කොළඹ අල්ලන්නේ කවදාද? එතෙක් රතිඤ්ඥා ඉතුරු කරගන්න.


r373515_1734773රාජපක්ෂ රෙජීමයේ කුළී හමුදා උතුරේ ජනශූන්‍ය නගර හා ගම්මාන අල්ලා ගන්නේ කොයි මොහොතේ ද ඒ මොහොතේම සිංහල ප්‍රදෙශයන්හි වීථි දෙවනක් කරමින් රතිඤ්ඥා පත්තු කිරීම දැන් ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇත.

රාජපක්ෂ රෙජීමය ලබන යුද ජයග්‍රහණ සැමරීම සදහා මේ අන්දමින් වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිවීමට එක්තරා ඉතිහාසයක් මෑත අතීතය තුළ ගොඩ නැගී තිබේ. රාජ්‍යයේ යුද ජයග්‍රහණ භුක්ති විදීම සදහා රතිඤ්ඥා පමණක් නොව ගිනි අවි ද බෝම්බ ද පත්තු කළ අවස්ථාවක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ආණ්ඩුවේ කුළී හමුදා විසින් ඝාතනය කළ විට ය. ප්‍රේමදාස රෙජීමයේ පරපුට්ටන් විජේවීර ඝාතනයේ ප්‍රීතිය භුක්ති විදීමට වීථි වලට බැසීමට තරම් එඩිතර නොවූවද ඔහුන් වෙනුවෙන් ඒ කාර්යය ආණ්ඩුවේ කුළී හමුදා ද අතුරු හමුදා ද වෙනත් මිනීමරු කල්ලි ද විසින් මනා ලෙස ඉටු කරන ලදි. ඒ වීථි පුරා හමුදා වාහන පදවමින් අහසට වෙඩි තබමින් හා බෝම්බ පත්තු කරමිනි. ප්‍රේමදාස රෙජීමයේ ගෙස්ටෆෝව මෙහේය වූ ප්‍රධානියා වූයේ හිටපු අමාත්‍ය රන්ජන් විජේරත්නයි. ඔහු විජේවීර ඝාතනයේ ප්‍රීති සැණකෙළිය නම් කළේ “මැච් එක හමාරයි” යනුවෙනි.

එහෙත් “මැච් එක” හමාර වූයේ නැත.

අනතුරුව සිංහල සමාජයට ප්‍රීතිය භුක්ති විදීම සදහා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කදිම අවස්ථාවක් විය. නගර හා වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් රටේ ජනාධිපතිවරයාගේ ශෝක ජනක අභාවය සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ද එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෝ ද නොපසුබට වූහ.

එවරද “මැච් එක” හමාර වූයේ නැත.

දැන් දැන් නිතර නිතර රතිඤ්ඥා පත්තු කරන්නේ ජයග්‍රහණයන්ගෙන්ම සිංහල සමාජය පිරී ගොස් ඇති නිසාවත් ද?

එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඝාතනය කිරීමේ සිට අලිමංකඩ ප්‍රදේශය අල්ලා ගැනීම දක්වා සියළු අවස්ථාවන් හි දී නගර වීථි පුරා රතිඤ්ඥා පත්තු කළේ ආණ්ඩුවේ නායකයන්ගේ මෙහේයවීමෙනි.

එහෙත් තවමත් “මැච් එක” හමාර වී නැත.

නුදුරු දිනක දී එල්.ටී.ටී.ඊ ග්‍රහණයේ පවතින ඉතිරි බිම්කඩ ද රජයේ හමුදාවේ පාලනයට යටත් කර ගත් පසුව නගර වීථි පුරා පිපිරෙන රතිඤ්ඥා හඩ තවත් වටයකින් ස්ථිර ලෙසම ඇසිය හැකි වනවා නො අනුමානය.

එවිට හෝ “මැච් එක” හමාර වේවි ද?

කිනම් ආකාරයකින් හෝ රාජ්‍යයට එල්ල වන අභියෝගයන් පරාජය කිරීමට රජයේ කුළී හමුදා දරන වෙහෙස මහන්සියේ දී මනුෂ්‍ය ඝාතන, මානව අයිතීන් උල්ලංඝණය කිරීම් හා ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයට තර්ජන කිරීම් සිදුවුව ද ඒ සියල්ල ඉවසා සිටීමට සමාජයේ බහුතරය පෙළඹී තිබීම සමාජ සංස්කෘතියේ නව මානයන් පෙන්නුම් කරන ලක්ෂණයකි. එහිදී ඇතැම් විට සතුරාටත් වඩා රාජ්‍යය හැසිරෙන්නේ ත්‍රස්තවාදී ලෙස විය හැකිය. සතුරාටත් වා අමානුෂිකව විය හැකිය. එහෙත් ඒ නිසා සමාජයේ බහුතරයකට රාජ්‍යය ප්‍රජාතන්ත්‍ර විරෝධිව කටයුතු කිරීම එතරම් ගැටළු ඇතිකරන්නක් නොවේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේ දී නොව දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් සමග පවා ආණ්ඩුව කටයුතු කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය තරම්ම හෝ ඊටත් වඩා හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙසය. ඒ සදහා ආණ්ඩු කළ හෝ කිරීමට සහාය දුන් හෝ කල්ලි කණ්ඩායම් ඩ්නෑ තරම් සක්ෂි සපයා ඇත. පාර්ලිමේන්තුවේ කතානායකවරයා විරුද්ධ පක්ෂයෙන් තේරී පත් වූ විට එය නිහතමානීව විද දරා ගැනීමට හෝ දේශපාලන සංයමයක් ආණ්ඩුවට නැත. අවම වශයෙන් සමූපකාර සමිතියක අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණයක දී හෝ ගැටුමකින් තොරව එය අවසන් වූයේ නම් ඒ කලාතුරකිනි.

2005 වර්ෂයේ සිට රාජ්‍ය මෙහේයවන රාජපක්ෂ රෙජීමයට ද මේ ඒකාධිපති හැසිරීමෙන් ගැලවීමට හැකි වී නැත. ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

(අ) ජනාධිපතිවරයා චේතනාන්විතව රාජ්‍යයේ මුලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි.

(ආ) ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කරන අතර අවශ්‍ය නම් ඝාතනය කරයි.

(ඇ) මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනියි.

(ඈ) මැතිවරණ වල දී මැර බලය යොදා කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගනියි.

(ඉ) ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම නොඉවසන අතර ප්‍රචණ්ඩත්වයෙන්ම ප්‍රතිවාදියා ජය ගැනීමට කටයුතු කරයි.

මෙම සියළු ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු තම පක්ෂයේත් තමන්ගේත් හිතසුව පිණිස වන අතර සමාජයේ විවිධ කොටස් පීඩනයට පත්වීම එහි අනිවාර්ය ප්‍රථිපලයයි. එසේනම් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සිදු කරන සටනේ දී රාජපක්ෂ රෙජීමයට ද ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන හෝ මනුෂ්‍ය ඝාතන ගැන හෝ වෙනත් ප්‍රචණ්ඩ කටයුතු හෝ හුවා දක්වමින් ත්‍රස්තවාදයක් ගැන කතා කිරීමට ඉඩක් නොමැත. එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ රාජපක්ෂ රෙජීමය ද දේශපාලන කටයුතු කරන්නේ ත්‍රස්තවාදී ආකාරයෙනි. ඒ අර්ථයෙන් වන්නිය මිලිටරි ලෙස බිද දැමීම යනු එක් යකෙකුගේ පාලනය බිද දමා තවත් යකෙකුගේ පාලනය ස්ථාපිත කිරීමකි.

ඒ නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ෆැසිස්ට් පාලනය මිලිටරි බලයෙන් බිද හෙළූ පමණින් යම් කිසිවකුට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සතුටු විය නොහැක. යමෙක් එසේ සතුටු වන්නේ නම් එය දේශපාලන කුහක කමකි. මානව හිමිකම් අගයන, ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන්ට ගරු කරන හා විනය ගරුක සමාජයක් ඇති කිරීමේ අර්ථයෙන් සතුටු වීමට නම් රාජපක්ෂ රෙජීමය ද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බිද දැමිය යුතු වීම අනිවාර්ය සාධකයකි.

රාජපක්ෂ රෙජීමයේ යුද ජයග්‍රහණ සැමරීම සදහා වීථි පුරා රතිඤ්ඥා පත්තු කරමින් ප්‍රීතිවන ආණ්ඩුවේ පරපුට්ටන්ට නොතේරෙන්නේ ද මේ සත්‍යයයි.

Advertisements

28 Comments

  1. මල්ලිට රිදිල වගේ. අනේ පවු.
    මල්ලි ඔයාට NGO එකෙන් කීයක් ගෙවනවද ඔය කුළී හමුදා කියන වචනෙ දැම්මට?

  2. මල්ලිට හරි දුකයි වගේනේ කොටින්ට ගහනකොට ඔයත් යන්නකො අනේ මුලත්තිවු කැලේට ඔච්චරම අමරුනම් මොකෝ ප්‍රබාකරන්ටත් හරි අමරුයිලු තමුසෙ වගෙ(NGO) එවුන්ව දකින්නේ නැතුව ඉන්න.උබලවගේ එවුන් නිසා තමයි අපේ රටට තාමත් වගතුවක් නැත්තේ තොපි වගේ එවුන් මෙ ලෝකෙන් ගිය දාට මේ ලොකේ සාමය උදාවෙවි. නිකන් කාලකන්නියෙක් වෙන්නෙ නැතුව රට ජාතියට මොකක් හරි කරන්න බලහන් නිකන් ජාතියක් ජම්මයක් නැති එකෙක් වෙන්නෙ නැතුව!නිකන්න් ජාතිද්‍රොහියෙක් වෙන්න එපා මල්ලි! තමුසෙ ඉපදුන රටට වැඩක් කරහන් බන් මේ වගේ වැඩ කරන්නේ නැතූව! එල්ට්ටී එවුන් ළගදිම යනව අඩ්6ක් යටට එක නිස අඩන්නෙ නැතුව හිටහන්!

  3. මල්ලි යන්න ආසද ඔයත් අඩි හයක් පොළව යටට යන්න.

    තෝව අහුවුනොත් නං ඇත්තටම යවනවා දැනගනිං

  4. මල්ලි නිකන් ඔයා සද්ද බද්ද දැම්මට ඔයා හිතන්නෙ කොටින්ට ගහන්න බැරිවෙයි කියලද? යුද්දෙ නවත්වයි කියලද? හැබැයි එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. ඩොලර් වලට රට විකුනන සාම වෙලෙන්දන් , කුමාර් රෑපසිංහ වැනියවුන් ඔබ වැනි NGO කුලී වෙලෙන්දන් කොටින්ට රිදෙනකොට පොඩ්ඩක් කෙදිරි ගාන එක සාධාරනයි. මොකද ලැබෙන ඩොලර් ටික අඩු වෙනවනෙ.

  5. මල්ලි තව දෙයක් ඔයා ඔය ඇඩුව වගේම තව කට්ටිය (ඉන්දියවෙ සමහරුයි ලන්කවේම ඉන්න රනිල් වික්‍රමසින්හලා වගෙ අයත් අඩුවා) ඇඩුවක් කිලිනොච්චි ඇල්ලුව නෙ කියල දැන ගත්තට පස්සෙ අපි එවට සැලුනෙ නෙ එකනිසා තමුසෙ වගෙ බල්ලෙක් උඩු බිරුවට කොහොමත් සැලෙන්නෙ නම් නේ! එක නිසා තමුසෙ නිකන් නහින්න හදන්න එප හරිද?තමුසෙ දන්නවානේ මාලුවා නහින්නෙත් කට හින්ද නිසා කටයි පුකයි වහෙගෙන හිටහන් හොද ළමය වගේ!!!~~

  6. හරියට හරිනෙ සම්පත් මල්ලි මේවගේම එකෙක් තමයි රනිල් වික්‍රමසින්හ කියන්නෙ මුන්ගෙ අදුම් ගලෝල ගාලු මුවදොර තියලා ප්‍රබාකරන්ගෙ *** දෙන්න ඕන කන්න කියලා කාලකන්නි හැත්ත

  7. This is taken from Lankaenews, section “about us”
    “At present Sri Lanka government has reached a situation of preparing for a civil war”

    Ask Shan about LankaEnews, he is a journalist at the TRO driven LankaEnews

  8. බුමුතුරුණු කැමැති නැහැ වගේ “match” එක ඉවර වෙනවට නේද? මොන කුලියක් දෙනවා කීවත් තමන්ගේ ජීවිතය පරදුවට තියන්නේ නැහැ කිසි කෙනෙක් මිනිසුන්ට ආදරය නැතිනම්. යුද්ධය (match එක) දිගින් දිගටම පවත්වාගෙන නොයෑමෙනත් තමන්ට ලැබෙන කුලිය නැති වීම ගැන හඩන කුලී දුගියා ගේ හඩයි මට නම් ඇසෙන්නේ. ඒ මා ජාති වාදී වන නිසා වෙන්න ඇති.

  9. හැමදාම සද්දේ දාන ජෝකරයන් ටික කමෙන්ට්ස් නම් දාල තියෙනවා. ඒ ඉතින් ලිපිය කියවල බලලා වත් නෙවෙයි. LTTE පරදිනවට මං නම් වැඩිපුරම කැමති මේ වගේ ධර්මරාජ්‍ය මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ආලෝකය දැකීමට එය ඉවහල් විය හැකි නිසා. සමාජය ධ්‍රැවීය (polarise) වීමේ විපාකය වැඩි කල් නොගිහින් අපට අත් විඳීමට ලැබේවි, ප්‍රභාකරන් නම් ඒකාධිපතියා යටතේ ජීවත් වූ දෙමළ ජනතාවට වගේම.

    නලින් ද සිල්වා පප්පත් දිවයිනට ලියලා තිබුණා රාජපක්ෂ සමාන කළ හැක්කේ විජයබාහුටය හා ධාතුසේනටය කියලා. අපූරුයි. අපට විජයබාහුගේ වැඩ බලා ගන්න පුළුවන් ළඟදීම. ඉවසලා ඉඳිමු.

  10. තෝව අහුවුන ගමන් මරලා එල්ලනවා. තොගේ කෙස් පැලෙන තර්ක මට වැඩක් නෑ. මට තේරෙන එකම දේ තෝ වගේ විසබීජ දහයක් හිටියොත් ඇති මේ රට පාවල දෙන්න. ඒ නිසා දෙවෙනි සැරේටත් කියන්නෙ තෝව අහුවුනොත් මරනවා. අහුවෙන්න කලින් උඹ මේවයින් හම්බ කරපු ඩොලර් වලින් දැන්ම කාල බීල ජොලි කරපන්. නැත්තන් ඒවයින් උඹට වැඩක් ගන්න වෙන එකක් නෑ.

  11. මරණීය තර්ජනයක් වගේ. අපේ සමාජය දැන් අනෙකාගේ මතයට ගරු කළ යුතු යැයි සිතන්නේ නැහැ. තමන් සමඟ එකඟ නොවන අන් සියළු දෙනාම විනාශ කළ යුතුයි කියා තමයි සිතන්නේ. රාජපක්ෂතුමා සිංහල සමාජයට කළ ව්‍යසනය තමා මේ.

  12. @Shan,

    Yes, truth unveiled.

    Beyond Frame හා පාපිස්සට නිතර අධෝමුඛය දෙමින් comment ලිව්වේ,
    සාගර අබේකෝන්
    (මේ සටහනේ සාගර නොවෙයි)

    මොහුද කියා හරියටම සොයාගන්න තවම නොහැකි වුනත් ශාන්,
    ශාන් අලගියවන්න

    මොහු කලක් පාවිච්චි කළ profile picture එකක නියම හිමිකරු,
    සජිත් දෙනුවර

    මොහු මෙම ප්‍රතිචාරය මකා ඉවත් කළහොත් ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා අළුත් බ්ලොග් එකකින් හෙළි කරන්නම්.

  13. බල්ලන් උඩු බුරද්දී ද තවලම ඉදිරියට යන බව ඉතිහාහය ඔප්පු කර ඇත.

    බල්ලන්ගේ සහායට අසූච් තවරා ගත් ඌරන් පැමිණිය ද තවලම නො නවතින බව ස්ථිරය.

    ශිෂ්ඨ සම්පන්නව වෙනස් මතයක් ඉදිරිපත් කරන විට මරණ තර්ජන, අපහාස උපහාස හා බිය වැද්දීම් කිරීම මහින්ද ච්න්තනයේ ධර්ම රාජ්‍යයට ගැලපුන ද ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ.

    දශක කිහිපයක් පුරා දෙමළ ජනතාව මත එල්ල කළ මෙවැනි ෆැසිස්ට්වාදී තර්ජනයේ ප්‍රථිපල වූයේ එල්.ටී.ටී.ය බිහිවීමයි. මේ අශිෂ්ඨයන්ට නොතේරෙන්නේ එයයි. බල්ලන්ට හා ඌරන්ට අසූච් මිස මිනිස් ආහාර නොගැලපේ. එහෙයින් අප කොතෙක් හඩ නැගුවද බල්ලා ද ඌරාද අසූච් ම ඉල්ලති.

    එහෙත් මම බිය නොවෙමි. මරණයේ ආහ්ලාද ජනක සුවද මට දැනේ. බල්ලන් උඩු බිරුවාට මගේ මරණය ඉක්මන් කළ නොහැක.

    හිටපු අමාත්‍ය බර්නාඩ් සොයිසා වරක් මාධ්‍යවේදී උවිදුට සහෝදරාත්මකව කියා ඇත්තේ පරිස්සම් සහගතව කටයුතු කරන ලෙසය. තමන් බිය නැති බව උවිදු පවසා ඇත. නෑ ඔයා බිය වෙන්න. නමුත් කළ යුතු දේ කරන්නැයි බර්නාඩ් පවසා ඇත.

    මේ අශිෂ්ටයන්ට මම මෙසේ කියමි.

    මා බිය වන්නේ ද නැත. ෆැසිස්ට්වාදය පැරද වීම සදහා කළ යුතු දේ ද අනිවාර්යෙන්ම කරමි.

  14. බොහෝ දෙනෙක් පිළිගන්නට අකමැති වුනත්, අද වන විට ලාංකිය සමාජය තුල සංවාදශීලී බවකට ඉඩක් නැහැ. දැන් යමෙකුට කියන්න පුලුවන් ‘පිස්සුද? ලංකාව තරම් අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය තියෙන වෙන රටක් නැහැ.’ කියලා. (ඒත් සංවාදයක් කියන්නේ අදහස් ප්‍රකාශකිරීමක් පමණක් නෙවෙයි.)
    ඇත්ත නම් හුදු අධිපතිවාදී මතයකට හැරෙන්න අන් මතයකට විවෘතව ප්‍රතිචාර දැක්වීමේ මානසිකත්වයක් අපිට ඉතුරුවෙලා නැති විත්තිය. බ්ලොග් අවකාශයේ දැක්වෙන ඇතැම් ප්‍රතිචාර වලින් මේක හොඳට වටහාගන්න පුලුවන්.
    නොවැලැක්විය හැකිලෙස, අපි අද මේ වැටිලා ඉන්න නරාවලට මුල්වුනු එක් හේතුවක් තමයි ඔය.
    බොහෝ දෙනෙක්ට අනුව යුද්ධය සම්බන්ධයෙන් තියෙන්නේත්, තිබිය යුත්තෙත් එකම මතවාදයකට අනුකූල අදහස් පමණයි. අනෙක් ඒවාට තර්ජනය කිරීමත්, ලේබල් ගසා හෝ පුලුවන් නම් වෙනත් කොයියම්ම ක්‍රමයකට ඒවා නිහඬකල යුතුයි. මේ කාලකණ්නි අදහස්වල තාර්කික අවසානය අනිවාර්යය ත්‍රස්තවාදයම තමයි.

    බුමුතුරුණු හී පලවන අදහස් සම්පූර්ණ සත්‍ය නොවෙන්න පුළුවන්. ඒත් වත්මනෙහි මේ අදහස් ප්‍රකාශනය අතිශයින්ම වැදගත්. කලයුත්තේ අදාල තර්කයන්ට ඒ අයුරින් තාර්කිකව පිළිතුරු දෙන එක මිසක්, පිස්සු බල්ලෝ වගේ බුරා පනින එක නෙවෙයි. අවාසනාවකට ‍කළාතුරකින් හැරෙන්නට එවන් බුද්ධිමත් විරෝධයක් දකින්නට ලැබෙන්නේ නැහැ.‍

    ඉතිං මේ විසංවාදි බව විසින් අපට උරුම කරනු ඇත්තේ වේදනාකාරී අනාගතයක් මිසක් අනිකක් නොවෙයි.

    දැන් ඕන නම් මටත් ලේබල් ගහන්න, නැත්නම් කුණුහරුපෙන් බනින්න, 😛

  15. මට උඹ ගැන හරිම කණගාටුයි මල්ලී. ප්‍රභාට වදිනකොට ඒක හරියට තමන්ගෙ අයියට ගහනව වගේ කියල හිතපු උඹල වගේ රට ගැන කිසිම හැඟීමක් නැති සෝබන සාමවාදියො නිසා නිසා නෙමෙයි නම් මීට අවුරුදු ගානකට කලින්ම ඔය ප්‍රභාකරන් කියන ඌරව ඉවර කරන්න තිබුනා. රටේ කරුමෙට එදා කොන්ද පන තියෙන නායකයෙක් අපට හිටියෙ නැහැ.

    උඹ රාජපක්ෂ රෙජීමයේ කුළී හමුදා කියල ගරහන්නෙ උඹටත් පන බේරගෙන ඉන්න ඉඩක් හදල දීල තියෙන අපේ රටේ වීරයන්ට නේද?. රෙද්දක් ඇඳඟෙනද උඔ ඔය කතා කරන්නෙ.

    මතකතියාගනිං මල්ලී, පිට රටවල් වලින් ආපු ඉහඳ පනුවොයි උන්ට එකතු වුනු මේ රටේ කැනහිල්ලුයි ශ්‍රි ලංකාවෙන් කෑල්ලක් අල්ලන්න අවුරුදු දෙදහස් ගණනක ඉඳල වලිකන බව. නමුත් උන්ට වුනේ අපේ දුටුගැමුණු පුත්තු එක්ක හැප්පිලා විනාශ වෙන්න.
    ඒ වීර ලෙයින් උපන් වීර පුත්තු අදටත් තමන්ගෙ යුතුකම අකුරට ඉටු කරන දවස වැඩි ඈතක නොවෙන බව උඹට ලඟදීම පෙනෙයි.

  16. @Shan
    ඔබ ලියන දෑ නිහඬ ව කියැවූ ඇගැයූ (සහ තව ම ත් කියවන අගයන) පිරිසක් ද ඔබ සමග සිටින බව දැනුම් දෙන්නයි මේ ප්‍රතිචාරය තබන්නේ.

    එසේ ම ඔබේ අදහස් පල කිරීමේ අයිතිය වෙනුවෙන් සහෝදරාත්මක ව එක පෙලට සිටගැනීමට පසුබට නොවන පිරිසක් ද සිටින බව දැනගන්න.

    බිය වන්න. ඒ සමග ම කල යුතු දෙය කරන්න. මෙවැනි වේලාවක බිය වීම යනු විපාර්ශ්වයන් පිලිබඳ නිවැරදි තක්සේරුවකට පැමිනීම හැටියට හඳුන්වන්න පුලුවනි 🙂

  17. මේකට පසු සටහන් ලියා ඇති බහුතරයක් උන්මත්තකයින් ලෙසයි පේන්නේ. ඒ මන් ද? මේ සිංහල බොදු රාජ්‍යයේ – බස් වල පවා මේ ගවුතම බුදුන් ගේ රාජ්‍ය යැයි ස්ටිකර් ගහ ගෙන යන රටක, හැම පෝයටම ජනාධිපති ගේ අරලගිය ගහ මන්දිරයේ බණ කියන රටක, මස්, මාලු බිත්තර තියා උම්බලකඩවත් නොකන ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්න රටක, මෙහෙම මිනිසුන් මරන්න කතා කරන්න මොලේ යහපත් අයට පුලුවන් ද?
    මුන් නම් ඔක්‍කොම උන්මත්තකයින්.

  18. මේකෙ කමෙන්ට් ටික පෙන්නලා පිටරටක රිෆියුජි ගන්න බලන්න. මාර මරණ තර්ජන ගොඩක් නෙ කොල්ලො බොට තියෙන්නෙ. තනියම ලියාගත්ත කමෙන්ට් හින්දා අනේ පව් කියලා අනිත් උදවියත් උඹේ පැත්ත අරං.
    මගෙ ඇස්වලට කඳුලු ඉනුවා උඹ වැටිලා ඉන්න අසරණ තත්වය දැකලා.

  19. malli api mulative alluwa ekatath mona hari kiyanna thiyenawanam kiyanna
    oyage bella galawenna kalin

  20. me blog eka liyana eka pulavanam tho baya nethnam uba gena vedi visthra tikak dapan mama thova maranava eka mata pinak

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s