ගස් නොදැක කැලය දැකීම


අචේ සන්නද්ධ සටන්කාමීන් ඉන්දුනීසියානු රජයත් සමග එකගතාවකට ආවේ සුනාමි ව්‍යසනයත් සමගය. නේපාලයේ මාවෝවාදී සටන්කරුවෝ ද ඒකාබද්ධ විපක්ෂය හා එකගව යම් අතර මැදි විසදුමකට විත් රාජ්‍ය බලය ද ලබා ගත්හ. නොබෝදා එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෙයින් හා යකඩෙන් මර්දනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සමත් වුණි. නියැදියක් ලෙස මේ සන්නද්ධ ව්‍යාපාර තුනෙහි අවසානය සලකා බැලූ විට ඒවා සියල්ල ගෝලීය දේශපාලනය හා අත්‍යයන්තයෙන්ම බැදුණු සිද්ධින් බව පැහැදිලි කරුණකි.

අචේ සාම ගිවිසුම ඇතිවීම කෙරෙහි යුරෝපා ප්‍රජාව ඇතුලත් බටහිර ධනේශ්වරයේ ඝෘජු සම්බන්ධයක් තිබුණු අතර නේපාල මාවෝවාදීන්ගේ පාර්ලිමේන්තු ආගමනය කෙරෙහි ද බටහිර ප්‍රජාවේ මැදිහත්වීමක් තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද බලයෙන් මර්දනය කිරීමේ මෙහෙයුම පිටුපස ද බටහිර ධනේශ්වරයේ සහ සම්බන්ධතාව කැපී පෙනුණි. මේ අර්ථයෙන් බැලූ විට මෙකී සන්නද්ධ සටන් ව්‍යාපාර තුනම ආකාර තුනකින් ශූන්‍ය කිරීමට විවිධ අත්හදා බැලීම් ඔස්සේ වුවද බටහිර ධනේශ්වරයට හැකිව තිබේ.

අචේ හා නේපාල ප්‍රශ්නයන් කුමන අවශ්‍යතාවකට කාගේ කැමැත්තට විසදුන ද ඒවා ජය – ජය ප්‍රතිලාභ ලබාදෙමින් ශූන්‍ය වුණි. එහෙත් ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ශූන්‍යත්වයට පත් වූයේ එම සංවිධානයට මාරාන්තික විනාශයක් ද රජයට අසීමිත ජයග්‍රහණයක් ද ලබා දෙමිනි. සන්නද්ධ සංවිධාන ශූන්‍යත්වයට පත් කිරීමේ මෙහෙයුම් වලදී ශ්‍රී ලංකාවේ දී අනුගමනය කළේ වෙනස් ක්‍රමවේදයක් වන අතර එය කෲර හා අමානුෂික ක්‍රමෝපායක් විය. ඒ නිසාම එමගින් සමාජයට අත්කර දුන්නේ විශාල විනාශයකි. සටන්කාමී ව්‍යාපාරයන් ශූන්‍ය කිරීමේ දී සමාජයට අත් වන්නේ සහනයක් ද විනාශයක් ද යන්න නොවිමසා කොයි ආකාරයෙන් හෝ ඒවා කරළියෙන් ඉවත් කිරීමට ගෝලීය බලවතුන් තීන්දු තීරණ ගත්තේ 2001 එක්සත් ජනපදයට දී එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයෙන් පසුවය. ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ජෝජ් බුෂ් ලෝකයේ සියළු සටන්කාමී ව්‍යාපාර ශූන්‍ය කිරීමේ මහා මෙහෙයුමට පණ පෙව්වේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන ආරම්භ කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන්ට ගරු කිරීම, බහුත්වවාදය හා පුද්ගලික නිදහස වැනි සමාජ සාරයන් මත පෝෂණය වූ ලෝකය මෙතැන් පටන් වැඩි අවධානයක් යොමු කළේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ස්වාධිනත්වය හා ඒකීයත්වය වැනි ප්‍රපංචයන් කෙරෙහි ය. ලෝ පුරා එකි නෙකා ඇන කොටා ගනිමින් යුද වැදුන අතර නොසන්සුන්තාව දිගින් දිගටම වර්ධනය වුණි. එක් අතකින් යුද්ධ ව්‍යාප්ත වූ අතර ගෝලීය ධනවාදයේ හානිකර ප්‍රතිවිපාකයන් අනෙත් අතින් ලෝකය පුරා මතු වුණි. මෙම ධ්‍රැවීකරණයන් සමග ලෝකය මිනිස් වාසයට නොගැළපෙන මට්ටමට ක්‍රමයෙන් වෙනස් වුණි.

අචේ හා නේපාල නියැදියන් ඇතුළු ලොව පුරා බොහොමයක් අත්දැකීම් වලට වෙනස්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය ශූන්‍ය කිරීමට අතිශය අමානුෂික, කෲර හා විනාශකාරී ක්‍රමෝපායන් තේරුවේ කුමක් නිසාදැයි පැහැදිලි නැතත් ඒ විනාශයට එම සංවිධානයේ දැක්මක් නැති අඥාණ තීන්දු තීරණ බලපෑ බව නම් පැහැදිලිය. 2002 දී රනිල් වික්‍රමසිංහයන් හා අත්සන් කළ සටන් නැවත්වීමේ ගිවිසුම් කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය අනුගමනය කළ දේශපාලන තීන්දු එතරම් නම්‍යශීලී වූයේ නැත. එසේම ගෝලීය දේශ්පාලන උපමාරූන් හා සමපාත වූයේ ද නැත. එල්.ටී.ටී.ඊ. දේශපාලන න්‍යයාචාර්ය ඇන්ටන් බාලසිංහගේ අභාවයෙන් පසුව ඒ තීන්දු තීරණ තවත් උද්දච්ඡ් මනෝභාවයකින් සංයුක්ත වුණි. අවසානයේ සියළු තීන්දු තීරණ ගත්තේත් ක්‍රියාත්මක වුණේත් ගෝලීය දේශපාලන ධ්‍රැවීකරණයන් නොතකමින් හුදු දෙමළ ඩයස්පෝරාව කෙරෙහි වූ අනවශ්‍ය හා ළාමක විශ්වාසය මත පදනම් වෙමිනි.

ලාංකික දේශපාලන භූමිය සන්සුන් කිරීමේ ගෝලීය අවශ්‍යතාව මේ වනවිට සාර්ථකව නිමා වී තිබේ. එහෙත් දෙමළ දේශපාලනය තුළ මතු වී ඇත්තේ විශාල රික්තයකි. මේ අවකාශය කාලයක් තිස්සේ පුරවන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය ද අයත් අවි ගත් සටන්කාමී සංවිධාන විසිනි. ඒ මිලිටරිමය බලය දැන් නිහඩ කර ඇතත් අත්‍යවශ්‍යයෙන්ම සමනය කළ යුතු දෙමළ දේශපාලන සීමාසහිතකම් කෙරෙහි කිසිවෙක් සංවේදීභාවයක් දක්වන්නේ නොමැත. දෙමළ ජනතාවගේ දේශපාලන අරගලයට කවදත් සිංහල සමාජය උනන්දු වූයේ එය සිංහල ජනතාවගේ හිසේ කැක්කුමක් වූ නිසා මිස සහෝදර ජාතියක මිනිස් අයිතීන් පිළිගැනීමේ පුළුල් අර්ථයෙන් නොවේ. ඒ නිසා දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් තවදුරටත් නොමැති පරිසරයක දෙමළ දේශපාලන ප්‍රශ්න විසදීමට සිංහල සමාජය ස්වයං සිද්ධව පෙළඹේ යැයි කොහෙත්ම සිතිය නොහැක. එහෙත් සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී තෙරපුමක් එල්ල කළ හැකි ශක්තිමත් දෙමළ දේශපාලන ව්‍යාපාරයක් ඉතිරිව නැති අතර පවතින කවන්ධ ව්‍යාපාරයන් ද සිංහල රාජ්‍ය විසින් කර ඇඹීමකට ලක් කරමින් පවතී.

එල්.ටී.ටී.ඊ ය ශූන්‍ය කරමින් ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට තිබූ බාධක වැට කඩොළු ඉවත් කිරීම පමණක් ගෝලීය දේශපාලන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ශක්තිමත් දායකත්වයක් නොසපයයි. එහෙත් දෙමළ ප්‍රශ්නයට ලාංකික කොදෙව්ව තුළින්ම විසදුමක් නිර්මාණය වේ යැයි කල්පනා කිරීම කිසිසේත්ම අතීත අත්දැකීම් මත පදනම් වීමේ ච්න්තන සම්ප්‍රදාය හා එකග නොවන සිතුවිල්ලකි. ශ්‍රී ලංකා කොදෙව්ව ධනේශ්වරකරණය කිරීමේ ව්‍යපෘතිය තුළ දෙමළ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය හා අත්හල නොහැකි සාධකයක් බව ගෝලීය දේශපාලන බලවතුන් මේ මොහොතේ තේරුම් ගත යුත්තේ එබැවිනි.

(ඡායාරූපයෙන් දැක්වෙන්නේ වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී කිෂෝර්, ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ උපන් දිනයේ දී ඔහුට පතන අයුරුයී. ඡායා:lankaenews අනුග්‍රහයෙනි.)

Advertisements

4 Comments

  1. එල්ටී.ටී.ඊ. නො වන දෙමළ කතාකරන දේශපාලන පක්ෂවල සමුළුවක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ සුරිච්හි පැවැත්වේ. මෙම සමුළුව බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ උවමනාව මත ඉන්දියාවේ ද සහාය ඇතිව, මෙම නායකයන් අතර අවම ඉල්ලීම් පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් සිදු වන්නක් බව කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය පවසයි.

    මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් පිරිස් විසින් මේ දිනවල දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා පදනම ලෙස සැලකිය හැකි 1976 වඩුක්කොඩෛ ප්‍රකාශය පළි බලාත්මක කිරීමේ ප්‍රයත්නයක නියැලී සිටිති. එම පිරිස් විසින් ඊලාම් පාරජාතික පාලනයක් සඳහා ඡන්ද පැවැත්වීම ද සිදු කරමින් තිබෙන අතර එහි පළමු මැතිවරණය පසුගිය ඉරිදා නෝර්වේහිදී පැවැත්විණි.

    ලංකාවේ අලුත් බෝම්බ හමු වෙමින් තිබේ.

    ප්‍රභාකරන් මිය ගියේ ය. එහෙත් දෙමළ ප්‍රශ්නය තවමත් මේසය මත ම ය.

    සිංහලයන්ගේ හෝ දෙමළුන්ගේ ප්‍රශ්න ලෙස වෙන වෙන ම එක ම ගැටළුවක් විග්‍රහ කරන්නට වෙර දරනවාට වඩා මෙය ලාංකිකයන්ගේ ජාතිය ගොඩනැඟීමේ ප්‍රශ්නයක් ලෙස ගන්නේ නම් අපට ඔබ කියන ජය – ජය තත්වයක් හා සාමයක් දැකිය හැකි වනු ඇත.

    නැතිනම්, මේ යුද්ධයේ විවේක කාලයේදී කරන මේ විගඩම්වලින් පසු පුරුදු දර්ශනය ම යළි ඇරඹෙනු ඇත.

  2. “ලාංකික දේශපාලන භූමිය සන්සුන් කිරීමේ ගෝලීය අවශ්‍යතාව මේ වනවිට සාර්ථකව නිමා වී තිබේ. එහෙත් දෙමළ දේශපාලනය තුළ මතු වී ඇත්තේ විශාල රික්තයකි. මේ අවකාශය කාලයක් තිස්සේ පුරවන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය ද අයත් අවි ගත් සටන්කාමී සංවිධාන විසිනි. ඒ මිලිටරිමය බලය දැන් නිහඩ කර ඇතත් අත්‍යවශ්‍යයෙන්ම සමනය කළ යුතු දෙමළ දේශපාලන සීමාසහිතකම් කෙරෙහි කිසිවෙක් සංවේදීභාවයක් දක්වන්නේ නොමැත. දෙමළ ජනතාවගේ දේශපාලන අරගලයට කවදත් සිංහල සමාජය උනන්දු වූයේ එය සිංහල ජනතාවගේ හිසේ කැක්කුමක් වූ නිසා මිස සහෝදර ජාතියක මිනිස් අයිතීන් පිළිගැනීමේ පුළුල් අර්ථයෙන් නොවේ. ඒ නිසා දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් තවදුරටත් නොමැති පරිසරයක දෙමළ දේශපාලන ප්‍රශ්න විසදීමට සිංහල සමාජය ස්වයං සිද්ධව පෙළඹේ යැයි කොහෙත්ම සිතිය නොහැක. එහෙත් සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී තෙරපුමක් එල්ල කළ හැකි ශක්තිමත් දෙමළ දේශපාලන ව්‍යාපාරයක් ඉතිරිව නැති අතර පවතින කවන්ධ ව්‍යාපාරයන් ද සිංහල රාජ්‍ය විසින් කර ඇඹීමකට ලක් කරමින් පවතී.”
    එකඟයි මේ විශ්ලේෂණයට. නමුත් ප්‍රශ්නය මීට වඩා ගැඹුරුයි මගේ හිතේ. සහෝදර ජාතියක මිනිස් අයිතිවාසිකම් නොසැලකීමේ හේතුව දෙමළ මිනිසුන් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒ අපේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ කතනය කිරීමේ කලාවේ පරතෙරට යාම නිසා ඇතිවුවක්. රටේ පාලනය හෝ දේශපාලනය සාධාරණ, සමා‍ජ හිතවාදී, මිනිසුන්ගේ මිනිස් කමට, අයිතීන්ට ගරු කරන එකක් කිරීමට දෙමළවේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා මෙකී නොකී සුළු ජාතීන්ගේ තෙරපුම, පුෂ් එක, ඉල්ලීම විරෝධය අවශ්‍ය යැයි හිතීම මුලාවක් යැයි සිතමි. පාලනය යහ විය යුත්තේ, එය එසේ විය යුතු නිසාය. මිනිසුන්ට මිනිසුන් ලෙස සැලකිය යුත්තේ, උන් මිනිසුන් නිසාය. ප්‍රශ්නය ඇත්තේ අපේ පාලක පරපුර මෙන්ම පාලිත පරපුරෙන්ද වැඩි කොටසක් වැඩවසම් සමාජ රටාවක හිරවී සිටීමෙහිය. රටකට ජාතියකට නායකත්වය දීම පරපුරේ උරුමයක්ය හිතන්නාවූ සහ, ඒ උත්තරීතර පෙලපත සෞභාග්‍ය උදා කර දෙන තුරු පෝලිමේ ඉන්නා මානසිකත්වයක් තිබෙන තුරු මේ කෝච්චිය ඔය පීල්ලේම දුවනවා ඇත. ‍

  3. Most of your observations are valid. They certainly point at a crucial side of the picture. I think, both western & eastern military leaders were eagerly waiting to learn military lessons from the war. They were happily watching the Tamils being used as guinea pigs for their military experiment – to see how SL military is going to crush the world’s strongest separatist movement.

    In Sri Lanka conditions were ripe for the Govt. to adopt barbaric methods quite openly. The western and eastern political leaders turned a blind eye to barbarism – while some prominent academics such as Michael Roberts provided moral arguments to justify barbarism.

    I strongly believe that it was LTTE’ s own mistakes – the mini-state, its conventional army, sectarianism and terrorism and so on – that decisively contributed to its own demise. It’s politics helped the government prepare its moral case to camouflage its savagery.

    Presently, the Tamil Diaspora is waging campaigns to get global support for a just solution for Sri Lankan Tamils – Good luck to them. As far as I’m concerned, however, such campaigns (though useful) are not adequate; and often they amount to be diversions. As long as Sri Lanka’s political/economic structures remain undemocratic and capitalistic, Sri Lankan people – irrespective of their ethnic origins – will continue to remain oppressed. That’s why I insist there are no separate solutions for Tamils, Sinhalese and Muslims. The answer lies in the creation of a United Socialist Front committed to a radical transformation of Sri Lanka’s political/economic structure as the first step.

    Good luck…..Vasantha

  4. LTTE was a self-destruction movement that was based arrogant leadership who never allow secondary leadership or political pluralism just like present Regime in Sri Lanka under Rajapaksha family. The West has gave their full energy to archive their goal ( LTTE’s goal) even after September 11. I think you may remember what Secretary State Hillary Clinton says in her election campaign.

    Although talking about Nepal Maoist unacceptable. Present situation in Nepal is mess. Perhaps you cant say struggle ( Its not struggle its puppet game that some body behind it)in Nepal has over. Its still going on. I think we all should be away the “WEST Phobia”. We cant talk against the West while depending on them.Even we should try understand ground reality.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s