කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බල අරගලය කරා …………….


sarath-fonseka9878tsftc0416
මැතිවරණයකින් තොරව තවත් විසි පස් අවුරුද්දකට මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරයේ තබා ගත යුතු යැයි මල්වතු මහ නාහිමියන් යෝජනා කළේ මීට පස් මසකට කලිනි. ශ්‍රී ලංකා රාජ්‍යයට භෞතිකව අභියෝග කළ එල්.ටී.ටී.ඊ සංවිධානය ලෙයින් හා යකඩෙන් මර්දනය කළ පසුව සමාජයේ බහුතරයකගේ අදහස වූයේ ද රාජපක්ෂ රෙජීමය යාවජීවව පවත්වා ගත යුතු බවය. එහෙත් ඒ සොදුරු සිහිනයට අභියෝග කරමින් තැන තැන ඇති වූ කසු කුසුව රාජපක්ෂ රෙජීමයට එල්ල කළ ප්‍රබල පහරක් බවට පත් කළේ දකුණු පළාත් සභා මැතිවරණයෙනි.

පාලක පක්ෂය 67% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හෝ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වීම හෝ රෙජීමයේ ජයග්‍රහණය සැමරීමට තරම් අති විශේෂ දේශපාලන කාරණා නොවන බව රෙජීමය විසින්ම තහවුරු කර ඇත. ඔවුන් දකුණෙන් බලාපොරුත්තු වූයේ 80% ඉක්මවන ජයග්‍රහණයකි. ඒ සදහා දකුණ තමන්ගේ නිජ බිම යයි ද දකුණේ මිනිසුන් අති විශේෂිතයන් බව ද පුන පුනා ප්‍රකාශ කළේ වැඩවසම් හැගීම් වලට ද නැවත පණ දෙමිනි. එසේම දකුණේ දිස්ත්‍රික්ක තුනටම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ඉදිරිපත් කළහ. එහෙත් මේ සියල්ල දකුණු පළාත් සභා මැතිවරණයේ දී ප්‍රතික්ශේප කෙරිණි.

රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් ප්‍රතික්ශේප කරමින් ද අන්ත වර්ගවාදී අපේක්ෂකයන් පරාජය කරමින් ද දකුණේ දී ජයග්‍රහණය කළේ සම්ප්‍රදායි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික අපේක්ෂකයන් හා සම්ප්‍රදායි වාමාංශික අපේක්ෂකයන් ය. ඒ අර්ථයෙන් රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරී සැලස්ම වන මහින්ද ච්න්තනයට ද රාජපක්ෂ රෙජීමයේ මතවාදී දෘෂ්ඨිය වන ඒකීය වර්ගවාදය ද ප්‍රබල අභියෝගයක් දකුණෙන් ඉල්ල වී ඇත. ඒ අවිඥ්ඤාණික අභියෝගයට සවිඥ්ඤාණිකත්වයක් ලබා දීම අද දවසේ දේශපාලන අභියෝගය වුවත් ඒ අභියෝගය ජය ගැනීම සදහා ධනේශ්වරය මෙන්ම පීඩිතය ද කිසිම සූදානමක් නොදක්වන බව දෙපන්තියේම මහ පොදු සාධකයයි.

සිව් අවුරුද්දක් පුරා රාජපක්ෂ රෙජීමය විසින් ලාංකික සමාජය තුළ ඇති කළේ බරපතළ විනාශකාරී නොගැලපීමකි. එය එක් අතකින් යුද්ධයක් දියත් කරමින් පුරවැසියන් මර දැම්මේ තොග වශයෙනි.එසේම මානව හිමිකම් වලට ගරු නොකළ අතර ජාත්‍යන්තර සම්මූතීන් පවා නොපිළිගැනිණි. ආර්ථිකය කඩා වැටුන අතර සමාජයේ පරිධියේ ජීවත්වන්නන් නොතකා හැරිණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කළ අතර වර්ගවාදී, අන්තවාදී හා මහ ජාතිවාදී වෙමින් ඒකාධිපති ක්‍රමයක් කරා රාජ්‍යයේ හරය වෙනස් කරන ලදි. රෙජීමයේ මේ දේශපාලන පෙරලියට විකල්පයක් ඉදිරිපත් කිරීමට ලාංකික ධනේශ්වරයට කෙලෙසවත් හැකි වූයේ නැත. වාමාංශිකය ඒ සදහා මෝරා තිබුණේ නැත. මේ දෙපාර්ශවයම රාජපක්ෂ රෙජීමයේ වඩාත් සොදුරු විවේචකයා වූවා මිස විකල්පයේ භූමිකාවට රුච්කමක් නොදැක්වීය.

විසෙන් විස නැසීමේ දේශපාලන ක්‍රමවේදය පන්ති බාධා ඉක්මවමින් සාකච්ඡාවට ලක් වෙමින් ඇත්තේ මෙවන් මොහොතකය. එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ ද පොදු අපේක්ෂකයා ලෙස ඉදිරියට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ජනරාල් සරත් ෆොන්සේකා ය. පෙල ගැස්වෙන දේශපාලන ධ්‍රැවීකරණයන් අනුව හුදු පක්ෂ පාට ඉක්මවමින් දේශපාලන බලවේගයන් ෆොන්සේකා වටා එක් වෙනු පෙනේ. දේශීය ධනේශ්වරයේ ඝෘජු නියෝජිතයා වන එක්සත් ජාතික පක්ෂය ද රුඩිකල් වාමාංශිකයේ ජව සම්පන්න නියෝජිතයා වන ජනතා විමුක්ති පෙරමුණ ද නන්නත්තාර වර්ගවාදීන් ද ෆොන්සේකාගේ ජයග්‍රහණය පතා එක්වෙනු නො අනුමානය.ඒ අර්ථයෙන් ඒකීය වර්ගවාදී මුල ධර්මවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සමාජ තීරුවට යම් බලපෑමක් කිරීමට ජනරාල් ෆොන්සේකාට හැකිවනු ඇත.

කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමය තුළ දැන් අලුත් ආකාරයක අර්බූදයක් නිර්මාණය වී ඇත. රෙජීමයේ පැවැත්ම පිළිබද මෙතෙක් නොතිබූ බියක් දැන් නිර්මාණය වෙමින් පවතී. මෙතෙක් සමාජය තුළ කසු කුසු කතාවකට සීමා වී පැවති රෙජීමය විවේචනය කිරීමේ දේශපාලනයට දකුණු පළාත් සභා මැතිවරණයෙන් යම් සමාජ වලංගුභාවයක් ද ලැබී තිබේ.දිගින් දිගටම තමන් සමග ළාමක හා බොළද අරගලයක නිරත වූ රාජපක්ෂ රෙජීමය සදහා නව නායකත්වයක් බටහිර රාජ්‍යයන්ට ද අවශ්‍යව තිබුණි. එම අවශ්‍යතාව ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් දක්වා පුළුල් කිරීම ගෝලීය ධනේශ්වරයේ අද දවසේ න්‍යාය පත්‍රයේ පළමු කාරණාව බව හොදින් පැහැදිලි වෙමින් තිබේ.

ජනරාල් ෆොන්සේකා තම නිල තත්ත්වය ඉක්මවා දේශපාලන අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය නිලධාරියෙකි. ඔහුගේ දේශපාලන ආකල්ප අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටකි. සුළු ජාතීන් එහි වාසය කළ යුත්තේ මහ ජාතියේ අභිමතය අනුවය. බලය බෙදීම දිනා ගත් යුද ජයග්‍රහණයන් පාවා දීමකැයි ඔහු පුන පුනා පවසන්නකි. තමන් වෙත පැවරෙන්නා වූ මිලිටරිමය කාර්යභාරය රාජ්‍යයේ අවශ්‍යතාව මත ඉටු කිරීමෙන් නො නැවතී දේශපාලනඥයන්ගේ කාර්යට ද ඔහු අත ගැසීය.

ගොඩනැගෙන්නාවූ දේශපාලන බලවේගය මතවාදීමය වශයෙන් අතිශය වර්ගවාදී ආන්තික දක්ෂිණාංශික බලමුළු ගැන්වීමක් බව නොරහසකි. එම දේශපාලන බලවේගය සිංහල බෞද්ධ මතවාදී ඒකීය රාජ්‍යය තවදුරටත් ශක්තිමත් කරන්නකි. එසේම ආර්ථික සාධකයේ දී පරිධියේ සිටින්නන් තවදුරටත් දුර්වල කරන්නකි. ඒ අනුව එම බලවේගයට කිසිම අයුරකින් දෙමළ මුස්ලිම් සමාජ තීරුවේ ද ආර්ථික පීඩිතයන්ගේ ද විශ්වාසය දිනා ගත නොහැක.දෙමළ ජනතාව තවදුරටත් අනාථ කදවුරු තුළට ද සිංහල ජනතාව තවදුරටත් සිර කදවුරු තුළට ද ගාල් කිරීම හැර මේ නව දේශපාලන බලවේගයට වෙනත් යමක් ඉටු කළ නොහැක. ඒ අර්ථයෙන් ලාංකික සමාජය මුහුණ දෙන්නා වූ දේශපාලන අර්බූදයට ජනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ගොඩනැගෙන දේශපාලන බලවේගය මගින් විසදුමක් ලැබෙන්නේ යැයි සිතීම සුන්දර සිහිනයක් පමණි.

කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ එතිහාසික කාර්ය භාරය අවසන් කළ යුතු යැයි ගෝලීය ධනේශ්වරය තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. දැන් ඔවුන් සොයමින් සිටින්නේ ඒ සදහා වූ විකල්පයකි. ජනරාල් සරත් ෆොන්සේකා ඒ කාර්ය භාරය සදහා තෝරා ගැනීමට නියමිතය. ගෝලීය ධනේශ්වරයේ මේ තීරණය ඒ ආකාරයෙන්ම පිළිගැනීම හැර ලාංකික ධනේශ්වරයට වෙනත් විකල්පයක් ද ඉතිරි වී නොමැත.

Advertisements

7 Comments

  1. Interesting to read. Your points that have highlights in your pieces is good. Shall we talk about Fonseka’s factor and his challenges in post-War era ? According to me, Fonseka is only man who can give Oxygen to Opposition at this moment, but who know how can he face to Rajapaksha’s crook strategies… Can Ranil/Mangala help him?

  2. ජනතා විමුක්ති පෙරමුණ සැමවිටද උත්සහ දැරැවේ කෙටි උපක්‍රම හරහා බලය රඳවා ගැනීම සඳහාය. මේ හිරිකිත ඉක්මන්කාරීත්වය අතීතයේ පටන් අද දක්වාත් ඔවුන්ගේ ජන්ම පුරුද්දකි. ජනරාල් සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ රෙජීමය වෙත අභියෝගයක් ලෙස ගෙන ඒම ඔවුන්ගේ උපාය මාර්ගික අරමුණක් වෙනුවෙන් නොව, දැවැන්ත ලෙස පිම්බී ඇති රාජපක්ෂ පාලනය වෙත අභියෝගයක් එල්ල කිරීමේ වෑයමක් පමණි. එයින් අනාගතයේ ලාංකීය සමාජය වෙත එල්ල විය හැකි බලපෑම ගැන ඔවුන් වැඩිදුර නොසිතන බව සහතිකය

  3. I read your new post carefully. I can clearly agree with the views in it. It’s ok on the analytical-level. But the Left should go beyond interpretation. Mere analysis of what’s happening on the political stage is not enough. The socialist left should present a clear political/economic alternative before the masses.

    On the political front, the Left should clearly show how it will transform the existing political structure. In other words, how exactly it would carry out the “democratic revolution”.

    On the economic front, the Left should clearly tell the masses how exactly the Left is planning to introduce a socialist economic model in Sri Lanka and eradicate poverty. The Left Alternative must be put before the masses in an easily comprehensible way.

    The Left should present the call for a “united front of all the left parties & the minority parties” and mass organizations (trade unions) as part of the above-mentioned “alternative political/economic programme” that combines the democratic/socialist aspects of the impending transformation.

    Regards…..Vasantha

  4. I DO NOT AGRRE WITH YOUR PREDICIONS. MYASSESMENT WILL BE IN MY COLUMN ON SUNDAY. BUT YOUR ARTICLE IS GOOD

  5. බුමුතුරුණු, රටේ පවතින තත්ත්වයන් ගණනාවක් ඉතා හොඳින් ඉදිරිපත් කරල තියෙනව. ඒත් ඒ ඒ දේවල් අතර තිබෙන ප්‍රතිවිරෝධයන් සහ එම ප්‍රතිවිරොධයන්ගේ මෝරා යාම් නිසා ඇති වන අලුත් තත්ත්වයන් ගැන කියා ඇති අනාවැකි නම් නොගලපෙන බවයි මට නම් පෙනෙන්නෙ.

    ඒවාගෙන් එක දෙයක් ගෙන බලමු. ඔබ කියන විදිහට, ගෝලීය ධනෙශ්වරය වෙනුවෙන් වන මහින්දගෙ අයිතිහාසික කර්යභාරය අවසන් කියලා ගෝලීය ධනෙශ්වරය හිතන්ට තව කල් තියෙන බවයි මට නම් පෙනෙන්නේ. ගොලීය ධනෙශ්වරයට එහෙම හිතෙන්න නම්, එක්කෝ මහින්ද ගෝලීය ධනෙශ්වරයට විරුද්ධව යන්න්ට ඕනේ. එහෙම නැත්නම් ලන්කාවේ ජනතාවට මහින්ද එපා වෙලා, ඒ නිසාම ගැටුම්කාරී බව වෙඩිවෙලා ලන්කාව තුළ ප්‍රාග්ධනය පවත්වාගෙන යාම අර්බුදයකට යන්න්ට ඕනෙ. එහෙම වුනොත් නම්, මාකෝස්ට පිටුපැව වගේ දෙයකට යන්ට පුලුවන්.

    ඒත් සිරි ලන්කාවෙ ජනතාව, තාම ලන්කා මාකෝස්ට ලොකු විරෝධයක් නැති නිසා ගෝලීය ධනෙශ්වරය විසින් මිනිහව අයින් කරයි කියල හිතන්ට මට නම් අමාරුයි.

    හොඳම උදාහරණේ ලන්කාවේ ප්‍රසිද්ධම මුහුදු වෙරලක සිය ගානක් බලා ඉඳිද්දී පොලිස්කාරයෝ තුන් දෙනෙක් මිනිහෙකුට පොලුවලින් තලල මැරුවා. එතන හිටපු එක මිනිහෙක්වත් ඒකට විරුද්ධ වුනෙ නෑ. එක්කෝ බයට. නැත්නම් අදාල, නෑ කියල හිතුව.

    ඉතින් මේ වගේ ප්‍රතිරෝධනයක් දක්වන්නේ නැති මිනිස්සු ඉන්න තාක් කල් ප්‍රාග්ධන මෙහෙයුම්වලට මිනිසුන්ගෙන් අනතුරක් නෑ. පාලකයා මොන දහ බලුකම් කලත් තමන්ගේ රූකඩයක් වෙලා ඉන්නකම්, ඒ නිසා වාසි ලබෙනකම් ඉවත් කරන්න හේතුවක් නෑ.

    ඒ නිසා, ඔය සරත් පොන්සේකා සෙල්ලම මට නම් හිතෙන්නෙ යාන්තමට මතු වී තිබෙන ආණ්ඩු විරෝධය වෙනතකට යොමු කරන්නට කරපු නාට්‍යයක්. අවසානේ අපිට බලගන්ට පුලුවන් වේවි ඔය දෙන්නා තුන්දෙනා අතර සම්මුතියක්.

    ඒ නිසා මේ දැන් පෙන්වන නාට්‍යය ගැන තව පාරක් හිතමු.

  6. obalage article1 creative mama dakina widihata apata ona karala tiyenne me bahubuta vidayaka janadipati kramaya ahosi karala eka minihek porak karanne natuwa bala tala vimaddya gata wana nayakattwayak nirmanaya kirimai.ehidi janadi patige wate ellila inna balu kukkonta awassya geme deema saha pawl posanaya natara karala niwaradi nayakattwayak goda nagimata ejapayada jvp1 da anith parties da kiyala wadak na.awassya podu nayakatwaya deemata siyalu denama pela gassennata sakktiya dahya labewa kiyala samasta sri lankikayanta suba patanawa.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s