මහින්ද රාජපක්ෂ රෙජීමය හා ප්‍රාග්ධන මාධ්‍ය


pic02ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැට තුන් වැනි ජන්ම දිනය වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර ගායනයට මෙරට බොහොමයක් මාධ්‍ය එක පෙළට සිට ගත්තේ තරගයකට මෙනි. ඒ වෙනුවෙන් සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරු ද නොපැකිළිව අත් වැල් ඇල්ලූහ.

මේ මාධ්‍යයන් ද විශ්ව විද්‍යාල ඇදුරන් ද පවසන පරිදි මහින්ද රාජපක්ෂ චරිතය සියළු ජාතීන් එකට එක් කළ ඝෘජු නායකත්වයකින් යුක්තය. එසේම කො‍‍ටි ත්‍රස්තවාදයට නොබියව මුහුණ දෙමින් එය පරාජය කිරීමට වෙහෙසෙන එඩිතර නායකත්වයකින් යුක්තය.

එහෙත් මේ මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආණ්ඩුවේ දැරූ භූමිකාව වූයේ කැබිනට් රහස් මාධ්‍යයන්ට හෙළිදරව් කිරීමත් ජනාධිපතිනිය හා කුළල් කා ගැනීමත් පමණි. එපමණක් නොව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දරද්දී විපක්ෂ නායකත්වය දරමින් පවා මහින්ද රාජපක්ෂ කළේ ජනාධිපතිනියගේ රහස් යූඑන්පීයට දැනුම් දීම පමණි.

ජනප්‍රිය දේශපාලන චරිතයකින් හෙබි ඔහු සියල්ලන් ප්‍රමෝදයට පත් කරමින් සියල්ලන්ගේ ආකර්ශනය දිනා ගත්ත ද ගැඹුරු දේශපාලන ප්‍රශ්න වල දී මුනිවත රැකීය.2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කළ මොහොතේ දී පවා මහින්ද රාජපක්ෂයන්ට දේශපාලන භූමිකාවක් නොවීය. ඔහු කල් බැලූවේ ඔළු ගෙඩි ගණන වැඩි වන්නේ කිනම් පිලකට ද යන්න දැන ගැනීමටය.

රාජපක්ෂ රෙජීමය තුළ ගොඩ නැංවූ ප්‍රධාන දේශපාලන තර්කනය වන්නේ ශ්‍රී ලංකාව ඒකීය රටක් විය යුතු බවය. රාජ්‍යයේ බලය කොළඹට කේන්ද්‍ර ගත කිරීම එහි අර්ථය වන අතර සිංහල බෞද්ධ අධිපතිවාදයේ අපේක්ෂාව ද එයම වේ. එවැනි කේන්ද්‍ර ගත රාජ්‍යයක සුළු ජාතික ජනතාවට පැවැත්මක් නැත.

මහින්ද රාජපක්ෂ නැමැති සිංහල බෞද්ධ දේශපාලන කවන්ධයට දේශපාලන ශීර්ෂය සැපයූවේ විමල් වීරවංශ ත්, චම්පික රණවක ත් ය. ඒ දේශපාලන පංචස්කන්දයට මිලිටරිමය බලය සැපයූවේ ගෝඨාභය රාජපක්ෂ ත් සරත් ෆොන්සේකාත් ය. බියකරුම කාරණය වන්නේ ඔහුන්ගේ මහන්සියෙන් දර දිය ඇද ගොනැංවූ ශ්‍රී ලංකා රාජ්‍යය අන්ත පසුගාමී අන්ත වර්ගවාදී හා බැහැර කිරීම්වාදී වීමය.

ශ්‍රී ලංකා රාජ්‍යය මෙවැනි මූලධර්මවාදී ස්ථාවරයකට යෑම කණ්ඩායම් දෙකකට වාසිසහගත විය. එක් කණ්ඩායමක් වන්නේ අවි ජාවාරම්කරුවන් ය. අනෙක ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි අන්තර් ජාතික ධනපති පංතියයි. යුද්ධයක් පවතින ඩ්නෑම රටකට අවි ජාවාරම්කරුවන් ආදරය කිරීම අලුත් දෙයක් නොවූවත් ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි අන්තර් ජාතික ධනේෂ්වරය ලංකාවට බැල්ම හෙලීම නව ප්‍රවනතාවකි.

ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටන් පාඨය හ නගමින් ස්වාධින රාජ්‍යයන්ට ඇගිළි ගැසීමට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනේෂ්වර රටවල් වලට ලැබුනේ කදිම අවස්ථාවකි. මානව හිමිකම්, ජාතීගේ නිදහස හා විමුක්ති අරගලයන් ලෝක දේශපාලනය තුළ සිල්ලර කාරණා බවට පත්වෙද්දී ත්‍රස්තවාදයට එරෙහිවීම, රාජ්‍ය ආධිපත්‍යය හා රාජ්‍යයේ ආරක්ෂාව යන කාරණා ප්‍රබල විය. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය හා ලෝක ධනපති පංතිය අතර ඇතිවූයේ ප්‍රබල සංධානයකි.

ඒ නිසා ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයට ලෝක ධනපති පංතියේ උපරිම සහාය ලැබේ. ප්‍රත්‍යපකාර ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය සියළු පුරුෂාර්ථයන් අහිමිකර ගනිමින් ආඥාදායක රාජ්‍යයක් බවට පත්වෙමින් සිටී. තම රටේම පුරවැසියන් ඉවක් බවක් නොමැතිව ඝාතනය කර දමමින් ද සිවිල් අයිතිවාසිකම් අහෝසි කරමින් ද රාජ්‍යයේ ශික්ෂණය විනාශ කරමින්ද පාලක පංතිය ස්වාර්ථයම පතමින් සිටී.

එතෙක් රාජ්‍ය පාලනයට එක්වූ වර්ප්‍රසාදිත පංතියට බැහැරින් රාජ්‍ය නායකත්වයට පත් වූ රණසිංහ ප්‍රේමදාස දේශීය ධනේෂ්වරයේ ග්‍රහණයට පත්ව යම් ඓතිහාසික සේවයක් ධනේශ්වර පංතිය වෙනුවෙන් ඉටු කළා ද ඊට නොදෙවැනි සේවයක් මහින්ද රාජපක්ෂ විසින් ගෝලීය ධනේෂ්වරයට ඉටු කරමින් සිටී.

මහින්ද රාජ්පක්ෂ රෙජීමය උදා කළ නව යුගය විග්‍රහ කළ හැක්කේ එසේය.

මාධ්‍යයන් ද ආචාර්යවරු ද එක පෙළට සිටිමින් විචාරයට ලක් කරන්නේ මෙවැනි දේශපාලන ප්‍රපංචයකි. එහෙත් සිදුවීම් සිදුවන්නේ වැළපීමටවත් හඩ නගා සිනාසීමටවත් නොව ඒවා තේරුම් ගැනීමට බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සදහා සිදුවීම් සීරුවෙන් විමර්ශනය කළ යුතුය.

සමාජ ක්‍රියාකාරීත්වයට ඉදිරියෙන් සිටිමින් සමාජයට ප්‍රදීපාගාරයක් විය යුතු ප්‍රපංචයන් මෙලෙස හැසිරීම හාස්‍යජනක අභාග්‍යයකි. එහෙත් ලාභය උපරිම කර ගැනීම සදහා වෙහෙසන සමාගම් ද, තම සිහින ලෝකය යථාර්තය කර ගැනීමට වෙහෙසෙන වේෂ නිරූපන යන්ත්‍රයන් ද එලෙස හැසිරීම විශ්මයට හේතුවක් නම් නොවේ.

මෙම මාධ්‍ය ක්‍රියාකරන්නේ මහ ජනතාව වෙනුවෙන් නොවන බැවින් ඒවා ජන මාධ්‍ය ද නොවන අතර එනිසා ඒවා ප්‍රාග්ධන මාධ්‍ය බවට නිතැතින්ම පත් වේ. ඒ අර්ථයෙන්ම මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු ද ආචාර්යවරු නොව රථාචාර්යවරු බවට නිතැතින්ම පත් වේ.

Advertisements

21 Comments

  1. Please insert Elam Logo in your web
    you can not understand human mind
    For the war Mahinda is the Best but after win the war it may chance to blame on mihinda & even lost in election.
    do u know C.W.W Kannangara after free Education rights he lost the seat at poll. that is peoples behavior.

    at last for the war he is the man not Ranil or uor dream hero

    Kurammumtaz@gmail.com

  2. මහින්ද යනු කො‍‍ටි ත්‍රස්තවාදයට නොබියව මුහුණ දෙමින් එය පරාජය කිරීමට වෙහෙසෙන එඩිතර නායකත්වයකින් යුක්තය යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතයක් බව මාගේ හැගිමයි. මහින්දගේ අතිතය කෙසේ උවද වර්තමානගේ ඔහු රට කොටින්ගෙන් මුදාගැනිමට දැවැන්ත උත්සාහයක යෙදෙන නායකයක් බව මේ වන විට ලබා ඇති යුද ජයග්‍රහනයන්ගෙන් පැහැදිලිය.
    ඒකිය රටක් යන්නෙහි අර්ථය “රාජ්‍යයේ බලය කොළඹට කේන්ද්‍ර ගත කිරීම”ලෙස ඔබ දක්වන්නේ ඔබේ නොදැනුවත්කම නිසා යැයි මම සිතමි.ඒකිය රටක් යනු මේ ලංකාව දෙකට නොබෙදා එකම පාලනයක් යටතේ සියලු ජනවර්ග සහයෝගයෙන් ජිවත්වන රටකි.
    මහින්ද උත්සාහ කරන්නේ බලය කොලබට කේන්ද්‍රගත කිරිමට නොව කොලගට කේන්ද්‍රගතවු බලය අන් පලාත් කරා පැතිරවිමටයි.13වන ආණ්ඩුක්‍රම වයවස්තාව සංශෝදනය ක්‍රියාත්මක කරන්න උත්සහාකරන්නේ එබැවිනි.

  3. මට ඇසීමට ඇත්තේ ඉතාමත් කෙටි පැණයකි. ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුද? නැද්ද? ඔව් / නැහැ. පිළිතුරු දෙන්නේ නම් මැනවි.

  4. මොනවා හරි ලිව්වම ඔයා මකල දාල ලෙඩත් දාන නිසා මම මොකුත් ලියන්නෙ නැහැ.

  5. වචන හරඹයන් නම් නියමයි. අනේද කියන්නේ ? සටන් නොකර කොටියා කෙලලා යනකම් බලා සිටින්නලු ඔයා නම් එහෙම දවසක යුධ විරොධි වාර්තා කාරයෙක් විදිහට BBC එකට කඩේ යමින් වෙන රටකට යයි පුවත් වාර්තා කරන්න. නමුත් මේ රටේ ඉන්න බහුතරයක් සිංහලයින් සහ දෙමළ , මුස්ලිම් ජනතාව එතකොට මොකද කරන්නේ? ඔවුන්ටත් අසාධාරණයක් වෙනවා කියලා ඔවුනුත් සටන් කරන්නද? අද උතුර කොටියට දුන්නොත් ලබ්බට තිබ්බ අත පුහුලට නොතබයි කියා කෙසේ සිතමුද? ඩොලර් වලට යූරෝ වලට ඇස් අන්ධ කරගන්නේ නැතුව සිංහලයෙක් විදිහට හිතන්න. මොකද ඔයත් අපි වගේම බත් කාලා හැදිච්ච එකෙක් මිසක් තනකොළ කාපු එකෙක් නෙවෙයිනේ. මහින්ද මොකා වුනත් කමක් නෑ. ඔහු වැරැද්දක් කලොත් ඔහුට ඊලඟ පාර රනිල්ට වෙච්ච වැඩේම වෙයි.
    @ සරත් මහත්තයො ඔයා කියන්න

  6. මල්ලි ඔයාට නරකද මාධ්‍යවේදියෙක් විදිහට මහරාජා එකට බැඳුනොත්?? බ්ලොග් එකටත් ප්‍රසිද්ධයක් ලැබෙයි. අතට ගානකුත් ලැබෙයි. ඔය අදහස් සේරටම හොඳ පිටුබලයක් ලැබෙයි. දැන්ම ඇප්ලයි කරන්න. ඔයාගෙ බ්ලොග් එක ගැන ඉන්ටවිව් එකේ කිව්වම එවෙලෙම පත්වීම් ලිපිය දෙයි.

  7. I’m also not a big fan of MR, but I must say right now he’s the best suited person for the presidency.

    First we need to disarm the LTTE and then take it from there.

    P.S: I’m Mahasona, not Mahazona.
    Seems like there’s two of us now.

  8. 1980 දශකයේදී මේ රට සිංහල දෙමළ වශයෙන් කොටස් දෙකකට බෙදිනි. මේ දෙකොටස අධ්‍යාපනය ලැබුවේ වෙන් වෙන්වය. ඔවුනට උගන්වනු ලැබූයේ ඉතිහාස දෙකකි. මේ නිසා 1983 ට පසු උපන් පරම්පරාව ඉතා අන්තවාදී හා ජාතිවාදී බවට පත්ව ඇත. ඔවුන් දෙමළ ජනතාව දකින්නේ තමන්ගේ රට උදුරා ගැනීමට ආ කොල්ලකරුවන් පිරිසක් හැටියටය. දෙමළ ජනතාවටද මෙ රටේ සාධාරන අයිතියක් ඇති බව පිළිගන්නට මේ පරම්පරාව සූදානම් නැත. සිංහල බ්ලොග් අඩවි වල දිගින් දිගටම වැමෑරෙන්නේ මේ පටු අදහසයි.

    @බුමුතුරුණු,

    ඒ පරම්පරාවටම අයත් වුවද ඔබට ඔවුනට වඩා මුහුකුරා ගිය බුද්ධියක් ඇති බව ඔබේ සටහන් වලින් පැහැදිලි වේ. මෙ විපරීත යුධ උන්මාද සමජයේ ඔබේ වන් බ්ලොගයක් දැකීමද සතුටකි. යුද්ධයෙන් සියළු ප්‍රශ්න විසඳිය නොහකි බව මේ බාලයන්ට කියා දෙන්න. ස්තූතියි.

  9. @සංවිධායක තුමා,
    දෙමළ ජනතාවට මේ රටේ ඇත්තේ සාධාරණ අයිතියක් මිස තුනෙන් පංගුවක් නොවේ. යුද්ධයෙන් සියළු ප්‍රශ්න විසඳිය නොහැක. එය වෙන කරන්න දෙයක් නැතිකමට ගන්නා අවසාන පියවර පමණි.

  10. මා කිසි විටකත් දෙමළ ජනතාවගේ සාධාරන අයිතීන් ලබා දීම හා රටෙන් තුනෙන් පංගුවක් ලබා දීම සමාන කොට නැත.

    දෙමළ ජනතාවට තුවක්කු උණ්ඩයට වඩා වැඩි යමක් දීමට මහින්ද මාමාට ඇති නොහැකියාව මමද පිළිගනිමි. එහෙත් තනි පුද්ගලයකුගෙ අසමත්කමට මුළු රටක් වන්දි ගෙවිය යුතු නොවේ. රටේ ආර්ථිකය විනාශ කරමින් යුද්ධ කිරීම හැරුණු විට ජන වාර්ගික යුද්ධය නතර කිරීමට වෙන දෙයක් ඔහුට කළ නොහැකි නම් වහා කළ යුත්තේ නම්බු පිටින් ඉල්ලා අස්වීමයි. බලන්න: http://bandaragama.wordpress.com/2008/11/20/will-capturing-pooneryn-and-killinochchi-solve-the-ethnic-issue

  11. @bandaragama :-
    හරි ඔබතුමා එහෙනම් කියන‍්නෙ ජනාධිපතිතුමා කුමක් කල යුතුයි කියාද? ඉල්ලා අස් නොවී සිටීමට නම්

  12. ඔහු කළ යුතු දේ කුමක්ද?

    ‘මහින්ද චින්තනය’ (පිටු 28-30) මඟින් පොරොන්දු වූ ක්‍රියදාමය ඉටු කරලීමයි. ඊට එපිටින් යමක් මෙරට පොදු ජනතාව බලපොරොත්තුවන්නෙ නැත.

  13. @ අජිත්
    අන්කල් ඔයාටනම් කොහොමත් රිදෙනවා ඇති. මොකද රනිල්ට බැරි වුනානේ ත්‍රස්තවාදයට එරෙහිව මොකුත් කරගන්න. පුරුදු විදිහට කඩේ ගියා මිසක්.
    “ඔවුනට උගන්වනු ලැබූයේ ඉතිහාස දෙකකි. මේ නිසා 1983 ට පසු උපන් පරම්පරාව ඉතා අන්තවාදී හා ජාතිවාදී බවට පත්ව ඇත”
    කවුද මේ විනාශේ කලේ ඔයාලගේ JR ලොක්කා තමා. UNP එක මේ රට කෑවා මදිවට දැන් එනවා,

    “රටේ ආර්ථිකය විනාශ කරමින් යුද්ධ කිරීම හැරුණු විට ජන වාර්ගික යුද්ධය නතර කිරීමට වෙන දෙයක් ඔහුට කළ නොහැකි නම් වහා කළ යුත්තේ නම්බු පිටින් ඉල්ලා අස්වීමයි”

    අස්වෙලා රනිල්ට දීලා රට කැලි වලට කඩා විකුණන්නද? අනේද කියන්නේ.
    අපේ අදහස් නැවත වරක් හොඳින් කියවන්න. අපි කියන්නේ සෑම ප්‍රශ්නයක්ම යුද්ධයෙන් විසඳිය හැක කියා නොව, ත්‍රස්තවාදය යුද්ධයෙන් විසඳිය යුතු බවය. අනික ඔයගොල්ල කොහොම උත්සාහ කරත් සිංහල දෙමළ ජනයා තාම එකට ජීවත් වෙනවා.

  14. “අපි කියන්නේ සෑම ප්‍රශ්නයක්ම යුද්ධයෙන් විසඳිය හැක කියා නොව, ත්‍රස්තවාදය යුද්ධයෙන් විසඳිය යුතු බවය.”

    මේ පසුගිය වසර 30 තිස්සේ අප හොදින් අසා ඇති කියමනකි. ජෝර්ජ් බුෂ් ඉරාකයට එරෙහිව යුද්ධ කිරීම ආරම්භයේද කීවේ මීට සමාන කථාවකි.

    ඩොලර් බිලියන 540ක් වැයකොට ඇමරිකානු තරුණයන් 5,000 ක් බිලි දී ඔහු අල් කයිඩාව නැති කළාද නැත්ද යන්න අපි දනිමු. ඇමරිකානු ජනතාව අපට වඩා බුද්ධිමත් නිසා යුධවාදියා පිළිකෙව් කොට යුද්ධය නිමා කිරීමට පොරොන්දු වූ බරක් ඔබාමා තෝරා ගත්හ. අපෙ මෝඩයෝ තවමත් යුධවාදියා වන්දනය කරමින් සිටිති.

    මහින්ද තවම ජනවාර්ගික අර්බුදය නිමා කරනු තියා යුද්ධය නිමා කොට වත් නැත. මේ නිසා මේ ගැන ඔහු සාමය උදා කළායින් පසු කතා කරමු. නූපන් දරුවන්ට කේන්දර හදන්නේ ඇයි?

  15. මම ඒත් බැලුවා මොකෑ මේ බුමුතුරුණු කියලා…
    @සංවිධායක තුමා කියන කතාව ඇත්තය. මේ ත්‍රස්තවාදය මෙසේ නිමා කරනවා තියා හිතන්නටවත් බැරිය. මහින්දට කල හැකි ඉට්ටක් නැත. මේ යුද්දය නිමාකර රටට සාමය ගෙන ඒමට හැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා ඒ වටා සිටින මේ සංවිධායකතුමාලාටය. ඒ කොහොමද?

    ඇයි ඔබලාට සාම කාලය මතක නැද්ද?
    මේ රටේ යුද්ධය අවසාන කල හැකි ක්‍රමය මෙයයි.

    1. හමුදා බුද්ධිය අංශය නැත්තටම නැතිකල යුතුය.(උන් අහින්සක ප්‍රභාගැන ඔත්තු සපයා දෙමල ජාතියේ ගැලවුම්කරු බය කරන නිසා)
    2. රජයේ හමුදා ගෙදර යැවිය යුතුය. (ලංකාවට එක හමුදාවක් හොඳටම ඇත. කොටි හමුදාව හොඳම හමුදාව නිසා ලංකා හමුදාව ගෙදර යැවිය යුතුය.)
    3. කොටි ඉල්ලන සියල්ල සහ බෝනස්ද දිය යුතුය. (අහිංසකයෝ අත්‍යවශම හා ඔවුන්ගේ අයිතිය පමණක්ම ඉල්ලන නිසාවෙනි)
    4. නොර්වේ වලින් ගෙන්විය යුතුය (ඒ ඇර කාටවත් අහිංසක දෙමල ජාතික හැඟීම් නොතේරේ)
    5. ලංකාව ඊලාම් නිජබිම නිසා කොටින්ට පු* දෙන උන් ඇර අනිත් උන් මූදට පැනිය යුතුය. (එවිට අහිංසක දෙමල ජාතිකයින්ට කරදර කරන්නට උන් නැත)

    අනේ මේ සංවිධායක තුමෝ… 83 ලංකාව කලේ ඔබ තුමාගේ ඔය උපාසක පක්ෂයම තමා.

    ++++++++++++++++++++++++++++++++++
    සංවිධායක තුමා… නියෝජ්‍යනායක කමකට ඉල්ලල බැලුවේ නැද්ද? ලැබෙන්ඩ ඉඩ තියෙනවා. ලොක්කගේ ජාතියේමනේ. හොඳට නම්‍යශීලීයි.

    ++++++++++++++++++++++++++++++++++

    ප.ලි.
    මම මේ කාලකණ්නි බ්ලොග් අඩවියේ ලියන අවසාන සටහන්යි. මින්මතු මම කිසිදිනෙක මෙම බ්ලොග් අඩවියේ සටහන් නොතබනු ඇත.

    තරිඳු

  16. ඩ්නෑම සමාජයක ගාමක බලය රුදී ඇත්තේ නිර්ධන පංතිය හෝ ධනපති පංතිය මතය. මධ්‍යම පංතිය යනු ඉහළ ධනපති පංතියට පිම්මක් පැනීමට බලා සි‍ටින අවස්ථාවාදී ස්ථරයකි. අවාසනාවකට සයිබර් අවකාශයේ රස්තියාදු ගහන බහුතරයක් අවස්ථාවාදී මධ්‍යම පාංතියකයන් ය. එක්කෝ ඔවුහු තවමත් දෙමව්පියයන්ගෙන් යැපෙනන්නන් ය. (පරපුටුවන් ය). නැතහොත් 78 දරුවන් ය.

    78 දරුවන් යනු ජේ.ආර්. ජයවර්ධන 1978 දී හදුන්වා දුන් ලූම්පන් වර්ගයේ වෙළෙද පළ ආරථිකය මත යැපෙන්නන් ය.

    මේ දෙකොටසටම සමාජයීය වගකීමක් නොමැත.රැකිය යුතු පුරුෂාර්ථයන් නැත. නිෂ්පාදන ආර්ථිකයකට සම්බන්ධ නොමැති නිසා එවැනි සංස්කෘතික හරයන් ද නොදනි. ඔවුන්ගේ සංස්කෘතිය ඇත්තටම ලූම්පන් ය.

    දශක දෙකකට අධික කාලයක් පුරා ඇදෙමින් යන ජන ඝාතක යුද්ධය ගැන ඔවුන් සංවේදී නොවීම ගැන මම පුදුම නොවෙමි. ඒ දෙස බලමින් මජර තෘප්තියක් විදීම ගැන ද පුදුම නොවෙමි. ගලා යන රුධිර දහරා දකිමින් ද විසිරී යන මිනිස් මාංශයන් දෙස ආශාවෙන් කෙල හලමින් ද සිටීම ගැන ද පුදුම නොවෙමි.

    සංස්කෘතික නොවූ දේශපාලන වශයෙන් නපුංසක සමාජ තීරුවක තාර්කික පලයයින් මෙලෙස අපි දකිමින් සිමු.

    මේ නිසා මේ සමාජ තීරුවට විරුද්ධ මත දැරීමට ද නොහැක. එවැනි මතයන්ට තාර්කිකව පිළිතුරු දීම වෙනුවට අපහාස, උපහාසයන් ද අසභ්‍ය ලෙස බැන වැදීම් ද සිදුකරති.අවම වශයෙන් අනන්‍යතාව දක්වමින් හෝ ඒ දේ කිරීමට ඔවුන්ට ශක්තියක් නැත.

    හොදම උදාහරණය මා ලියූ බ්ලොග් සටහනට මෙහි තබා ඇති පිළිතුරු සටහන් ය. එහි මගේ මතය නොපිළිගන්නාවුන් අදහස් දක්වා ඇත්තේ ආවේගයෙන්ය. අපහාසාත්මකව ය. අතාර්කිකව ය. අශිෂ්ඨ ලෙසය.

    මෙය බුද්ධිමය සංවාදයක් නොවන්නේ එබැවිනි.

    78 දරුවන් බුද්ධිමය වශයෙන් කොතෙක් දුප්පත්දැයි දැන් කෙනෙකුට තේරුම් ගත හැක.

    එහෙත් අප වැන්නන්ට පිළිකුලක් ඇති වීමට මේ තත්ත්වය කිසිසේත් හේතුවක් නොවිය යුතුය. මෙහි කැඩපත නමින් සටහනක් තබා ඇති සහෝදරයා මගේ මතයට එකග නොවූවත් ශිෂ්ඨ ලෙස තාර්කිකව යමක් පවසා තිබීම ගැන මම සතුටු වෙමි.

    එහෙත් ඔහුගේ තර්කය නිවැරුදි නොවන බව සහෝදරාත්මකව පවසමි.

    ඒකීය රටක් යනු රාජ්‍යයේ බලය කොළඹට කේන්ද්‍ර ගත කිරීම මිස වෙනකක් නොවන බව දේශපාලන න්‍යායාත්මකව මම නැවත පවසමි. එහෙත් ග්‍රාම්‍ය පාලකයෝ දේශපාලන විද්‍යාවේ එම අර්ථකථනයන් වැරදි ලෙස යොදා ගනිති. රාජ්‍යයක භෞමික අඛණ්තාව පවත්වා ගැනීම විස්තර කිරීමට ද ඒකීය යන්න යොදා ගනිති.

    එකම ව්‍යවස්ථාදායකයකින් නීති සම්පාදනය කිරීම, ඒකීය යන්නේ දේශපාලන අර්ථයයි. ඒ අර්ථයෙන් ඉන්දියාව ඒකීය නොවන අතර මහා බ්‍රිතාන්‍ය නාමිකව ඒකීය වුවද ප්‍රායෝගිකව ෆෙරල් රාජ්‍යයකි.

    කොළඹ කේන්ද්‍රීය බලය අන් පළාත් සභා වලට බෙදා හැරීමට 13 වන ආණ්ු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොතෙක් උපකාරී වී ඇත්දැයි න්‍යායාත්මකව තේරුම් ගැනීමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශේෂ්ඨාධිකරණයේ මතය කියවා බලන ලෙසත් ප්‍රායෝගිකව තේරුම් ගැනීමට පළාත් සභාවක ඩ්නෑම දේශපාලකයකුගෙන් හෝ නිලධාරියකුගෙන් හෝ විමසා බලන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

    විශේෂයෙන් අද වනවිට ආණ්ඩ‍‍වේ සුරතලෙකු වී ඇති නැගෙනහිර මහ ඇමතිවරයාගෙන් විමසුවහොත් ඒ ගැන කදිමට පහදා දේවි.

    සියළු දෙනාටම ස්තුතියි.

    මේ බ්ලොග් සටහනේ කතෘ ශාන් විසිනි.

  17. @තරිඳු,

    ඒ කියන්නේ සිංහලයින් කවදාවත් දෙමලුන් මරලා, ඔවුන්ට හිරිහැර කරලා නැත්ද? මං අහන්නේ කොටි ගැන නෙවෙයි. කොටි ආවෙ 1970 ගණන් වලදිනෙ. ඊට ගොඩක් කාලෙකට ඉස්සර 1958දි ජාතිවාදී කෝලාහල වලදි දෙමළු ඔච්චර ගණනක් මැරුණෙ කොහොමද හැබෑටම?

    උන්ව මරන්ඩ ඇත්තෙ අඟහරු ලොවින් ආපු බහිරවයො වෙන්ටැ.

    1983 දිත් ජාතිවාදී නොවන සිංහලයො දෙමළුන්ට නවාතැන් දුන්නලුනෙ. එහෙම නවාතැන් දුන්න කෙනෙක් ගැන මාත් දන්නව. හැබැයි මිනිහ අර අහිංසක දෙමළ මිනිස්සු රට ගියායින් පස්සෙ ඒ දේපලත් අල්ල ගත්තා. ඔය ඇති. ඔව්ව කියල දැන් මටත් නම් ගම් අහගන්ට තමා වෙන්නෙ.

  18. @Sagara
    “ඒ කියන්නේ සිංහලයින් කවදාවත් දෙමලුන් මරලා, ඔවුන්ට හිරිහැර කරලා නැත්ද? “

    ඒ කියන්නෙ කොටින්ගෙ යුද්දෙ සාධාරණයි. අපි උන්ව මැරුව, දැන් උන් අපිව මරණවා. උන් හරි, උන්ට අපිව මරන්න අයිතිය තියනවා, මොක ද අපි උන්ව මැරුවනෙ. කට වහගෙන ඉන්න තියෙන්නෙ.
    ඔය ටික නේ ද කියන්න හදන්නෙ???

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s