තෙල් මිල අඩු නොකරනු………… එහෙත් ජනඝාතක යුද්ධය වහා නවතනු………..


JVP_Protest_1_23_April_2002ලෝක වෙළෙද පළේ බොර තෙල් මිල අඩු වූ සැනෙන් ඒ සහනය දේශීය තෙල් පාරිභෝගිකයන්ට ලබා දෙන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ ලොකු උද්ඝෝෂනයක් ඇරඹුවේ මේ නොබෝදා ය. ඒ සැනෙන් එයම පුනරුච්චාරණය කළ එක්සත් ජාතික පක්ෂය ද මේ ගැන පාර්ලිමේන්තුවේ දී හඩ නැගුවේ ය. එපමණකින් නොනැවතුන ඔවුහු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවෙමින් බල කර කියා සිටියේ තෙල් මිල අඩු කර වහා ජනතාවට සහන සලසන ලෙස ය.
ලෝක වෙළෙද පළේ අඩු වූ තෙල් මිල සහනය ජනතාවට ලබා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව පවසන්නේ විවෘත කතාවකි. පසුගිය කාලයේ ලෝක වෙළෙද පළේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගිය සැනින් දේශීය වෙළෙද පළේ තෙල් මිල ඉහළ නොදැම්ම බවත් එසේ ඉහළ දැම්මා නම් ජීවන වියදම දැරිය නොහැකි වන නිසා රජය එම මිල දරා ගත් බවත් ආණ්ඩුව පවසයි.තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවල දී ද ඉහළ දැම්මේ ලෝක වෙළෙද පළේ මිලට සාපේක්ෂව නොවන බවත් යම් පාඩුවක් රජය දැරූ බවත් ආණ්ඩුව පවසයි. එනිසා ලෝක වෙළෙද පළේ අඩු වූ තෙල් මිලේ සහනය ක්ෂණිකව ජනතාවට ලබා දුන්නොත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා හැකි නොවන නිසා එසේ කිරීම මේ අවස්ථාවේ දී අපහසු බව ආණ්ඩුවේ අදහසයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේත් ආණ්ඩුවේත් පාලකයන් සිදුකරන දහසකුත් එකක් වංචා හා දූෂණ මධ්‍යයේ වුව ද තෙල් මිල අඩු කිරීම අපහසු බවට ආණ්ඩුව කියන මේ කතාවට පදනමක් ඇති බව නම් නොකියාම බැරිය. කාලයක් තිස්සේ ඉහළ යන තෙල් මිලේ කම්පනය දරා ගත් රජයට තෙල් මිල අු කරන ලෙස යූ.එන්.පියත් ජේවීපියත් බල කරන්නේ මේ යථාර්තය නොදැන නොවේ. එක්කෝ මේ පක්ෂ දෙකම රාජ්‍ය පාලනයේ විධි ක්‍රම නොදනී. එක්කෝ ඔවුහු බොර දියේ මාළු බාන කපටි රුලකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ විපක්ෂයේ සිටියා නම් ඔහුන් ද මේ සටන් පාඨය හ තලන්නේ මීට නොදෙවෙනි අයුරිනි.ලෝක වෙළෙද පළේ තෙල් මිල ඉහළ යන
විට දේශීය වෙළෙද පළේ ද තෙල් මිල ඉහළ යවන්නේ නම් අපට ආණ්ඩුවක් මොකටදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උජාරුවෙන් ඇහැව්වේ යූ.එන්.පී ආණ්ඩු කාලයේ තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවකය. රාජ්‍ය පාලනය ගැන නොදන්නා සටකපට දේශපාලන පක්ෂ වලින් මීට වා යමක් බලාපොරුත්තු වීම ද විහිළුවකි.

තෙල් මිල අඩු කරන්නැයි මොර දෙන මේ හැම පක්ෂයක් ම ජන ඝාතක යුද්ධයට එක හඩින් පක්ෂය. යුද්ධය හරියට නොකරනවා යැයි නහයෙන් ඇඩීමට පමණක් ආණ්ඩුව විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ සෑම මාසයකටම වරක් පාර්ලිමේන්තුවේ දී අත් දෙකම ඉහළට ඔසොවා හදිසි නීති යෝජනාවට පක්ෂ වෙති. ඇමෙරිකන් අධිරාජ්‍යවාදයක් ගැන ද බටහිර ආර්ථික බූවල්ලන් ගැන ද නන් දොඩවන ජෙ.වී.පීය යුද්ධය සදහා රාජපක්ෂ රෙජීමයට ආධාර දීමට බටහිර හැත්ත බුරුත්තම මෙරටට පැමිණෙද් දී නිහව සිටිති. යූ.එන්.පීය හදිසි නීතියට නපුංසකව ප්‍රතිචාර දැක්වූව ද යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඩනෑම ක්‍රියාවකට ඔවුහු පක්ෂ ය. සාමය සදහා ගිවිසුමක් අත්සන් කළ යූ.එන්.පීය එම ගිවිසුම මේ ආණ්ඩුව අවලංගු කරන විට මුනිවත රුකීමෙන්ම යුද්ධය සම්බන්ධයෙන් ඔහුන්ගේ ස්ථාවරය පැහැදිලි වේ.

තමන්ගේම රටේ ජනතාව මරා දැමීම සදහා ආණ්ඩුව රජයේ ආදායමෙන් විශාල මුදලක් වැය කරයි. එවැනි අවස්ථාවක ජනතාවට සහන දෙන්නැයි පැවැසීම සටකපට කමකි. ඔම්ලට් කනවා නම් බිත්තර බිදෙනවා ඉවසිය යුතුය. යුද්ධයට පක්ෂ කිසිම බලවේගයකට තෙල් මිල අඩු කරන්නැයි උද්ඝෝෂනය කිරීමේ අයිතියක් නැත්තේ එබැවිනි.

Advertisements

3 thoughts on “තෙල් මිල අඩු නොකරනු………… එහෙත් ජනඝාතක යුද්ධය වහා නවතනු………..

  1. තමන්ගේම රටේ ජනතාව මරා දැමීම සදහා ආණ්ඩුව රජයේ ආදායමෙන් විශාල මුදලක් වැය කරන බව ඔබ පවසයි. රජය මරා දමන්නේ රටට වින කරනා කොටින්ව මිස අහිංසක ජනාතාව නම් නොවේ.කොටින් දෙමල ජනතාවට මේ රටෙන් කොටසක් ඉල්ලා සටන් වදි(ඒකිය භාවය නැති කිරිමට, දෙකඩ කිරිමට). ඔබ පවසන්නේ කොටින්ට උඩින් බෝම්බ නොදමා, මරා නොදමා රටෙන් කොටසක් ලබා දෙන ලෙසටද? අහෝ!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s