ගණිකාවකගේ පතිවත සෙවීම


karuna_amman
අවසානයේ දී කරුණා අම්මාන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය.

ක්‍රම විරෝධි සටන්කරුවකු කොන්දේසි විරහිතව පවතින ක්‍රමයේ ම කොටස්කරුවකුවීම ඉතිහාසයේ අහඹුවක් හෝ පුදුමයට හේතුවක් හෝ නොවේ. එහෙත් ඉතිහාසය ලියවෙන්නේ ක්‍රමයේ සරණ පැතූ ඒ අසරණයාගේ ක්‍රියාකාරකම් අනුව නොවන බවට මිනිස් ඉතිහාසය පුරාම සාක්ෂි පවතී.කරුණා විශ්‍රාම ලත් සටන්කරුවකු වීමවත්, ආගමන විගමන නීති උල්ලංඝනය කර එංගලන්තයේ දී සිර දුවම් විදීමවත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන මේ මොහොතේ දී වැදගත් වන්නේ නැත.

එහෙත් හය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දිවුරා ඒකීය රාජ්‍යයකට යටත් වූ පමණින් කරුණාගේ දේශපාලන අදහස් හා මතිමතාන්තර වෙනස් නොවේ. අවි දරන හා නොදරන සියළු දෙමළ නායකයන් තිම්පු සාකච්ඡා වල දී දැරූ පොදු ප්‍රතිපත්තියෙන් මේ වනතුරු කිසිවෙක් ඉවත් වී නොමැත. කරුණා අම්මාන්ට ද මේ පොදු සාධකය වලංගුය.

දෙමළ ෆෙරල් පාලනයක් පිළිනොගන්නා බව හෝ ඒකාබද්ධ උතුරු/නැගෙනහිර පළාත දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි නොවන බව හෝ දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය අනවශ්‍ය බව හෝ කරුණා මේ වනතෙක් කිසිවිටෙකත් ප්‍රකාශ කර නැත.

කරුණා අම්මාන්ගේ දේශපාලන භාවිතය ප්‍රතික්ශේප කිරීමට නොව සංවාදයට ලක් කිරීමට සුදුසු වන්නේ මේ නිසාය.

කරුණා අම්මාන්ගේ පාර්ලිමේන්තු ආගමනයට පක්ෂ වන්නන් ද විපක්ෂ වන්නන් ද එසේ කටයුතු කරන්නේ අවංක අරමුණෙන් නොව දේශපාලන කුහක අරමුණෙනි. සටන් විරාම ගිවිසුම නිසා රට දෙක වන බව පැවැසූ ජාතික හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ කරුණ සම්බන්ධයෙන් හැසිරෙන්නේ කසාය බිව් ගොළුවන් සේ ය. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු නපුංසක වෘතයම රග දක්වනු පෙනේ. දෙමළ ගැටළු වලට සාධාරණ විසදුම් ඉල්ලන්නා වන්නි කොටියකු නම් කරුණා අම්මාන් පුල්ලි මාරු කර ගත් කොටියකු නොවේ දැයි විමල් වීරවංශ පැහැදිලි කළ යුතුය.

කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය දකුණේ දේශපාලනය තුළ ඇති කර ඇත්තේ මුස්පේන්තු කුහක කමක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට එය කතා කළ යුතු කරුණක් වී ඇත්තේ වසන්ත සමරසිංහ සහෝදරයාගේ මන්ත්‍රී ධූරය එමගින් උදුරා ගත් නිසා ය. මේ දිනවල ඇලවී ඇති පෝස්ටර්ස් වලින් සමාජ ගත වන්නේ එ නිසා ඇති වූ කුහකකමේත්, ඊර්ෂ්‍යාවේත් කම්පනයයි.

2004 දී චන්ද්‍රිකා/සෝමවංශ සංධානය විසින් විසුරුවා හැර කට වාචාල කමින් පරාජය කළේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබූ ආණ්ඩුවකි. උතුරට අහසින් ගොස් බෝම්බ දමා මෙරටේම ජනතාව සමූල ඝාතනය කරන්නේ ද දේශප්‍රේමයේ නාමයෙනි. රාජපක්ෂ රෙජීමය ව්‍යස්ථා විරෝධිව රාජ්‍ය පාලනය කිරීම ද සැළකිය යුතු දෙයක් නොවේ. එහෙත් තමන්ට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය උදුරා ගැනීම නම් බරපතල සදාචාර විරෝධි ක්‍රියාවකි.

එහෙත් මේ අවිචාරය මේ රටේ දේශපාලන නූගත් භාවය සම්බන්ධයෙන් වූ බරපතල ප්‍රශ්ණයකි. නමුත් විමසා බැලිය යුත්තේ එය නොවේ. රාජපක්ෂ රෙජීමයේ සදාචාරය සෙවීමට යෑම ගණිකාවකගේ පතිවත සෙවීමට යෑම තරම් විහිළුවක් බව ජනතා විමුක්ති පෙරමුණට නො වැටහීම වහා විමර්ශනය කළ යුතු දේශපාලන කරුණකි.

Advertisements

3 thoughts on “ගණිකාවකගේ පතිවත සෙවීම

  1. අයියේ අපිට කියන්නකෝ එහෙනම් මේකට විසඳුම මොකද්ද? කියලා බලන්න. ඔයා ඉතින් දන්නවා ඇතිනේ. ඔයා කියන්නේ ප්‍රභාකරන් මහත්තයා මේ බෝම්බ දාන්නේ සාධාරණ හේතුවකට කියලා නේද? ඔයා මාධ්‍යවේදියෙක් නේ නේද? ඒක හින්දා වෙන්ට ඇති ඔච්චර ලස්සනට ඔයාට ප්‍රභාකරන්ගේ මනස තේරුම් ගන්න පුළුවන්. අනේ මොන වාසනාවක්ද? පර චිත්තවිඥානේ.

  2. mata mehema deyak therum giaya aun matha noivaseema gena katha karna oba thuma .dana commonets ivath karanne ai mona thathvayen thibath ay hama adhasakma ay ay puglayage danum therum kama matha liyana adahsak ne ay nisa mona mattamaka thibath eva pala karana eka ekai wenna one oba pahadili kaeala tiyena akarayata eth oba thumata vasi wena commnts vithark thiyeddi ai anik eva aink karla thiyenne kiyna parnanaya mata awa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s