කාලය පැමිණ ඇත.


POLITICමෙරට දෙමළ ජනතාවට බරපතල දේශපාලන ප්‍රශ්න පවතින බවත්, ඒ නිසාම සිංහල මහ ජාතිකවාදී ආණ්ඩුව ඔහුන් නොසලකා හැර ඇති බවත් පිළිගනිමින් ඒ වෙනුවෙන් සටන් කළේ මෙරට සම්ප්‍රදායි වාමාංශිකයයි. සම්ප්‍රදායි වාමාංශිකයත් වාමාංශික නායකයනුත් කොතෙක් බරපතල පාවාදීම් ද අනේක විධ වූ බරපතල අපරාධයන් ද සිදුකළත් අ‍ලුත් ජාතිකවාදී වාමාංශියකයත් ඔහුන්ගේ නායකකාරකාදීනුත් සිදු කළ හා සිදුකරමින් සි‍ටින පාවාදීම් ද අපරාධයන් ද සැලකූ විට පැරන්නෝ ගෞරවනීය බව ඔහුන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් සටහන් කළ යුතුය.

මෙරට ධනපති නායක නායිකාවන් දශක කිහිපයක් තිස්සේ මිනිස් ජීවිත සමග කළ දේශපාලන ක්‍රිඩාව ගැන නැවත සිතා බැලීමට ඔහුන්ට සිදු වූයේ දෙමළ කැරළිකාරත්වය විසින් යකඩ‍නේ හා ලෙයින් ප්‍රතිචාර දැක්වීමට පටන් ගත් විටය. දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න නොපවතින බවත් ත්‍රස්තවාදයක් පමණක් පවතින බවත් පුන පුනා කී සිංහල ස්වෝත්තමවාදී කොළඹ දේශපාලනය තුළ ඊට ප්‍රති විරුද්ධ මතයක් ප්‍රථමයෙන් කී පළමු ධනපති දේශපාලන නායිකාව වූයේ චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංගයි.

දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න පවතින බවත් ඊට විසදුමක් ලෙස ෆෙඩරල් ආකාරයේ බලය බෙදී ගිය රාජ්‍ය ආකෘතියක පිහිටා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවත් ඈ කීවාය. මේ කස පිපිරීම මහ පොළව මත දේශපාලන සංවාදයක් බවට පත් වූයේ 1994 දී පැවැති දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේ දී ය. ඒ වනවිට රනිල් වික්‍රමසිංහ පවා සිට‍‍යේ දෙමළ ජනතාවට ප්‍රශ්නයක් නැත, ඇත්තේ ත්‍රස්තවාදයක් පමණි යන එවකට ජනාධිපති ඩී.බී. විජේතුංග ගේ මතවාදයේ ය.

එහෙත් පසුව සියල්ල කන පිට හැරුණි. ඉතිහාසය නැවත ලිවීමට වැඩි කලක් ගත නොවුණි. දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න පවතින බවත් ඒ සදහා දේශපාලන විසදුමක් ලබාදිය යුතු බවත් හොරෙන් හොරෙන් හෝ පිළිගැනීමට මෙරට ධනපති පක්ෂ දෙකටම අවසානයේ දී සිදුවුණි. ඒ සදහා මෙරට ජනතාවට හැලීමට සිදුවූ ලේ හා කදුළු ප්‍රමාණය කොපමණ වුවත් සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිහින දකින කවරෙකුට වුවද ඇතිවූ දේශපාලන වටපිටාව සතුට දනවන්නක් විය.

දෙමළ ජනතාවගේ රුධිරය හා මාංශ ම ඉල්ලන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න පවතින බව ධනපති පක්ෂ දෙකම පිළිගනී. එපමණක් නොව වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුණ ද පිළි ගනී. එහෙත් විසදුමක් ලෙස බලය බෙදාහරින නව රාජ්‍ය ක්‍රමයකට යා යුතුය යන කාරණයේ දී මේ සියළු අවස්ථාවාදීහු අන්ත ජාතිවාදීන් සමග යහන් ගත වෙති.

නමුත් දෙමළ ජනතාවගේ ඔළු ගෙඩි වලට ඉහළින් බෝම්බ අතහරින මේ මොහොතේ දී පවා දකුණේ දේශපාලන භූමිය සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිහින දකින්නන්ට සිතන තරම් අවාසනාවන්ත නැත. ඒ මෙරට ජනතාව හැලූ ලේ හා කදුළු ප්‍රමාණය ගැන වැටහීමක් ඔහුන්ට ඇති බැවිනි.

සමාජය අති විශාල කැප කිරීමකින් ලබා ගත් දේශපාලන අවබෝධය ගැන තවමත් අංශු මාත්‍රයක වැටහීමක් නැත්තේ කොළඹ ඉහළ මාධ්‍යම පාන්තික සමාජයේ සනීප ජීවිත ගත කරන කිහිප දෙනෙකුට පමණි. මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ සුළු තරයට දේශපාලන විකෘති බලයක් ලැබී ඇති නිසා සමාජය ලේ හලා ලබා ගත් දේශපාලන බුද්ධිය ගැන නන් දොවති.

අහඹු දෑ සිදුවීම ඩ්නෑම සමාජයක සිදු වේ. එහෙත් ඒ නිසා ඒ මත ඉතිහාසය ලියවෙන්නේ නැත. දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් පවතී ද යන්න ගැන වාද කිරීම මේ වනවිට තේරුමක් නැති කාලය කා දමන ප්‍රස්තුතයකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු ද ප්‍රතිසංස්කරණවාදීහු ද මේ මොහොතේ වාද කළ යුත්තේ ප්‍රතිසංස්කරණය කළ යුතු රාජ්‍යයේ ආකෘතිය කවරාකාර ද යන්න පිළිබදවයි.

නො එසේනම් ප්‍රමාදයට ගෙවූ වන්දිය තක්සේරු කිරීමට කිසිවෙක් ඉතුරු නොවනු ඇත.

Advertisements

13 thoughts on “කාලය පැමිණ ඇත.

  1. අදහස් ඉවත් නොකර තියෙන්වානම් තමා හොඳ. මොකො අපි කැමති වගේම අකමැති එවාත් තියෙන්න එපායැ

  2. සමාවෙන්න, නමුත් මගේ ලිපියට අදාළ නොවූ නිසයි ඉවත් කළේ.
    ශාන්.

  3. සරත් මහත්මයගෙ comment එක delete කිරීම අසාධාරණයි. ඔහු වැරදි දෙයක් කියන්නෙ නැහැ.

  4. ඔ‍බේ බ්ලෝග් එකට අනෙක් අය අදහස් දක්වනවිට ඔබ ඉදිරිපත් කරන අදහස අනුමත කරන
    comment පමණක් ඉදිරිපත් කිරීම කළයුතුයැයි
    ඔබ තරයේ සිතන්නේනම්,
    එවිට
    ඔබත් අන්තවාදී අදහස් දරන්නෙක් බවට නිකම්ම පත්වෙනවා නේද ?

  5. කාලයක් තිස්සේ කිසිම විවේචනයක් මවිසින් ඉවත් කළේ නැහැ. නමුත් අන්මත ඉවසිය නොහැකි සමහරුන් නිසා මම එසේ කිරීමට තීරණය කළෙමි. අසභ්‍ය වචන හා අදාළ නොවන ප්‍රකාශ ඉදිරියටත් ඉවත් කරමි. මගේ මතයට එකග නොවන මත ඉවත් කරන්නේ යැයි කිසිවිට නොසිතන්න. සභ්‍ය ලෙස කරන විවේචනයකට මා ඉතා කැමැතිය. ඉදිරියේ දී ත් මවිසින් යමක් ඉවත් කර ඇත්නම් ඒ අසභ්‍ය හෝ අදාළ නොවන දෑ බව කාරුණිකව සලකන්න.

    මෙහි ඉතා හාස්‍යජනක යමක් ද ඇත. විවේචන මවිසින් ඉවත් කිරීම අසාධාරණ යැයි කියන ශාකුන්තල වෙනත් බ්ලොග් සටහනක මාව හදුන්වා දී ඇත්තේ මානසික ලෙඩෙකු වශයෙනි. ඔබට මම අනුකම්පා කරමි.

    කරුණාකර සභ්‍ය ලෙස මා දරුණුවට විවේචනය කරන්න.

    සියළු දෙනාට ස්තුතියි.

    ශාන්.

  6. ඔබ ඉවත් කල ප්‍රතිචාර මෙම සටහන හා කෙලින්ම අදාල නොවූවද ඒ හා බැඳුණු භාෂණයේ නිදහස හා බැඳී ඇති බව සිතමි. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ කටයුතු ඔබට අභිමත පරිදි සිදු කිරීමට ඇති අයිතියට හිස නමන අතර මින් ඉදිරියට ප්‍රතිචාර පල නොකරමි.

  7. කණගාටුයි!!!!

    ඔබේ බ්ලොග් අඩවියේ අන්තර්ගතය ගැන තීරණය කරන්න ඔබට අයිතියක් ඇති බව ඇත්ත. එහෙත් මේ ආකාරයට අදහස් වාරණය කිරීමෙන් ඔබෙත්, ප්‍රතිවාදී මත නොඉවසන්නන්ගේත් වෙනසක් නැතිව යනවා.
    විශේෂයෙන් මෙවන් සංවේදී මාතෘකාවක් ගැන වන සටහනක.
    සිදුවෙච්ච ‍දේ නිවැරදි කළොත් හොඳයි නේද? වැරදියට හිතන්න එපා. මේක මිත්‍රශීලී ඉල්ලීමක් විතරයි.

  8. මගේ බුමුතුරුණු බ්ලොග් සටහනේ තබන ප්‍රතිචාර මා විසින් ඉවත් කිරීම ගැන බොහෝ දෙනෙක් නොසතුට පළ කර ඇති අතර ඒ ගැන සදහන් කරමින් පවසන්නේ මා විරුද්ධ අදහස් මර්ධනය කරන බවයි.

    මෙය නම් පුදුම ප්‍රජාතන්ත්‍රවාදයකි.

    මගේ බ්ලොග් සටහනේ තබන අමු තිත්ත කුණු හරුප ප්‍රතිචාර ඉවත් කිරීම වරදක්ද්? එසේම මගේ අදහස් වලට විෂයානුගත සම්බන්ධයක් නැති සටහන් ඉවත් කිරීම වරදක් ද?

    මෙරටෙහි ධනේෂ්වර නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. එහි විවාදයක් පැවැත්වෙද්දී ඒ මැදට යමෙක් කඩා පැන මෙතන දේශපාලනය කතා කරන්න එපා, මෙතන රටේ සිදුවන දෑ කතා කරන්න එපා, ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න එපා යැයි පැවසුවහොත් කතානායක ඊට ඉඩ දේ විද?

    මේ රට ප්‍රජාතාන්ත්‍රික නිසා ඔබට ද ඔබේ අදහස් කීමට ඉඩක් ඇතැයි පවසා පැවැත්වෙන විවාදය නවතා කතානායක විසින් මුලින් කී පුද්ගලයාට ඔහුගේ අදාළ නොවන දෑ කීමට ඉඩ දුන්න හොත් පාර්ලිමේන්තුවටත් රටටත් කුමක් වේද?

    මම නම් එවැනි විනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයකට කැමැති නැත.

    සරත් ගුණතුංග ගේ ප්‍රතිචාර මා විසින් ඉවත් කළේ ඒ අර්ථයෙනි.

    වළං කඩේට පැන වළං බිදින පිං ගොනුන්ට මා ඉඩ නොදෙමි. මගේ බ්ලොග් සටහන මා නඩත්තු කරන්නේ විනයකට අනුවය.

  9. හමුදා සටන් කරන්නේ “දෙමළ ජනයා” ට එරෙහිව ව මම පිළි නොගනිමි. ඔබ එය පුනා පුනා සඳහන් කළද එය ඔප්පු කිරීමට හේතු සාධක නොදක්වයි.

    ඔබගේ මෙම පෝස්ටයේ පදනම වන්නේ ඉහත ස්ථාවරය නිසා, කරුණාකර එය සනාත කරන්න. නැති නම් ඔබ සටහ්න කළ අදහස් අර්ථ විරහිත වනු ඇත.

    එකී සනාථනය මින් පෙර පෝස්ටයක සිදු කර ඇත්නම් කරුණාකර එම පොස්ටයේ ලිපිනය ලබා දෙන්න.

  10. එලාර නම් වූ ආක්‍රමණිකයා මියයන විට යමක් කීවාලු .
    “මම නුඹේ ජාතියට විනාශය කැදවන්නේ සිංහලයෙකු ලෙස පැමිණයි.”

    ඒ සිංහලයා ඔබදැයි කියා මට විටක සිතුණි.
    නමුත් ඔබ වැනි තවත් දේශද්‍රෝහීන් සිටින බව දන්නා නිසා … එසේ නොසිතමි .

  11. What sort of ethics is sending bulk mail and increasing your hit count. If you are so concerned about disciplined democracy think about that too.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s