තීරණාත්මක වන්නේ “ලොකු තාත්තාගේ” කාර්ය භාරයයි.


mahinda_ranil

ඇමෙරිකා එක්සත් ජනපදයේ මර්මස්ථානයන්ට අල්කයිඩා ප්‍රහාර එල්ලවීමත් සමග මුළු ලෝකයම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ” පෙළ ගැසී තිබුණි. තවදුරටත් සාමකාමී දේශපාලන විසදුමකට අවස්ථාවක් ලබා නොදී යුදමය ලෙස “ත්‍රස්තවාදය” මුලුනුපුටා දැමීමට උපාය උපක්‍රම වෙනස් කෙරිණි.බලය බෙදා කල් පවත්නා දේශපාලන විසදුමක් ජාතික ප්‍රශ්නයට ලබාදීමට 2003 දී ගත් අවසන් උත්සාහයද එල්.ටී.ටී.යේත් චන්ද්‍රිකා – රනිල් හවුලේත් පටු දේශපාලන දැක්ම නිසා අහෝසි වුණි. එල්.ටී.ටී.ඊ සංවිධානය ද දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බවට ගෝලීය ධනේෂ්වරය ඒ වනවිට එකගතාවකට පැමිණ තිබුණි.ඒ එතිහාසික අවශ්‍යතාව ඉෂ්ඨ කිරීමේ වගකීම පැවරුණේ මහින්ද රාජපක්ෂට ය.වර්ෂ 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරවන එකම අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ.ය යුදමය ලෙස විනාශ කිරීම සදහා යැයි කිවහොත් එය වඩා නිවැරදි ය.

වර්ෂ 2006 දී රාජපක්ෂ රෙජීමය හා ගිවිසුමක් අත්සන් කරමින් එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ ගෝලීය ධනවාදයේ බලාපොරුත්තුවට තමන් එකග බවකි. ඒ එකගතාව කොතෙක් ශක්තිමත් දැයි වූවාදැයි කිවහොත් එක අකුරක්වත් නොදුටු 2007 අය වැය යෝජනා වලට සම්පූර්ණ සහාය දීමට ද සූදානම් යැයි ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. සුවිශාල පන්ති ඉවකින් යුත් වික්‍රමසිංහයන්ගේ මේ දේශපාලන තීන්දුව තේරුම් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අපොහොසත් වුණි. ඔහු පන්ති දැක්මකින් දේශපාලනය දකින්නේ නැතිව කට්ටිවාදීව දේශපාලනය තේරුම් ගත්තේය. එම වියවුල් දැක්ම රජයේ මතවාදය වූ නිසා රාජපක්ෂයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නන් ගේ ද මතවාදය වූයේ පක්ෂයක් වශයෙන් එ.ජා.ප.යේ සහාය ලබා නොගෙන එ.ජා.ප මන්ත්‍රීවරුන් සමූහයකගේ සහායෙන් රෙජීමය ශක්තිමත් කිරීම නිවැරදි බවයි.

ජාතික ධනේශ්වරය බල මුළු ගන්වා රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරමින් දේශීයව අවශ්‍ය දේශපාලන යටිතලය සකස් කළේය. එසේම එල්.ටී.ටී.ඊයේ අවි ආයුධ ලබා ගැනීමේ සබදතා ද මුදල් එකතු කිරීමේ ජාලය ද ඇතුළු සියළු සැපයුම් ජාලයන් පිළිබද බුද්ධි තොරතුරු රාජපක්ෂ රෙජීමයට ලබාදීමට ගෝලීය ධනෙශ්වරය පසුබට නොවෙමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ශ්‍රී ලංකාව ද සම්බන්ධ කර ගත්තේ ය. එපමණක් නොවේ. මූල්‍යමය ලෙස ද භොතිකමය ලෙස ද අවශ්‍ය සියළු ප්‍රාග්ධනය මෙරටට ලබාදුනි. ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ද චීනයේ සිට ජපානය දක්වා ද සියළු ධනපතීන් රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමට එක පෙළට සිට ගත්තේ ඒ අනුව ය.සම්ප්‍රදායි උදාහරණයකින් ඇති වූ දේ පැහැදිලි කළහොත් මතු වන්නේ මෙවැනි ච්ත්‍රයකි. දේශීයව එදා සිටියේද මේ හමුදාවම ය. මේ දේශපාලකයන්ම ය. එහෙත් වෙනස් වූයේ ගෝලීය දේශපාලන මතවාදයයි. ඒ මතවාදය ශක්තිමත් කරමින් එය මෙහේය වූ ගෝලීය දේශපාලන නායකත්වයයි. ඒ අර්ථයෙන් එල්.ටී.ටී.ඊ. විනාශ කිරීමේ ගෞරවය යා යුත්තේ ගෝලීය ධනේශ්වරයටයි.ඇත්තෙන්ම එල්.ටී.ටී.ඊ.ය විනාශ කළ රණකාමියා වන්නේත් දේශපාලන නායකයා වන්නේත් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් බව නොරහසකි.

ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට බාධාවක් වූ එල්.ටී.ටී.ඊ.ය ද එහි නායකයා ද තවදුරටත් වලංගු දේශපාලන ප්‍රපංචයන් නොවේ. එය ලෙයින් හා යකඩෙන් මර්දනය කරමින් තම එතිහාසික පැවරුම සම්පූර්ණ කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කළේ ගෝලීය ප්‍රාග්ධනය ද මවිතයට පත් වන අන්දමිනි. එල්.ටී.ටී.ඊ.යේ අවසානයත් සමගම ගෝලීය දේශපාලනයේ ද වෙනසක් ඇති වුණි. එතෙක් යුදවාදී දේශපාලනයට යටව තිබූ ලෝකය එම මතයෙන් ඉවත්වෙමින් වෙනස් දැක්මකින් යුතුව කටයුතු කරන්නට මුල් පියවර තබා තිබුණි. තවදුරටත් යුද දේශපාලන දැක්මකින් කටයුතු කිරීම ප්‍රාග්ධන සංචලනයට හානියක් බව ගෝලීය ධනේශ්වරය තේරුම් ගනිමින් සිටියහ. ඒ නිසා ගෝලීය දේශපාලනය වෙනස් කරමින් ජෝර්ජ් බුෂ් වෙනුවට බරක් ඔබාමා තීන්දු තීරණ ගනිමින් සිටී.

we_can_do_it (1)

යුද දේශපාලනය විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කරා රාජපක්ෂ රෙජීමය තල්ලු කරද්දී පවා යම් කිසි තිරිංගයන් කිහිපයක් මගින් රෙජීමය පාලනය කර තිබුණි. බලය බෙදීමේ දේශපාලන විසදුමක් වහා ඉදිරිපත් කිරීම, සරණාගතයන් හැකි ඉක්මනින් යළි තම ගම් බිම් හි පදිංච් කිරීම හා හැකි උපරිම අයුරින් මානව අයිතීන්ට ගරු කිරීම ඒ අතුරින් ප්‍රධාන කාරණා කිහිපයකි. එල්.ටී.ටී.ඊ ය මර්දනය කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට කොතෙක් වරදාන ලබාදුන්න ද යම් යම් සමාජ අගයන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රෙජීමය හා ගෝලීය ප්‍රාග්ධනය අතර ගැටුම් ඇතිවුණි. එහෙත් ප්‍රධාන ප්‍රස්තූතය ජය ගැනීමේ ඉලක්කයට ඉන් කිසිම හානියක් සිදු නොවුණි.

ගෝලීය දේශපාලනයේ වු්‍යහාත්මක වෙනස්කම් අවබෝධ කර ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වීම නිසා පැවති සුළු සුළු අමනාපකම් දුර දිග යෑම කළමනාකරණය කර ගැනීමට ද එය අසමත් වුණි. යුද්ධය ජයග්‍රහණය කිරීම තුළින් ඇති වූ උද්දච්ඡ මනෝභාවය ද ඊට හේතු වන්නට ඇත. ඉන්දියාව කිහිපවිටක්ම රවටා ඇති අතර කලාපයේ ඉන්දියානු අභිලාෂයන් නොසලකා හරිමින් කලාපයේ බල තුලනය වෙනස් වන පරිදි ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවමින් සිටී. එසේම බටහිර රාජ්‍යයන්ට ඉහළම මට්ටමින් අභියෝග කරමින් ගෝලීය යුගයේ මුරණ්ඩු තරුණයාගේ චරිතය ශ්‍රී ලංකාව රග පාමින් සිටී. ඒ නිසා තමන්ගේ පැවරුම සාර්ථකව අවසන් කළ ද රාජපක්ෂ රෙජීමය සම්බන්ධයෙන් දැඩි තීරණයකට ගෝලීය ධනේශ්වරය පැමිණ ඇති බව පෙළ ගැස්වෙන දේශපාලන කාරණා පවසන ච්ත්‍රයයි. ගෝලීය ධනේශවරය එක් මතයක ද රාජපක්ෂ රෙජීමය තවත් මතයක ද සිටීමේ නොගැලපීම විසින් එම දැඩි තීරණය තවත් ශක්තිමත් කරමින් පවතී.

ජී.එස්.ටී ප්ලස් අර්බුදය මත යුරෝපා කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොසලකා හැරීම මත එක්සත් ජනපදයේ උනන්දුව පළ කළ වාර්තාව ද රෙජීමයේ දේශපාලන පදනමට ඉල්ල කළ ප්‍රබළ අභියෝගයන් ය. එවැනි විවේචනශීලී වාර්තාවක් මෑත කාලය තුළ විපක්ෂය තුළින් පවා ඉදිරිපත්ව නැත.එක් අතකින් එවැනි බරසාර විවේචනයකට යෑමට තරම් ජාතික ධනේශ්වරය මේ අවස්ථාවේ දී විචාරශීලී නැත. අනෙක් අතින් වාමාංශය එපමණකට හෝ ගෝලීය ධනේශ්වරය ගැන සබුද්ධික නැත. ජාතික ධනේශ්වරය මෙන්ම වාමාංශිකය ද වර්ථමානයේ දේශපාලනය කරන්නේ එදිනෙදා පැන නගින්නා වූ ගැටලු ඉලක්ක කර ගනිමිනි. එසේ නැතිව තමන්ගේම වූ වැඩපිළිවෙළක් තුළින් සංවර්ධන ඉලක්කයන් ජය ගැනීම සදහා වූ වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැත. මේ මොහොත තුළ ගෝලීය දේශපාලනය තේරුම් නොගෙන ජාතික දේශපාලනයේ යෙදීම හුදු හාස්‍යජනක නාඩගමක් වන්නේ එබැවිනි.

රාජපක්ෂ රෙජීමයේ අභ්‍යන්තරයට දැනෙන්නා වූ බලපෑමක් කිරීමට ජාතික දේශපාලනය තවමත් සමත්ව නැත. පොදු දේශපාලන වේදිකාව තුළින් එල්ල වන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට තරම් රාජ්‍යයේ පදනම ශක්තිමත් ය. නව ලිබරල්වාදය කර පින්නා ගත් ගෝලීය ධනේශ්වරය ඒ පදනම් අවශ්‍ය තරමටත් වඩා ශක්තිමත් කර තිබේ. ඒ නිසා රෙජීමයේ පැවැත්මට සැබෑ ලෙස අභියෝග කළ හැක්කේ ගෝලීය දේශපාලනය සම්බන්ධයෙන් සබුද්ධික විකල්ප දේශපාලන හෙජමොනියකට පමණි. එහෙත් ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ලාංකික ධනපති පන්තිය හා පීඩිත පන්තිය තවමත් තම මොළය වෙහෙසවීමට මැළිකමක් දක්වති. එනිසා රාජපක්ෂ රෙජීමය ඉවත් කර තමන්ට ගැලපෙන රෙජීමයකට ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබාදීමට ගෝලීය ධනේශ්වරය කටයුතු කරමින් සිටින බවක් දක්නට ලැබේ.

මේ මොහොත තුළ තීන්දු තීරණ ගැනීමේ ලා ජාතික දේශපාලනයට ශක්තිමත් භූමිකාවක් නොමැත. මේ අර්ථයෙන් නිරීක්ෂණය කළ විට රාජපක්ෂ රෙජීමයේ හෙජමොනියට ශක්තිමත්ම අභියෝගයක් එල්ල කරන්නේ දේශීය දේශපාලනය තුළින් නොව ගෝලීය දේශපාලනය තුළින් බව අවධාරණයෙන් පැවසිය යුතුය.

Advertisements

7 thoughts on “තීරණාත්මක වන්නේ “ලොකු තාත්තාගේ” කාර්ය භාරයයි.

  1. Shan,

    Yes ur point is corrected. The world capitalized economical system become opposition party of Sri Lanka that is bargaining the Rajapaksha first country, while the real opposition waiting for good energetic leader who can be fueling the Party.
    However some point that you mention over LTTE and their eliminating cant be agreed, but generally good analytical view.

    Rgs,
    Nilantha

  2. Capitalism, like Marxism, is a religion. It has its own value system and that does not depend on individuals or organisations (terrorists or not – all these are our definitions) So I agree with you they do not care it is Ranil, Mahinda or Prabhakaran. The reason why Prabhakaran lost his image in the capitalist world is he was so unproductive. Not because he was a terrorist.

    There is hardly any conscious well developed ‘nationalistic capitalistic’ class in Sri Lanka – like Birla’s in India. (Kothelawalas or Harry Jayawardenas have never thrown out governments.) They have never challenged any government in the history.

    So your last point, right now the biggest challenge comes from global capitalism (I don’t agree with the term, but use it as you have already done) is correct by default. It was correct in 1952, 1956, 1960, 1965, 1971, 1977, 1994 and it is correct today. No big deal.

  3. ඔහු ලියන ුරුතින් ගත් කල මෙය සාධාරණ ප්‍රකාශයකි.. මෙහිදී උත්සාහ ගෙන ඇත්තේ මෙහි ඇති ගෝලීය බව හා ගෝලීය ප්‍රාග්ධනයේ බැලපෑම ලංකිවට කෙතරම් බලපා ඇත්ද යන්නයි. බුමුතුරුණුගේ අදහස අන්ව මේ සියල්ලම ධනේෂ්වර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් විය හැකිය. මා ‍එයට එතරම් එකග නැත. පැවති යුද්ධයට ද මාගේ එකගතාවයක් තිබුයේ නම් ඇත්තේ වෙනස් විදියකිනි. මේ යුදුධයේ මට ද වීරයෝ නැත. නමුත් මෙවැනි කාරණයක් ඉදිරිපත් කල වහාම බුමුතුරුණු හුදු ලියන්නෙක් බවට පමණක් පත්වේ.

    මා ද පිලිගන්නා පරිදි මෙය ධනේෂ්වර ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රය නම් ,, එය වටා ධනේෂ්වර හා වාම කණ්ඩායම් දැන් පෙල ගැසී ඇත. පිලිතුර කොහිද? මේ ආකාරයෙන් ගෙන බැලූ විට සියලුලන්ටම සුදනන් විය හැකිය. බල්ලෙක් හපා කෑවත් එය ගෝලීය ධනේෂ්වරයේ ගැටලුවකැයි කීමට තරම් මෙම න්‍යය අද විහිළුවක් බවට පත්ව ඇත.

    මට ලිපියේ අන්තර්ගතයේ ඇති දාර්ශනික හා විද්‍යාත්මක යථාර්තයට පිටු පා යා නොහැකිය. නමුත් එක් මතයක්, එක් දේශපාලනයක්, එක් නයායක් වැනි හැඩයට මට එකතු විය නොහැකිය..

  4. ‍ගෝලීය ධනේශ්වරය ලංකාවේ ආණ්ඩු වෙනස් කිරීමට මැදිහත් වන්නේ රට තුළ ඒ වෙනුවෙන් ඇති වන පෙළගැස්ම හා අනුගත වෙමිනි. ඉරානයේ ද වර්තමානයේ දක්න්නට ලැබෙන්නේ මෙවැනි තත්වයකි. 2005 සිට මහින්ද රාජපක්ෂට ලබා දුන් අවකාශය තුළ ඔහු බටහිරට අභියෝගකාරී වන සෙල්ලම් දැම්මා සේ ම රට තුළ දේශපාලන බලවේගවලට ඉදිරි අවතාශයක් තුළ පවා ඒ ඉඩ විවෘතව පවතී. ඉදිරි ආණ්ඩුවක සන්ධානගත විය හැකි රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් අන්තවාදයත්, ජවිපෙ අති වාම සටන් පාඨ හා නොගැඹුරු ජනප්‍රියවාදයත්, ෆොන්සේකාගේ හමුදා ආඥාදායක ස්වරූපයත් අතර සම්ප්‍රයුක්තය වෙත බලපෑම් කිරීමේ හැකියාව සිවිල් සමාජය විසින් ගොඩනඟා ගත යුතුව තිබේ. පෙරහැර බලා ගෙදර එන වත්මන් සිවිල් සමාජය එයට සූදානම් ද යන්න ගැටළුවකි.

  5. ශ්‍රී ලාංකික දේශපාලනය තුල ගෝලීය බලපෑමේ ස්වභාව‍ය සුළු පටු නැතත්, අනවශ්‍ය පරිදි ලාංකික දේශපාලනික තත්ත්වයන් ගෝලීය දේශපාලනය හා මුසුකිරීමට යාම තුල විමල් වීරවංශගේ ගෝලීය දේශපාලනය දේශපාලනිකව යොදාගැනීමකට සමාන වීමේ අවධානමක් මතුවිය හැක.
    “වර්ෂ 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරවන එකම අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ.ය යුදමය ලෙස විනාශ කිරීම සදහා යැයි කිවහොත් එය වඩා නිවැරදි ය.”
    මේ කියමනට මා එකග නැත. මන්ද ඒ සමය (රනිල් වික්‍රමසිංහ පාලන සමය) තුලදී බටහිර දේශපාලකයින් ගේ ඉලක්කය යොමු වී තිබුනේ රනිල් දෙසට බව මාගේ අදහසයි.මහින්ද නැටවෙන රූකඩයක් වුවද ගෝලීය වුවමනාවන් සදහා නැටවිය හැකි හොදම චරිතය රනිල් බව ඔවුන් තවමත් විශ්වාස කරන බවක් පෙනීයයි.
    “ඇත්තෙන්ම එල්.ටී.ටී.ඊ.ය විනාශ කළ රණකාමියා වන්නේත් දේශපාලන නායකයා වන්නේත් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් බව නොරහසකි.” පුද්ගලිකව ඔබගේ මේ අදහසට මම එකගවන්නේ නැත.මන්ද එක්තරා නිශ්චිත මොහොතකදී මහින්ද සමග ‍ගොලීය තත්ත්වයන් එකට සිටීමක් සිදුවුනද, සමස්තයක් ලෙස එල්ටීටීයේ සමූල ඝාතන‍ය සදහා බටහිර රටවල් එකග නොවීමයි.මන්ද ඔවුන්ගේ දේශපාලනික අරමුණ ස්ථානගත වන්නේ හුදු ප්‍රාග්ධන සංසරණයේ නිදහස ලබාගැනීම සදහාම පමණක් නොවන හෙයිනි. ඔවුන් එ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීන් බවට පත්විම වැළැක්විය නොහැක.
    අනෙක් කරුණ මගේ නිරීක්ෂණයට අනුව ඇමරිකාව මූලික ‍කොට ගෙන ලෝක බලදේශපාලනයේ හැඩරුව තීරණය කිරීම මේ වන වි අභියෝගයකට ලක්වෙමින් පවතී.මට අනුව මෙ status quo හි සංක්‍රමණික කාලපරිචේදයකි. ඒ අනුව ඇමරිකාවේ භූමිකාවෙන් කොටසක් චීනයට බෙදී යන අතර තුර බටහිර බලාධිපත්‍ය අළුතෙන් ගොඩනැගුණු බලාධිපත්‍යයන් වෙත බෙදී යාමක් සිදුවේ.මේ නිසා ගෝලීය දේශපාලනයේ තත්ත්වයන් තේරුම් ගැනීමේ වෙනස් කෝණයක අවශ්‍යතාවක් මතුවේ.

    1. ගෝලීය ධනපතියන්ට මිනිස් අයිතිවාසිකම් රුක ගැනීමක් ගැන මේ අදියරේ දී අවශ්‍යතාවක් තිබුණේ නැත. ඔවුන් ඒ ගැන කතා කළේ ද එය ප්‍රාග්ධන සංසරණයට බාධාවක් නම් පමණි.

      2005 දී ගෝලීය ධනපතියන් මහින්දට ප්‍රේම කළේ රනිල් සමග අමනාපයෙන් නොවේ. එහෙත් එල්.ටී.ටී.ඊ.ය අවසන් කිරීමට රනිල් ගිය මගට වඩා මහින්දගේ මග ඒ මොහොතේ දී වඩා ප්‍රායෝගික බව ඔවුහු දැන සිටියහ. රනිල්ගේ මගට යහපත් ජනතා ප්‍රතිචාරයක් නොලැබුණි. එය රට පාවාදීමකැයි වැරදි ලෙස තේරුම් ගත්හ. නමුත් මහින්දගේ මගට ලැබුණ ජනතා ප්‍රතිචාර යහපත් විය. ඒ නිසා කොක්කෙන් හෝ කෙක්කෙන් වැඩේ කිරීමට මහින්ද තෝරා ගත්හ. රනිල්ට ද එතනටම යන්නැයි කීය.

      දැන් නැවතත් රනිල්ට වැඩි වැඩියෙන් ප්‍රේම කිරීමට පටන් ගෙන ඇත.

      ලෝක බල තුලනයේ හැඩ රුව වෙනස්වීම ගැන දරන අදහසට එකග වෙමි. නමුත් සංක්‍රමණික කාලය තුළ මගේ අදහස් තවමත් වලංගු බව මම සිතමි.

  6. Your article seems to me to be a bit simplistic and one-sided. In my view, the blame for the defeat should go mainly to the Tiger leadership. Tigers shouldn’t have started its mini-state project at all. They should have remained a guerilla force.

    On the political front they should have built a broad umbrella organization that accommodates dissent – perhaps, a Tamil National Congress. Also, they should have worked tirelessly to build amicable bridges to the Sinhala/Muslim progressive forces in the south, instead of launching terrorist attacks. They should have helped build independent workers & peasants’ organization in the north-east that could have easily come to terms with the trade-union movement in the south.

    None of this happened because of LTTE’s narrow nationalism and separatism. Tigers’ mini-state project had put an enormous burden on the Tamil people, quite unnecessarily. If not, they could have used the enormous funds they received from the Diaspora for good use. It was Tigers’ dogmatism and their separatist ideology that blocked a socialist vision that could have transformed Sri Lanka.

    The Southern Left also should share the blame for failing to develop the correct approach to the Tamil struggle and to facilitate the groundwork for a common struggle. If the Tigers and the Southern Left succeeded in reaching a common socialist vision then any policy changes on the global scale would not have had a decisive impact. Strong north-south links would have prevented the Sri Lankan state from committing its entire army to the north. [Remember, it’s the defeat of the Tamil forces that encourages a ‘possible military takeover’ in the south.]

    There are no separate solutions for the Tamils, Sinhalese and the Muslims. The answers to social & economic oppression should be found in democracy & socialist economics. Therefore, it will have to be a common struggle.

    Vasantha Raja

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s