අනේ කූඹියනේ…. අපටත් රජෙක් ඇත්තේ…………


Mahinda-Rajapaksa_1
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය මිලිටරිමය ලෙස බිද දැමීමෙන් පසුව රාජ්‍ය හමුදාවන්ගේ ප්‍රධානීන් ආසන්නතම ඉහළ පදවියට උසස් කෙරුණි.එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සේනාධිනායකයා වන ජනාධිපතිවරයා රජ කෙනෙකු ලෙස රාජ්‍ය මාධ්‍ය මගින් අභිෂේක කරනු ලැබුවේ ඊටත් කලිනි. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජාභිෂේකයෙන් පසුව මහා මහින්ද පෙළපතේ තවත් මහ රජ කෙනෙකි.

සිංහල හා මුස්ලිම් නායකයන් (උපන් දා සිට බහුතරයක් මුස්ලිම් නායකයන් කරන්නේ මහ ජාතිය හා එකට සිට ගනිමින් තම බඩ වඩා ගැනීම පමණි.) ජනමාධ්‍ය යොදා ගනිමින් සමාජය පුරා වැපුරුවේ ප්‍රීතිය උපරිම ලෙස භුක්ති විදිය යුතු බව කියැවෙන මතයකි. පරාජය කළේ ත්‍රස්තවාදය මිස දෙමළ ජාතිය නොවේ යැයි ද වන්නි කොටියා වැඩියෙන්ම හානි කළේ දෙමළ ජනතාවට යැයි ද කෑමොර ගසන්නන් පවා ප්‍රීතියම භුක්ති වින්දහ. එහෙත් කොළඹ ජීවත්වන දෙමළ ජනතාවගේ මානසිකත්වය තේරුම් ගැනීමට කිසිවෙක් උත්සාහ නොගත්හ. අතීතයේ සිංහල රාජවංශයේ කිරුළ දැරුවේ අසනීපයෙන් වේදනා විදින නාගයන්ට පවා වෙදකම් කළ රජවරුන් බව මහා වංශයේ සදහන් වේ. එහෙත් එහෙව් රාජ වංශයට ඇතුළුවීමට වෙර දරන රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේ සැසිවාරය විවෘත කරමින් කොළඹ දුක් විදින දෙමළුන් ගැන වචනයක් හෝ නොදෙඩීය. ඔහුන්ගේ ආත්මාභිමානය රුක දෙමින් ජීවිත සුරකිමින් ප්‍රීතිය භුක්ති විදිය යුතු බව තම අන්තේවාසිකයන්ට නොකීවේය.

දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ අභිමානය බිදිමින් රාජ්‍යයේ බල සැකස්මට භෞතිකව අභියෝගයක් කළ විමුක්ති කොටි සංවිධානය මර්දනය කළ පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ සෙසු සගයන්ට නිරාමිස සතුටක් ඇතිවීම තේරුම් ගත හැකි කරුණකි. ඒ අර්ථයෙන් ඒ සතුට භුක්ති විදීම ද සාමාන්‍ය දෙයකි. එහෙත් මහා මහින්ද මහ රජතුමා මේ කිසිවකින් නොසෑහෙන්නෙකි. රාජ්‍යය, ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සතුට වීථි කරා ගෙන ගොස් ලූම්පන් සමාජ තීරුව හා එක පෙලට සිටිමින් ඔහු ලැබූ සතුට කොපමනදැයි ලෝකයාටම තේරුම් ගත හැකි වුණි. රාජපක්ෂ රෙජීමය තම හෘදය සාක්ෂිය ප්‍රකාශ කිරීම මෙපමණකට සීමා නොකළේය. ඊට තව තවත් මුහුණුවර තිබේ.

ඒ මෙසේය,

(අ) ප්‍රභාකරන් අල්ලා ගත් විට ජාඩි දමන බව පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහත් උජාරුවෙන් ප්‍රකාශ කිරීම.

(ආ) ප්‍රභාකරන්ගේ මළ සිරුර සමග රාජ්‍යයේ හමුදාවන් බාබෙක්‍ය(Barbecue) රංගනයක යෙදීම හා උසස් හමුදා නිලධාරීන් එය අනුමත කරමින් බලා සිටීම.

මේ නිරීක්ෂණයන් සමගම නැවතත් පරමාදර්ශයන් ගෙන ඒමට සිදුවන්නේ අතීතයෙනි. එළාර නම් දෙමළ ආක්‍රමණිකයා අනුරාධපුරය අග නගරය කර ගත් රජෙකි. ඒ ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීමට සටනට ගිය මහා දුටුගැමුණු ඔහුව ඝාතනය කළේ ය. එහෙත් ඒ මළ සිරුර දුටුගැමුණු රජුගේ සේනාවන් විසින් බාබෙකු කළ බවට සාක්ෂි නැත. ඝාතනය කළ පසු මත් පැන් බී වීථි පුරා ද්වේශ සහගතව විනෝද වූ බවට ද සාක්ෂි නැත. එහෙත් එළාර රජුගේ සිරුර භූමදානය කළ ස්ථානයේ සෑයක් බැද යන එන්නන් ඊට ගෞරව කළ යුතු යැයි නීතියක් පැන වූ බවට නම් සාක්ෂි ඇත. එහෙත් මහා මහින්ද මහ රජතුමා මහා දුටුගැමුණු ගිය මගෙහි නොගියේ ය. සිංහළ රාජ වංශයට අභිමානවත් ශිෂ්ඨාචාරයක් තිබුනා නම් එහි අතුරු බිතුරුවත් ඉදිරියට ගෙන යෑමට මහා මහින්දයාණෝ අකමැති වූහ.

ලාංකික සමාජය රාජ වංශය එතිහාසිකව පරාජය කර ප්‍රජාතන්ත්‍රීය යුගයකට පැමිණියේ අති මහත් වූ කැප කිරීම් කරමිනි. වැඩවසම් යුගයකට වඩා ප්‍රජාතන්ත්‍රීය යුගය සාපේක්ෂව දියුණු සමාජ ක්‍රමයකි. එහෙත් රාජපක්ෂ රෙජීමය අධ්‍යාත්මිකව තවමත් ස්ථාන ගත වන්නේ වැවසම් යුගය තුළ ය. තම ශරීර භාෂාවෙන් ද හෘද සාක්ෂියේ ප්‍රකාශනයන්ගෙන් ද හෙළිදරව් වෙන්නේ වැවසම් යුගයේ අශිෂ්ඨ හා නොදියුණු ශිෂ්ඨාචාරයට රාජපක්ෂ රෙජීමය තවමත් කැමති බවය. රටේ මහ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපති යැයි පවසනවාට වඩා මහ රජු යැයි පැවැසීමට රෙජීමයේ පරපුට්ටන් කැමති වන්නේත් මහා මහින්ද එය ඉවසා සිටින්නේත් මේ වැවසම් මානසිකත්වයේ ප්‍රථිපලයක් ලෙසිනි. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ කෝටියක් වූ පුරෝහිතයන් මහා මහින්ද රාජාභිෂේක කිරීමට ගත් තීරණය පැසසිය යුතුය.

එය තේරුම් ගත් නිසාදෝ සියළු ජන මාධ්‍යය මේ දිනවල “අපටත් රජෙක් ඇත්තේ” යැයි හඩ නගමින් පවසති.

Advertisements

8 Comments

  1. මේකට මගේ ඌණ පූර්ණය මඟ එනවා. සමහර අදහස් උඹෙන් කොපිකළා වගේ පෙනේවි. 🙂

  2. එළාර හා ප්‍රභාකරන් සංසන්දනය කළ නොහැකියි. එළාර ඉතාම ධාර්මික පාලකයෙක්. දුටුගැමුණුට ඔහු වෙනුවෙන් ස්මාරකයක් ගොඩ නඟන්නට සිදුවුනේ ඔහු ජනප්‍රිය චරිතයක් වූ නිසා ඉතිරිව සිටි ‘දමිළුන්ගේ’ (එළාර දෙමළද කාලිංගද වෙනත් දකුණු ඉන්දියානුවකුද කියා තවමත් නිශ්චයක් නැති නිසා මා මහාවංශයේ ආක්‍රමණිකයන්ට පොදුවේ භාවිතා වූ ‘දමිළ’ වචනය පාවිච්චි කරන්නම්.) සහාය ලබා ගැනීම සඳහා විය යුතුයි. විශ්ව කීර්ති ශ්‍රී සිංහලාධීශ්වර ශ්‍රී රෝහණ ජනරංජන සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේට එවැනි අවශ්‍යතාවයක් නෑ.

  3. එලාර මෙවනි දුශ්ඨ මිනී මරු ත්‍රස්තවදියෙක් නොවේ, දුටුගැමුණු රජතුමා ඔහු පරාජයට පත් කලේ රට එක් සේසත් කිරීමට උවමනා නිසයි

  4. වැරදිලා ෙහා් සෑයක් බැන්ෙද් නම් ඔබලා වැනි අය වැදවැෙටන බව මහින්ද දැනසිට අැත. ෙමාකද දැනට කරන්ෙන්ත් ඒ්කමෙන්

  5. එලාර දුෂ්ටයෙකු නොවේ.සැබැවි.ඔහු මරා දැමූ දුටු ගැමුණු මිනීමරුවෙකි.ඇත්ත එයයි….ඒත් මේ ගොන් රටේ සිහලුන්ගේ වීරයා ඔහුයි.

  6. මහින්ද මහරජ තවමත් දුවන්නෙ ජනප්‍රිය කම පස්සෙන්ය. අපිද දැන් ජාතියෙන් සිංහල නොවෙමු. රටට ආදරය කරන ජාතිය හෝ එසේ නැති ජාතිය යන දෙකෙන් එකක් තෝරාගතයුතුය. යුද්ධ්යක් කල පමණින් එසේ සියල්ල වෙනස්කිරීමට හැකිද ?

  7. එලාර රජ වූයෙ අසේල රජුට “මගෙ පැටියෝ, ඔයා මට රට දීලා යන්නකෝ” කීමෙනි. එනිසා එලාර මිනීමරුවකු නොවේ

  8. This is the political parties mafia street war for power and control. Shame on you all so-called politicians. When will you grow up and think of Sri Lanka and its people first?
    Nothing will change unless we the people make up our mind for a change…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s