කළ යුත්තේ කුමක් ද? (ii)


1818967-Sun_rises_over_Maputo_on_a_beautiful_day-Mozambiqueඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා ද ඉන්දියාවේ සිට චීනය දක්වා ද මියන්මාරයේ සිට ඉරානය දක්වා ද ගෝලීය ධනේෂ්වරයේ සියළු නියෝජිතයන් මහින්ද රාජපක්ෂ රෙජීමය වටා පෙළ ගැසී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව ය. එසේම කරු ජයසූරියගේ සිට වාසුදේව නානායක්කාර දක්වා ද ආනන්ද සංගරීගේ සිට කරුණා අම්මාන් දක්වා ද විමල් වීරවංශගේ සිට චම්පික රණවක දක්වා ද දේශීය ධනේෂ්වරයේ සියළු නියෝජිතයන් මහින්ද රාජපක්ෂ රෙජීමය වටා පෙළ ගැසී ඇත්තේ ද ත්‍රස්තවාදයට එරෙහිව ය.

එහෙත් මේ සියළු දෙනාටම ත්‍රස්තවාදයට එරෙහිව ඇත්තේ සමාන අදහස් නොවේ. වෙනත් වචනයන්ගෙන් කිවහොත් මේ සියළු දෙනා තනි මිනිසෙකුගේ ච්න්තනයක් වටා එකතු වී ඇත්තේ පොදු අරමුණකින් නොවේ. සියළුදෙනාටම වෙනස් වූ අරමුණු ඇත.ඒ වෙනස් වූ අරමුණු සාධනයේ ලා සතුරාගේ සතුරා මිතුරාය යන්න බොහෝ දෙනෙකුගේ දේශපාලන පදනම වී ඇත.

කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි අවදියේ දී ඔහු පුවත් පතකට කී කතාවක් මට සිහි පත් වේ. විශාල ගං වතුරක් ගැලූ කල්හි බල්ලෝ ද එළුවෝ ද ගවයෝ ද ඇතුළු සියල්ලෝම ජීවිතය බේරා ගැනීම සදහා එකම වහළකට නගින බවත් රට අර්බූදයකට මුහුණ පා ඇති මේ මොහොතේ කුමන වෙනස් කම් තිබුණත් සියළු දේශපාලන පක්ෂ ඒ අර්ථයෙන් එකට එක් විය යුතු බව කරු ජයසූරිය ගේ ප්‍රකාශයේ සාරාංශය විය. කරුගේ සිහිනය දැන් සැබෑ වී ඇත. බල්ලෝ ද එළුවෝ ද ගවයෝ ද ඇතුළු සියල්ලෝම එකම වහළකට නැගී ඇත.

එල්ටීටීඊයේ ත්‍රස්තවාදයට එරෙහිව දකුණේ බහුතරක් දේශපාලන පක්ෂ මහින්ද ච්න්තනය වටා පෙළ ගැසී තිබුණ ද එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් හෝ නොවෙනස් රාජ්‍ය ත්‍රස්තවාදයක් මේ නිසා දකුණේ බිහිවී ඇත. එය එල්ටීටීඊයේ ත්‍රස්තවාදයට වඩා වෙනස් වන්නේ කෙස් ගහක ප්‍රමාණයකිනි. ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහිව අවි අමෝරා ගත් මහින්ද රාජපක්ෂ රෙජීමය රාජ්‍ය ත්‍රස්තවාදයක් බිහි කර හමාරය. දැන් දකුණේ ජනතාවට සිදුවී ඇත්තේ එකක් කඩ තොළු මකා ගන්නට ගොස් දෙකක් කඩ තොළු සාදා ගත් ඉදුරුවේ ආචාරියාට සිදු වූ දේම ය.

මේ රට කොයියම් ආකාරයක හෝ සුළු ජාතීන්ට අයිති නැති බව ද මේ රට සිංහල බෞද්ධයන් ගේ උරුමය බව ද ඒ උරුමය පිළිගන්නේ නම් පමණක් සුළු ජාතීන්ට මේ රටේ ජීවත් විය හැකි බව පවසන්නන් අතර කැබිනට් ඇමතිවරු ද රාජ්‍යයේ ඉහළම නිලධාරීහු ද සිටිති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝනය කරන්නන් අතර ඉහළින්ම සිටින්නේ රාජ්‍යයේ නායකයා ද ප්‍රධානියා ද සේනාධිනායකයා ද වන ජනාධිපතිවරයා ම ය. පුරවැසියන්ගේ මූලික අයිතීන් නිති පතා උදුරා ගනිමින් එය සාධාරණීකරණය කරන්නේ ව්‍යවස්ථාදායකය ම ය. ජාත්‍යන්තර සම්මුතීන් බල රහිත කරමින් ඒවා හාස්‍යයට ලක්කරන්නේ අධිකරණය විසින් ම ය.

මහින්ද ච්න්තනය විසින් මේ ගොඩනගමින් සිටින්නේ ඒකාධිපති මිලිටරි රාජ්‍යයක් නොවේ ද?

ශ්‍රී ලංකා රාජ්‍යයේ අන්තර් ජාතික මිතුරු ලේඛනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හරයක් සහිත රාජ්‍යයන් ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබේ. ඒ රික්තය පුරවනු ලබන්නේ මිලිටරිමය රාජ්‍යයන් විසින් ය. නැත්හොත් ගෝලීය ප්‍රාග්ධනයේ පොලිස් භූමිකාව රගපාන රාජ්‍යයන් විසින් ය. ප්‍රජාතන්ත්‍රවාදී හරයකින් යුත් රාජ්‍යයන් කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නන් ලෙස හදුන්වමින් මිතුරු රාජ්‍යයන් අමනාප කර ඇති කර ගන්නා නව මිතුරන්ගේ ස්වභාවයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ නව ධ්‍රැවීකරණය තේරුම් ගත හැකිය.

ප්‍රජාතන්ත්‍ර විරෝධි , මානව අයිතීන් නොසලකන, අන්තර් ජාතික සහෝදරත්වය ප්‍රතික්ශේප කරන අන්තයකට ශ්‍රී ලංකා රාජ්‍යය ඇද ගෙන යෑමට මහින්ද රාජපක්ෂ රෙජීමයට හැකි වී ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි අන්තර ජාතික ධනේෂ්වරයේ ඊනියා සටන නිසා ය. අන්තර් ජාතික ධනේශ්වරයේ ඊනියා ත්‍රස්ත විරෝධය නිසා වැඩියෙන්ම හානි සිදුව ඇත්තේ ත්‍රස්තවාදයට නොව තමන්ටම බව දැන් ධනේෂ්වරය අවබෝධ කර ගනිමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් නො ඉවසන, මානව හිමිකම් වලට ගරු නොකරන හා අන්තර් ජාතික මිත්‍ර ශීලීත්වය ප්‍රතික්ශේප කරන ධනේෂ්වරයක් බිහි වී ඇති බව දැන් ඔවුහුම පිළි ගනිති.

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටන ඇරඹූ එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ අතිජාත මිත්‍ර බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලැයාර් කල් ඇතුවම ගෙදර ගියේ ය. එසේම ඩ්ස්ට්‍රේලියාවේ අගමැතිවරයා ද ගෙදර ගියේ ය. ලෝකය පුරා නව යුගයක් උදා වෙමින් තිබේ. කළු ජාතික බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වන්නේ ද මෙවන් කාලයක ය. ගිජු ළිහිණියන් විසින් යුගයක් පුරා තැබූ ලේ සලකුණු මකා දැමීමට ක්ෂණිකව කිසිවකුට හැකිවන්නේ නැත. එසේම පුද්ගල ප්‍රතිරූපයන්ට ලෝකයක් වෙනස් කිරීමට ඇති ඉඩ කඩ ද සීමිත ය. එහෙත් ඒ පුද්ගලයන්ට සමාජ සංස්කෘතියක ගමන වෙනස් කිරීමට යම් අඩි තාලමක් දැමිය හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම් වලට ගරු කරන හා මිත්‍රශීත්වය අනු දකින ගෝලීය දේශපාලන පරිසරයක් ගොඩ නැංවෙන දිනය මත මනුෂ්‍ය ශිෂ්ඨාචාරය නැවත ලියවෙනු ඇත. ඒ මත ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන ධ්‍රැවීකරණයන් ද වෙනස් වනු ඇත.

කරු ජයසූරියගේ අර්ථයෙන් එකම වහළක් මතට නැග ඇති ගවයන්ට ද එළුවන්ට ද බල්ලන්ට ද සදාකාලිකව එලෙස සිටිය හැකිවෙතැයි මොහොතකටවත් සිතිය යුතු නැත. මේ සියල්ලන්ම තම තමන්ගේ ච්න්තනයන් අමතක කර මහින්ද ච්න්තනයම සරණ යන්නේ එක් සංධිස්ථානයක් තෙක් පමණි. ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි අන්තර් ජාතික ධනේෂ්වරයේ ඊනියා සටනේ අවසානයට ප්‍රවේශ වන්නේ කවදාද එදාට මහින්ද ච්න්තනය පසු පස යන්නන්ගේ ගමන ද අවසන් වනු ඇත. මහින්ද ච්න්තනය ද ඉතිහාසයේ කුණු බක්කියට එකතු වනු ඇත.

Advertisements

2 Comments

  1. War Stories

    War is the extension of prose by other means.

    War is never having to say you’re sorry.

    War is the logical outcome of moral certainty.

    War is conflict resolution for the aesthetically challenged.

    War is a slow boat to heaven and an express train to hell.

    War is either a failure to communicate or the most direct expression possible.

    War is the first resort of scoundrels.

    War is the legitimate right of the powerless to resist the violence of the powerful.

    War is delusion just as peace is imaginary.

    “War is beautiful because it combines the gunfire, the cannonades, the cease-fire, the scents, and the stench of putrefaction into a symphony.”

    “War is a thing that decides how it is to be done when it is to be done.”

    War is not a justification for the self-righteousness of the people who oppose it.

    War is other people.

    War is a five-mile hike in a one-mile cemetery.

    War is nature’s way of saying I told you so.

    War is a fashioning of opportunity.

    War is “a nipponized bit of the old sixth avenue el.”

    War is the reluctant foundation of justice and the unconscious guarantor of liberty.

    War is the broken dream of the patriot.

    War is the slow death of idealism.

    War is realpolitik for the old and unmitigated realism for the young.

    War is pragmatism with an inhuman face.

    War is for the state what despair is for the person.

    War is the end of the road for those who’ve lost their bearings.

    War is a poem that is afraid of its shadow but furious in its course.

    War is men turned into steel and women turned into ash.

    War is never a reason for war but seldom a reason for anything else.

    War is a casualty of truth just as truth is a casualty of war.

    War is the redress of the naked.

    War is the opiate of the politicians.

    War is to compromise what morbidity is to mortality.

    War is poetry without song.

    War is the world’s betrayal of the earth’s plenitude.

    War is like a gorilla at a teletype machine: not always the best choice but sometimes the only one you’ve got.

    War is a fever that feeds on blood.

    War is never more than an extension of thanatos.

    War is the older generation’s way of making up for the mistakes of its youth.

    War is moral, peace is ethical.

    War is the ultimate entertainment.

    War is resistance in the flesh.

    War is capitalism’s way of testing its limits.

    War is an inevitable product of class struggle.

    War is technology’s uncle.

    War is an excuse for lots of bad antiwar poetry.

    War is the right of a people who are oppressed.

    War is news that stays news.

    War is the principal weapon of a revolution that can never be achieved.

    War pays for those who have nothing to lose.

    War is Surrealism without art.

    War is not won but survived.

    War is two wrongs obliterating right.

    War is the abandonment of reason in the name of principle.

    War is sacrifice for an ideal.

    War is the desecration of the real.

    War is unjust even when it is just.

    War is the revenge of the dead on the living.

    War is revenge on the wrong person.

    War is the cry of the child in black, the woman in red, and the man in blue.

    War is powerlessness.

    War is raw.

    War is the declared struggle of one state against another but it is also the undeclared violence of the state against its own people.

    War is no vice in the defense of liberty; appeasement is no virtue in the pursuit of self-protection.

    War is tyranny’s greatest foe.

    War is tyranny’s greatest friend.

    War is the solution; but what is the problem?

    War is a horse that bridles its rider.

    War is the inadequate symbol of human society.

    War is the best way to stoke the dying embers of ancient enmities.

    War is a battle for the hearts and minds of the heartless and mindless.

    War is history as told by the victors.

    War is the death of civilization in the pursuit of civilization.

    War is the end justifying the meanness.

    War is an SUV for every soccer Pop and social Mom.

    War is made by the rich and paid by the poor.

    War is the quality TV alternative to You Still Don’t Know Jacko: Cookin’ with Michael and Fear Factor: How to Marry a Bachelorette.

    War is not a metaphor.

    War is not ironic.

    War is sincerity in serial motion.

    War is a game of chess etched in flesh.

    War is tactical violence for strategic dominance.

    War is international engagement to cover domestic indifference.

    War is the devil in overdrive.

    War is our only hope.

    War is our inheritance.

    War is our patrimony.

    War is our right.

    War is our obligation.

    War is justified only when it stops war.

    War isn’t over even when it’s over.

    War is “over here.”

    War is the answer.

    War is here.

    War is this.

    War is now.

    War is us.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s