ප්‍රවේශම් වන්න……….. සයිබර් ත්‍රස්තයන් ඔබ ලගය.


beware_of_dogපළමුව සුහදව තර්ජනය කළහ. දෙවනුව අසභ්‍ය වචනයෙන් බැන වැදුනහ. තෙවනුව මරණ තර්ජනය කළහ.

දැන් පොතේ හැටියට නම් මා ඝාතනය විය යුතුය.

තවම එසේ වූයේ නැත. නමුත් සයිබර් ත්‍රස්තවාදීහු මා මර්දනය කිරීමට දැන් වෙනත් ක්‍රමයක් භාවිතා කරමින් සිටිති.

ඔවුහු මගේ අනන්‍යතාවයෙන් (shan) පෙනී සිටිමින් මගේ අදහස් වලට පරස්පර මත විවිධ බ්ලොග් අඩවි වල ප්‍රතිචාර ලෙස පළ කරමින් සිටිති. Beyond Frame බ්ලොග් අඩවියේ විවිධ පරස්පර අදහස් ප්‍රතිචාර ලෙස මගේ නමින් හා මගේ අනන්‍යතාවයෙන් පළ කර තිබේ.

මේ මගින් උත්සාහ දරනවා ඇත්තේ තර්ජනයෙන් මර්දනයෙන් හා බිය වැද්දීමෙන් කළ නොහැකි වූ දේ කූට ප්‍රාප්තියට පත් කර ගැනීමය. එනම් බ්ලොග් පාඨකයන් අතර මගේ මතයන් ගැන ව්‍යාකූලත්වයක් මවා පෑමටය. සංකීර්ණත්වයක් ඇති කිරීමටය. නො එසේනම් වෙනත් ළාමක යමක් විය හැකිය.

මා බ්ලොග් ලියන්නේ හය හතර නොතේරෙන ළදරුවන්ට නොවේ. තණ කොළ බුදින ගවයන්ට ද නොවේ. කියවීමට ලිවීමට නොදත් නූගතුන්ට ද නොවේ. සිංහල සමාජයේ උගත් තීරුවක් මගේ බ්ලොග් කියවන පාඨකයෝ වෙති. ඔහුන් විවිධාකාර වූ බුද්ධි මට්ටම් වල විය හැකිය. විවිධාකාර වූ අදහස් වල සිටිය හැකිය. එහෙත් මෝඩයන් දෙතුන් දෙනෙකුගේ ළාමක ක්‍රියාවක් අවබෝධකර ගැනීමට තරම් ඔවුහු අඥායෝ නොවෙති.

මේ සයිබර් ත්‍රස්තයන්ට ඩ්නෑම බොළද දෙයක් සිදුකළ හැකිය. එහෙත් මගේ උත්සාහය වැළැක්විය නොහැක. කරුණාකර අදහස් වලට අදහස් වලින් පහර දෙන්න. ළාමකයන් නොවන්න.

Advertisements

6 thoughts on “ප්‍රවේශම් වන්න……….. සයිබර් ත්‍රස්තයන් ඔබ ලගය.

  1. we should love our country.do not destroy democratic framework.come to conversation.then see what happened do not get arm for the ideas…………

  2. කසුන්ගේ අදහස මමත් අනුමත කරනවා.

    “අදහස් වලට අදහස් වලින් පහර දෙන්න. “‍

  3. අදහස් වලට අදහස් වලින් පහර දෙන්න ~ අන්න ඒක මරු……..!!

    එක එහෙම කරන්න බැරි එකාලා ඉතින්…… බත් කන හරක්……. කියලා තමයි කියන්න වෙන්නේ………!!

  4. [URL=”http://www.desiupload.com/show.php/173672_shan.jpg.html”][IMG]http://www.desiupload.com/out.php/t173672_shan.jpg[/IMG][/URL]

  5. මෙය නම් ඉතා ම ඛේදජනක තත්වයක්. නමුත් ඔබ මෙයට දක්වන ප්‍රතිචාරය ගැන බොහොම සතුටුයි.

    මමත් මගේ සම්පූර්න සහයෝගය ඔබට පල කරනවා. ඔබේ සටහන ඉතසිතින් අනුමත කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s