මේ ආණ්ඩුවේ මිනී මස් කිලෝග්‍රෑමයක පාලන මිල කීයද?


action-for-hungerඑක් ආකාරයක ෆැසිස්ට්වාදී පාලනයකට නතුව තිබූ කිළිනොච්ච්යේ භූමිය අල්ලා ගත් තවත් ආකාරයක ෆැසිස්ට්වාදී රාජපක්ෂ රෙජීමය පස්වනක් ප්‍රීතියෙන් යුතුව සිය ජයග්‍රහණය සැමරීමට සැනකෙළි පැවැත්වූහ. රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් සංවිධානාත්මකව ගිනි කෙළි බිදිමින් වීදි පුරා ජය ඝෝෂා නැගූවේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේම මැදිහත් වීමෙනි.

කිළිනොච්ච්ය දිග් විජය කිරීමේ ජයග්‍රහණය සැමරීමට, ධර්ම රාජ්‍යයක් වෙනුවෙන් මිනිස් මාංශ හා රුධිරයම ඉල්ලන ජාතික හෙළ උරුමය ද වීදි බැස්සේ සිවුරු කැසපට ගසා ගනිමිනි.

88/89 භීම සමයේ දී දකුණේ මව් පියවරුන්ගේ හැට දහසක් දුවා දරුවන් මරා දමමින් රාජ්‍යයේ ආධිපත්‍යය රුක ගැනීමට යූ.එන්.පී. ආණ්ඩුවට සහයෝගය දැක්වූයේ රාජ්‍යයේ කුළී හේවායන් ය. අර්ධ මිලිටරි ඒකකයන් ය. නිල නොවන මිනීමරු කල්ලීන් ය. මේ දුවා දරුවන්ගෙන් බහුතරයක් නියෝජනය කළේ ජනතා විමුක්ති පෙරමුණ ය. රාජ්‍යයේ ඒ කුළී හේවායන් ද අර්ධ මිලිටරි ඒකකයන්හි සාමාජිකයන් ද නිල නොවන මිනීමරු කල්ලිවල සාමාජිකයන් ද සාමූහිකව උතුරේ තරුණ තරුණියන්ගේ මාංශ හා රුධිරය භුක්ති විදින විට එහෙව් ජනතා විමුක්ති පෙරමුණට ඔහුන් රණ විරුවන් ය.එදා ද්‍රෝහීහු අද විරුවෝහු ය. ඒ අර්ථයෙන් ජනතා විමුත්ති පෙරමුණ ද කිළිනොච්ච් විජයග්‍රහණය සැමරීමට වීදී බැස්සහ.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයේ ආධිපත්‍යය උතුරේ ස්ථාපිත කිරීම නිසා රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන්ට ඇතිවන නිරාමිස සතුට ස්වභාවිකය. අනුකම්පා සහගත ය. එහෙත් රාජපක්ෂ රෙජීමයේ සැබෑ මුහුණත ලෝකයාට හෙළිදරව් කරමින් ජයග්‍රහණය සැමරීමට ආණ්ඩුවේ ගෙස්ටෆෝව ඉදිරිපත් වී ඇති ආකාරය පිළිකුල් සහගත ය.

ජයග්‍රහණයේ උන්මාදයට මුවා වී පළමුව සිරස මාධ්‍ය ජාලය විනාශ කළ ඔවුහු දෙවනුව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ද අමු අමුවේ මරා දැමූහ. සිරස එල්.ටී.ටී. ඊ යේ හඩ යැයි ද මහාරාජාවරුන් ඉන්දියානු කල්ලතෝනීන් යැයි ද පවසමින් වෛර සහගත අදහස් වැපුරුවේ ආණ්ඩුවයි. ලසන්තගේ ඝාතනය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ ආණ්ඩුවට ලසන්ත සමග කිසිම ප්‍රශ්නයක් නොතිබූ බවයි. එසේම ලසන්ත ජනාධිපතිවරයාගේ කිට්ටු මිතුරෙකු බවයි. ඒ නිසා ලසන්තව ඝාතනය කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවයි.

සෑම මසකම පෝහෝ දා පවත්වන රජ ගෙදර ධර්ම දේශනාව විකාශය කිරීමට ජනාධිපතිවරයා අවසර දුන්නේ සිරස රූපවාහිනීයට පමණක් බව සත්‍යයකි. එහෙත් සිරසට එරෙහිව මර්වින් සිල්වා අවි අමෝරා ගත් විට ඔහු නිහඩව සියේ ඒ ගැන හාංකාවිසියක් නොදන්නා පරිද්දෙනි. දඩුවම් පමුණුවන සුනංගුවෙන් අමාත්‍යවරුන්ට සමාව දීමට තරම් ජනාධිපතිවරයා සංවේදී වුවද අවසානයේ දී සිරසට සාධාරණය ඉටුකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සිදුවිණි.

ලසන්ත වික්‍රමතුංගට ජනාධිපතිවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදුන බව මීට කලකට පෙර චෝදනා එල්ල වුණි. එහෙත් ලසන්ත ජනාධිපතිවරයාගේ කිට්ටු මිතුරෙකු බව අනුර යාපා පවසයි. කිට්ටු මිතුරන්ට අම්මා මතක් කර බැන විනෝද වීම ධර්ම රාජ්‍යයක් පවතින සමාජයක ස්වභාවය විය හැකිය. සිරස මාධ්‍ය ජාලය විනාශ කිරීමත්, ලසන්ත ඝාතනය කිරීමත් ආණ්ඩුව අපහසුතාවකට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් බව පැවැසෙන්නේ ද ඒ අර්ථයෙන් විය හැකිය.

රාජපක්ෂ රෙජීමය මේ වනවිට නග්නව යෙදී සිටින්නේ සතුරන් හා ප්‍රතිවාදීන් නිහඩ කරමින් හෝ ඝාතනය කරමින් හෝ තම බලය තහවුරු කර ගැනීමේ වෑයමකය. පළමුව උතුර මර්දනය කිරීමට අත් ඔසවන දෑත් වලින්ම දෙවනුව දකුණ මර්දනය කරන මොහොතේදී කදුළු පිසදා ගැනීම සදහා යොදා ගැනීමට සිදුවීම කිහිප වතාවකදීම සිංහල සමාජය අත්දැක ඇත. එහෙත් දෙමළ නායකයකු වූ කුට්ටුමනී අසූව දශකයේ මුල් භාගයේ දී පැවැසූ එම වදන් සිංහල සමාජයේ හෘද සාක්ෂියට තවමත් දැනී නොමැතිවීම කණගාටුදායක ය.

1970/77 සමගි පෙරමුණු ආණ්ඩුව 1971 තරුණ කැරුල්ල මර්දනය කළේ සාහසික ලෙසිනි. එම මර්දනය 1977 මැතිවරණයේ දී යූ.එන්.පී ය විසින් දේශපාලනිකව අළෙවි කළේ “මේ ආණ්ඩුවේ (සමගි පෙරමුණු ආණ්ඩුවේ) මිනී මස් රාත්තලක පාලන මිල කීයදැයි” විමසමිනි. එසේ බලයට ආ යූ.එන්.පි.ය තම පාලන කාලය තුළ මිනී මස් පමණක් නොව රුධිරය ද අලෙවි කළේ තොග ගණනෙනි.

දැන් නැවතත් ආණ්ඩුවේ මිනී මස් කිලෝවක පාලන මිල විමසීමට කාලය පැමිණ තිබේ. එදා මෙදා තුර වෙනස් වී ඇත්තේ මිනිස් මාංශ විකීණීම සදහා මනින ඒකකය පමණක් වීම කෙතරම් නම් ශෝචනීය ද?

Advertisements

4 thoughts on “මේ ආණ්ඩුවේ මිනී මස් කිලෝග්‍රෑමයක පාලන මිල කීයද?

  1. සිංහල කොටි සිටින බව අප මෑත ඉතිහාසයේ දැක්කෙමු. උන් නම් සිංහලයෙක්ම වී සිංහලයන් අතර සිය සිංහලයන්ම මරා කොටින්ට සහයෝගය දෙන්නන්ය. සිංහල බ්ලොග් සංසදයේද මෙවන් සිංහල කොටි කීප දෙනෙක්ම සිටිති.ඔබ එවැන්නෙක් වීය කනගාටුවට හේතුවකි.

    කිළිනොච්චි මුදා ගත්විට රතිඤ්ඤා පත්තු කලේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගොල බාලයින් නම් මේ රටම ආණ්ඩුවට ගිය රටක්ය.ඔබේ ඔය අඳබාල මොලයට නොතේරුනාට එදා රතිඥ්ඥා පත්තු කරමින් වීදි බැස්සේ මේ රටේ දුප්පත් මහජනයාමය. ඒ ජනයා අතරට කුලී වැඩ කරන්නන්,වතුකරයේ ජනතාව ආදීහුද ඇතුලත් විය.අපේ විශ්ව විද්‍යාලයේ දමිළ සිසුහුද අප සමග එක්ව ඒ අවස්ථාව සැමරූහ.

    ආණ්ඩුවට අවශ්‍ය දෙමළ ජනයා සමූල ඝාතනයට නම් සටනේදී තුවාල ලබා හමුදාවට හසුවන ත්‍රස්තවාදීන් උස්සාගෙන විත් ප්‍රතිකාර කර ඔවුන් වෙනුවෙන් මුදල් වැය කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එක් උණ්ඩයක් පමණි.

    ඔබ මෙය අල්ලාගෙන් ඇත්තේ වැරදි කොනෙන්ය. හොඳින් කල්පනා කර බලා සත්‍ය දකින්න උත්සාහ කරන්න

  2. මූට සත්යය වටහා දීමට තැත් කිරීම බිරි අලින්ට වින වැයීමක් වැනිය එමනිසා කොතරම් පහදා දුන්නත් එකම දුෂ්ටි කොනයකින් බලා ජතියට ද්‍රෝහි විම මිසක් සත්යය තේරැම් ගැනිමට තැත් කිරිම නොව.එසේම ඔබ ඉතා ලගදීම අත පය කඩා ගන්නා බව නම් මට පැහැදිලිය.

  3. When the Nazis came for the communists,
    I remained silent;
    I was not a communist.
    When they locked up the social democrats,
    I remained silent;
    I was not a social democrat.
    When they came for the trade unionists,
    I did not speak out;
    I was not a trade unionist.
    When they came for the Jews,
    I remained silent;
    I was not a Jew.
    When they came for me,
    there was no one left to speak out.

    It is the duty of every Sri Lankan, local and overseas to ensure that this does not happen.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s