්‍රවුසයකින් ද ඊටම ගැලපෙන සාක්කු හතරේ කමීසයකින් ද සැරසී ඈත පිටිසර ගැමියන්ට ධනපති දේශපාලනයේ ගෝලීය හැඩ තල මේ අන්දමින් පැහැදිලි කළේ ඊයේ තම ජීවිතයේ අවසන් හුස්ම හෙළූ ජේෂ්ඨ අමාත්‍යවරයකු වූ කිංස්ලි ටී වික්‍රමරත්නයි.

නවීන ඉදිරි දැක්මක් සහිතව දේශපාලනයේ නිරතවන්නන් මේ රටට හිගය. දක්ෂිණාංශික පක්ෂ තුළ වේවා වාමාංශික පක්ෂ තුළ වේවා බහුතරයක් සිටින්නේ මළ ගෙවල් රූ පහන් කර ඡ්න්ද ලබා ගන්නා අනේ හොද මහත්වරුන් පමණි. එහෙත් හොද ධනපති නවීනකාරකයකු වූ කිංස්ලිට යම් දේශපාලන දැක්මක් තිබුණි. ඔහු සිහින දැක්කේ ඇතිවුන්ට නැතිවෙන්න ඉපයීමටත් නැතිවුන්ට නැතිවෙන්න සහනාධාර ලබා දීමටත් හැකි ක්‍රමයක් ගැන නොවේ. ඔහු සිතුවේ කතා කළේ ලියුවේ සාධාරණ සමාජයක් ඇති කිරීමටයි.

කිංස්ලි පැතූ ඒ සාධාරණ සමාජය ධනපති සමාජයක් වීම වෙනම කතාවකි.

එහෙත් බඩ ගෙඩි වලට කතා නොකර ඔළු ගෙඩි වලට කතා කිරීම මේ පොළොව තුළ කළු ගලේ ඔළුව ගසා ගැනීමකි. නිෂ්පාදන පිරි වැය වැඩි ආර්ථික බෝග මෙරටෙහි වගා නොකර පිටරටින් ආනයනය කිරීමට උත්සාහ ගත් නිසා වෙළෙද ඇමතිවරයා ලෙස කිංස්ලි අසාර්ථක වුණි.ඒ නිසාමදෝ ජනතා දේපළ කොල්ල කෑ, සල්ලාල, හොර තක්කඩින් 2000 මහා මැතිවරණය ජය ගනිද්දී එක් ඇමති ධූර කාලයකින් සෑහීමකට පත් වුණ කිංස්ලිට ගෙදර යෑමට සිදු වුණි.

කිංස්ලි ගෙදර ගොස් නිකන් හිටියේ නැත. ආර්ථික විචාරකයකු, මතධාරියකු වශයෙන් ඔහු එක්තරා නාලිකාවකට තම සම්පත් දායකත්වය ලබා දුනි. කිංස්ලි වඩා සාර්ථක වූයේ එවර යැයි මට සිතේ.

එහෙත් එන පොට හොද නැති වග තේරුම් ගත් පාලකයෝ කිංස්ලිට ආණ්ඩුකාර කටු ඔටුන්නක් පැළද වූහ. කිංස්ලි නිහඩ වූයේ ඇයිදැයි මට සිතා ගත නොහැක.

කිංස්ලි දේශපාලන වශයෙන් අසාර්ථක වූවා යැයි කීම ඔහුට කරන අවමානයක් නොවේ. පිං පඩි ලබා දී සහනාධාර ලබා දී තොග ගනනින් ආණ්ඩුවේ රුකියා ලබා දී සාර්ථක දේශපාලනයක නිරත වීම කිංස්ලි නොරිස්සුවා නො අනුමානය. එහෙත් දැක්මක් සහිතව දේශපාලනයේ නිරත වූවකු ලෙස ඔහු අතිශය සාර්ථක ය.

අවසන් ගමන් යන මේ මොහොතේ කිංස්ලි ගැන කීමට ඇත්තේ එපමණකි.

කිංස්ලි ඔබට ආයුබෝවන්………….

Advertisements

2 thoughts on “කිංස්ලි ඔබට ආයුබෝවන්………….

  1. වර්තමානයේ හෝ අනාගතයේ හුදෙක් දැනුමට පමණක් වැඩි වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඒක මහ ඔලමොට්ටල කතාවක්!
    ඒ ගැන කිංස්ලිට වඩා චම්පිකට වැඩි දැනුමක් ඇති බවයි මගේ හැඟීම. චම්පික ඒ පිළිබඳව දරණ මතය දැන ගැනීමට ඔහුගේ “සංවර්ධන‍යේ තුන්වෙනි යාමය” පොත කියවන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s