විධායක ජනාධිපති පාලන ක්‍රමය අහෝසි කිරීම – හිසේ රුදාවට පිටිකර බෙහෙත් බැදීම.


020_hampi_beggar

විධායක ජනාධිපති පාලන ක්‍රමය වහා අහෝසි කළ යුතු යැයි නැවතත් ප්‍රබල උද්ඝෝෂණයක් ආරම්භ වී තිබේ.මෙවර එහි විශේෂත්වය වන්නේ විධායක ජනාධිපති පාලන ක්‍රමය හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් මෙම උද්ඝෝෂණයේ ප්‍රබල හවුල්කරුවකුවීමයි. 80 දශකය පුරා එක්සත් ජාතික පක්ෂ විරෝධින්ගේ ප්‍රබල සටන් පාඨයක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, තිස් වසරකට පසුව එක්සත් ජාතික පක්ෂය විසින් ද පිළිගැනීම දේශපාලනික වශයෙන් වැදගත් හැරුම් ලක්ෂ්‍යයකි.

අසූව දශකය පුරා විධායක ජනාධිපති පාලන ක්‍රමයේ දඩු අඩුවට අසු වූ සියළුම විරුද්ධ පාක්ෂිකයෝ එදා ඊට එරෙහි වුවද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයක් තුළ එහි නපුරුකම් ඉවසා සිටිති. ජනතා විමුක්ති පෙරමුණ 1994 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ චන්ද්‍රිකා කුමරණතුංග ගේ වියුක්ත පොරුන්දුවට රුවටුණහ. එසේ රුවටී තිබියදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට අවශ්‍ය වූ නිසා 2005 දී ‍එහි අවශ්‍යතාව දැන දැනම අමතක කළහ.තිස් වසරක් පුරා විධායක ජනාධිපති ක්‍රමයේ බල පරාක්‍රමය ඉවසූ එක්සත් ජාතික පක්ෂය, තම ස්ථාවරය වෙනස් කරමින් දිගින් දිගටම සිදුවන පරාජයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස දැන් විධායක ජනාධිපති පාලන ක්‍රමයට එරෙහි වෙති. ඒ අර්ථයෙන් සියළුම දේශපාලන පක්ෂ මෙම සටන් පාඨය හඩ තැලුවේත් හඩ තලන්නේත් කුහක වුවමනාවකින් බව බොහෝ දෙනෙක් පවසති.

ගෝලීයකරණය වෙමින් තිබූ නව ලිබරල් ආර්ථික ක්‍රමයට ශ්‍රී ලංකාව ගැට ගසනු ලැබුවේ 1978 දීය. සියළුම ආකාරයේ වූ ප්‍රාග්ධනය, කේන්ද්‍රයේ රටවලට සංකෙන්ද්‍ර ගත කරන්නා වූ නව ලිබරල් ආර්ථික ක්‍රමයට ආවේනික ප්‍රධාන ලක්ෂණය වන්නේ එය කිසිවිටෙක ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය හා සංවාස ගත නොවීමයි. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආකෘතියක් ලෙසම නව ලිබරල්වාදයේ පැවැත්මට හානිකර විය. එනිසා රාජ්‍යය හා මහජනතාව අතර සම්බන්ධිකාරකයා වූ ආණ්ඩුව නැමැති ප්‍රපංචය බල රහිත කිරීම නව ලිබරල්වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය විය.ලෝක ධනේෂ්වරය ආණ්ඩුව අහෝසි කිරීමට විවිධ උපක්‍රමයන් යොදා ගත් අතර තවදුරටත් මහ ජනතාව පාලනය කිරීමට යොදා ගත්තේ ජනතා නියෝජිතයන් නොමැති රාජ්‍ය යාන්ත්‍රණයයි.

1978 න් පසුව පැමිණි ධර්මිෂ්ඨ සමාජය තුළ ජනතා නියෝජිතයන් අවලංගු කාසි බවට පත් වූයේ එබැවිනි. පළාත් පාලන ආයතනයන්ට පළාත් සභාවන්ට හෝ ව්‍යවස්ථාදායකයට හෝ කිසිම බලයක් නොමැති අතර පවතින්නා වූ අල්පමය බලය ද විධායකයට ඝෘජු ලෙස හෝ වක්‍ර ලෙස හෝ යටත් ය. ජනතා නියෝජිත ආයතනයන් ශූන්‍ය කිරීමෙන් අනතුරුව විධායකය අතිශය බල සම්පන්න ප්‍රපංචයක් බවට පත් කළේ ද නව ලිබරල්වාදයට ආවේනික උපක්‍රම යොදා ගනිමිනි. ඒ අනුව වසර දොළහක කාලයකට විධායකය ඒකාධිපති ආයතනයක් බවට වේශ නිරූපනය වුණි. එය හුදකලා දේශපාලන සිදුවීමක් නොවූ අතර ඊනියා මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පැවැරී ඇති මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාධිපති මෙවලමක් බවට පත් කරන ලදි.

ලෝක ධනේශ්වරය මේ සියළු ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද්දේ ගෝලීය ප්‍රග්ධනයේ නිදහස් චලනය මනා ලෙස සිදුවීම සහතික කිරීම සදහා ය. මාෆියා ආර්ථික මංකොල්ලය බාධාවකින් තොරව සිදුකිරීමට නම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය බිද දැමිය යුතුව තිබූ අතර එය ලෝක ධනේශ්වරයේ අවශ්‍යතාව හා උපක්‍රමශීලීතාව අනුව සතුටුදායකව සිදු කෙරිණි. 1978 දී සිදුවූ නව ලිබරල් ආර්ථික ක්‍රමයේ ලාංකික සම්ප්‍රාප්තියත් සමග විධායක ජනාධිපති පාලනයක් සහිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කරන ලද්දේ එබැවිනි. නව ලිබරල් ආර්ථිකයේ ඒකාධිපති ආධිපත්‍ය බාධාවකින් තොරව ව්‍යාප්ත කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ලබා දුන්නේ විශාල සහායකි.

ඒ අර්ථයෙන් විධායක ජනාධිපති පාලන ක්‍රමය අහඹු ලෙස ඇති කළ දේශපාලන අවශ්‍යතාවක් නොවේ. එය ලෝක පරිමාණ නව ලිබරල්වාදය හා එකට ගැට ගැසුනු ධනපති පද්ධතියේ මෙවලමකි. දැන් මහින්ද රාජපක්ෂ රෙජීමය හැර මුළු මහත් විරුද්ධ පක්ෂයම මුළු වැර යොදා හඩ තලන්නේ නව ලිබරල්වාදයේ නොමිනිස්කම් පරාජය කිරීමට නොව එම පද්ධතියේ ඇණ මුරිච්ච්යක් ගලවා ඉවත් කිරීම සදහා පමණි. එය සමාන කළ හැක්කේ පිරී ඉතිරී යන මහා සෙනගක් පටවා ගෙන අනතුරු සහිත මාර්ගයක අධි වේගයෙන් ගමන් ගන්නා වාහනයක සුක්කානම ගලවා ඉවත් කිරීමට ගන්නා වූ උත්සාහයකට පමණි.

මේ උත්සාහයේ බරපතලකම ජනතා විමුක්ති පෙරමුණට නොපෙනීම ස්වාභාවිකය. ඔවුන්ගේ දේශපාලනයේ කිසිම පන්ති සම්බන්ධතාවක් නොමැති අතර පන්ති විග්‍රහයකින් යුතුව දේශපාලනයේ යෙදෙන්නේ ද නැත. ඒ අර්ථයෙන් එවැනි පක්ෂයක් ධනපති ක්‍රමයේ ඇණ මුරිච්ච් ගැලවීමකට පමණක් තම දේශපාලනය පටු කිරීම තේරුම් ගත හැක්කකි.

මහා පන්ති විඥ්ඥාණයකින් යුක්තව කටයුතු කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති පාලන ක්‍රමය හදුන්වා දුන්නේ ඔහුම පැවැසූ පරිදි ඔහුට රකින්නට පරපුරක් සිටි නිසා නොවේ. තර කරන්නට බූදලයක් තිබූ නිසා ද නොවේ. එහෙත් ආරක්ෂා කරන්නට පන්තියක් නම් ඔහුට තිබුණි. ඔහු ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් කටයුතු නොකළ පරිදි ධනපති ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙන් මහන්සි වුණි. ඒ මහන්සිය සවිඤ්ඤාණිකය. අවංකය. අධිරාජ්්‍යවාදීන් 1818 දී විශාල ප්‍රතිසංස්කරණයන් හදුන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක ධනේශ්වරය හා බද්ධ කළ පසුව පුළුල් අවබෝධාත්මක ඉලක්කයකින් යුතුව දේශපාලන ප්‍රති සංස්කරණ හදුන්වා දුන්නේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයන් යැයි පැවසුවහොත් එය නිවරුදිය.එවැන්නෙක් පන්ති අවබෝධයකින් යුතුව නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය ධනපති පද්ධතියේ ඇණ මුරිච්ච් ගැලවීමට තරම් ලාමක වේ යැයි මොහොතකටවත් නොසිතිය යුතුය.

දුප්පත්කම, කුසගින්න හා මන්දපෝෂණය ව්‍යාප්තවීම ධනේශ්වරයේ නිවුන් සොහොයුරන් යැයි පැවසුන ද එක් අතකින් එය සාම්ප්‍රදායී හා යල් පැන ගිය නිර්වචනයකි. නව ලිබරල්වාදය තුළ ධනේශ්වරයට නව අර්ථකථන ලැබුණා යැයි පැවසිය හැක්කේ සමාජය තුළ යම් ධනේශ්වර දියුණුවක් ඇති කිරීමට නව ලිබරල්වාදය දායක වුණු බැවිනි. එහෙත් සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍ර ලෙස පුළුල් කිරීමට එය ඊටත් වඩා දායක වුණි. දුපත්කම සීඝ්‍ර ලෙස පැතිරෙමින් කුසගින්න, මන්දපෝෂණය හා ජනතාවගේ පෝෂණ ප්‍රශ්න ඇති වුණි. ක්‍රමයේ බිද වැටීම් ද අරාජිකවීම් ද බරපතල පාරිසරික ගැටලු ද ඇති වුණි. එනම් නව ලිබරල්වාදයට අදාළ සමාජ සංවර්ධනයත් සමගම ක්‍රමයට තවදුරටත් ඔරොත්තු නොදෙන්නා වූ බරපතල සමාජ ගැටළු පැන නැගුණි. එසේම සමාජ සංවර්ධනයට සාපේක්ෂව සමාජ පරිහානිය ද සිදුවුණි. .ඒ නිසා ලෝකය පුරාම යම් සමාජ සංවර්ධනයක් ඇති වෙමින් තිබියදීම සමාජය තුළින් අති ප්‍රබල ක්‍රම විරෝධි අරගලයන් ද පැන නැගුණි.

ලෝක ධනේශ්වර පද්ධතියේ තුල්‍යතාව බිදීමට තරම් ප්‍රබල වූ නව ලිබරල්වාදයේ මේ ආතතීන් තව දුරටත් නොපැවතිය යුතු බව ලෝක ධනේශ්වරය මේ වනවිට තේරුම් ගෙන තිබේ. ඇමෙරිකා එකසත් ජනපදයේ රාජ්‍ය පාලනය ඩිමොක්‍රැටික්වරුන් අතට යන්නේත් එය මෙහේයවීමට බරක් ඔබාමා තෝරා ගන්නේත් ඒ නිසා විය හැකිය. ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීමේ උපාය උපක්‍රම ද ඊට සාපේක්ෂව පුළුල්වෙමින් තිබේ. ලෝකය පුරා ජාල ගත කර තිබූ සමස්ත ධනේශ්වර යාන්ත්‍රණය ගැන නැවත සිතා බැලීමට ලෝක ධනේශ්වරය පෙළඹී ඇත. ඒ අර්ථයෙන් නව ලිබරල්වාදී ධනෙශ්වර මෙහෙයුම් පද්ධතිය කේන්සියානු ක්‍රමය දක්වා පසු බැස්සවීමට තරම් ඔවුහු උපක්‍රමික අත්හදා බැලීම් කරමින් සිටිති.

මේ සංදර්භය තුළ විධායක ජනාධිපති පාලන ක්‍රමයේ පියවරුන්ම එය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නොවේ. තවදුරටත් විධායක ජනාධිපති පාලනය, ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට සාධනීය මෙහෙවරක් නොකරන බව දේශීය ධනපති පංතිය ද තේරුම් ගෙන ඇත. ගැටලුවකින් තොරව උපරිම දියුණු අවස්ථාව කරා ධනේශ්වර මෙහෙයුම් පද්ධතිය ගෙන යෑමට ලෝක ධනේෂ්වරය ගන්නාවූ පියවර ගැන දේශීය ධනපති පංතිය අවිඤ්ඤාණිකව හෝ සංවේදීවීම ප්‍රශස්තය. එහෙත් ක්‍රමයේ අවාසියට හේතු වන්නාවූ අර්බූද තාවකාලිකව හෝ කල්දමා ගැනීමට නම් මීට වඩා විද්‍යාත්මක වූ හා පුළුල් වැපිළිවෙලක් සහිත ප්‍රතිසංස්කරණයක් කරා දේශීය ධනෙශ්වරය යා යුතුව ඇත.

Advertisements

5 Comments

  1. අපැහැදිළි සටහනකි. ලිබරල්වාදය (Liberalism) කියන්නේ එකකි. ධනවාදය (Capitalism) කියන්නේ වෙන එකකි. පළමුවැන්න දේශපාලන ක්‍රමයකි. දෙවැන්න ආර්ථික ක්‍රමයකි. ඔබ වැරදි ලෙස සඳහන් කරන පරිදි ලිබරල්වාදය යනු ආර්ථික ක්‍රමයක් නොවේ. ලිබරල්වාදය යනු පුද්ගල නිදහසට ගරු කිරීම හා රජය ඊට ඇඟිලි නොගැසීමයි. ධනවාදී වුවත් ලිබරල්වාදී නොවන දේශපාලන පක්ෂ තිබේ. (උදා: බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂය, ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය.) ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය ධනවාදීද, ලිබරල්වාදීද වේ.

    විධායක ජනාධිපති ක්‍රමය තුළ මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළද හොඳ මෙන්ම නරකද ඇත. එජාපය පක්ෂයක් වශයෙන් මේ දෙක අතර වරින් වර දෝලනය වී තිබේ. එහෙත් එජාපය ආරම්භයේ සිට අද දක්වා එහි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කොට නැත. එජාපය විසින් විධායක බලතල යොදා ගන්නා ලද්දේ ධනවාදය පිණිස මිස (අද මෙන්) පවුල් වාදය පිණිස නොවේ.

    එජාපයේ වෙනස් වන ප්‍රතිපත්ති මෙන්ම වෙනස් නොවන ඒවාද ඇත. ඒ ඒ අවස්ථාවට අනුරූපවය. සේනානායක යුගයේ එජාපය කෘෂිකර්මාන්තයට මුල්තැන දුන්නේය. වර්තමාන එජාපයට කෘෂිකර්මාන්තය වැදගත් නොවේ. මේ අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය රටට හානිකර ලෙස එජාපය දකී. එය සර්වකාලීන විය යුතු නොවේ.

    අවසාන වශයෙන් එජාපයද අනෙකුත් දේශපාලන පක්ෂ සේම වෙනස් වෙයි. එසේ නැතිනම් පක්ෂයකට අනාගතයක් නැත.

  2. සමස්තය යූ ඇන් පී දෘෂ්ඨි කෝනයකින් පමණක් බැලීම සාධාරණ නොවේ. යූ ඇන්පීය හෝ ශ්‍රී ලනිපය එතරම් පුළුල් දැක්මකින් සිටිනවා යැයි කීම විහිළුවකි. සැබැවින්ම 77 න් පසු ලංකාවේ දේශපාලනයේ සිට සියළුම ක්ෂේත්‍රයන් තුල තීරණ ගනු ලැබුවේ පුද්ගලික ලාභය පදනම් කොට ගෙනය. එය විධායක ජනාධිපති ක්‍රමය ගැන විරෝධයටද අදාළය. මෙකී ක්‍රියකාරකම්වල ස්ථානගත වීම ගැන ශාන් ගේ විග්‍රහය සාර්ථක වුවද මට පුද්ගලිකව දැනෙන ලෙසට නම් ලංකාවේ තත්ත්වය විග්‍රහකිරීම සදහා ලංකාවේ දේශපාලනය, සමාජය ඉතිහාසයට සාපේක්ෂව වෙනමම ආකෘති සකසා ගත යුතු බවයි.

  3. @Ajith,
    දේශපාලනයෙන් ආර්ථිකය නිදහස් කොට දැක්වීමට ඔබ අදහස් කරයි නම් ඒක උත්සාහයක්ම පමනක් වෙනු ඇත. දේශපාලනය සහ ආර්ථික ක්‍රමය එකවර සමාන්තරව යන්නකි. ලිබරල්වාදය ගොඩනැගෙනුයේ ආර්ථික නිදහසට සමාන්තරවය. මිලක්‍රමය මත පදනම් ව ආර්ථිකයකට සමාන්තර නොවන ලිබරල් රාජ්‍යයන් මා දන්නා තරමින් නොපවතී. ලිබරල්වාදය විසින් ‍යෝජනා කරන මිල ක්‍රමය වෙනුවෙන් වන නිදහස පුද්ගලයා වෙනුවෙන් කොතෙක් ප්‍රායෝගිකද යන්න ගැටළුවකි.

  4. අජිත්ගේ මුල කැල්ලට මම එකගයි. එත් අජිත්ට නොතෙරෙන්නේ මෙ තකහනියේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරිමට යුඑන්පි ය දගලන්නේ ඇයි කියන කාරණයයි. J R පැවැත්ම ප්‍රශ්න කිරිමට පෙර ඔවුනට තිබුණේ ධනවාදය කකුල් දෙකින් සිටවිමට උත්සුක වීමයි. එත් බලය සදයා ඔනෑම කැත වැඩක් කිරිමට හැකි ග්‍රාමිය මිනිසුන් නිසා UNP එක පිරිහෙමින් පවති. රනිල්ගේ මොලේ වැඩ කලොත් හරි. ඉන්පසු මහතුනේ අපි හැමොටම මගහැර හැර ඉන්න වැඩ ටික කරන්න පුඑවමි වෙවී

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s