කොට එළදෙන පසුපස යෑමේ අවසානය කොහේද?



එතෙක් සැගවුණු අශිෂ්ඨ මානව ලක්ෂණයක් ලෙස ග්‍රාම්‍යව පැවැති ඒකීයවාදී සිංහල බෞද්ධ සීමාන්තික දේශපාලන මතවාදයට නිල වශයෙන් රාජ්‍ය පිළිගැනීමක් ලැබුණේ 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙනි. රාජපක්ෂ රෙජීමය මේ දක්වා සුවිසල් මැතිවරණ ජයග්‍රහණයන් ලැබුවේ ද සමාජයේ මේ ධ්‍රැවීකරණය වූ දේශපාලන සීමාන්තිකයන් පෝෂණය කරමිනි. යුද්ධය මනා ලෙස කළමනාකරණය කරමින් ඒ ගමනේ කූට ප්‍රාප්තියට ආ රාජපක්ෂ රෙජීමයට දැන් අලුත් සතුරකු නිර්මාණය වී තිබේ. සිංහල බෞද්ධ රාජ්‍යයේ පැවැත්මට භොතිකව අභියෝග කළ අයෝමය සතුරා වෙල්ලමුල්ලවෙක්කාල් වැල්ලේ දී නිහඩ වූයේ අලුත් සතුරකු නිර්මාණය කරමින් යැයි පැවැසිය හැකිය. යුද්ධයේ අඛණ්ඩ පැවත්ම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය විසින් ආමන්ත්‍රණය කළ ඒ සමාජ තීරුව මේ වනවිට දෙකට බෙදෙමින් පවතින අතර එහි වගකීම රෙජීමයේ අලුත් සතුරාට හිමිවන බව නොකිවයුතුමනාය.

ලාංකික සමාජය අලුත් දේශපාලන මානයන්ගෙන් ධ්‍රැවීකරණය වනවිට ඒ දේශපාලන බලමුළු ගැන්වීමට අභියෝග කිරීමට සමත් ශක්තිමත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් මෙරටේ නොතිබුණි. සමාජ බලයක් හිමි සියළු දේශපාලන ව්‍යාපාර රෙජීමයේ මතවාදයම පුනරුඡ්චාරණය කළහ. නැතහොත් එය යථා පරිදි නියෝජනය නොකරන්නේ යැයි රෙජීමයට චෝදනා කරමින් එම මතවාදයේ සැබෑ නියෝජිතයා වීමට උත්සාහ ගත්හ. ඒ අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රාජ්‍යය හා එක පෙලට සිට ගනිමින් රෙජීමය ආමන්ත්‍රණය කරන සමාජ තීරුවේ වඩා ශක්තිමත් නියෝජනය සදහා පොර බැදුනහ. දැන් ඒ සටන අභියෝගකාරී අවසානයක් කරා එමින් පවතී. ඒ අර්ථයෙන් ජනරාල් සරත් ෆොන්සේකා බල කේන්ද්‍රයෙන් ඉවතට ගනිමින් නව බල කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට විපක්ෂ සංධානයට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි.

ලාංකික දේශපාලනයේ මතුවී එන මේ ප්‍රවනතා සම්බන්ධයෙන් සමගාමී බවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ගෝලීය දේශපාලන හැසිරීම් අතර පවතින බවක් දක්නට නොලැබේ. නොබෝදා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් යුද්ධය කාලයේ සිදුවූ විශාල මිනිස් ඝාතන ඇතුලත් මානව හිමිකම් කඩ කිරීම් ගැන බරපතල චෝදනාවක් එල්ල කළේ ය. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍යයට ගෙවුම් ශේෂ ප්‍රශ්නයන් විසදා ගැනීමට විශාල මූල්‍ය පහසුකමක් ලබාදුන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලාංකික සමාජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවීම රටේ ආර්ථික ස්ථාවරත්වයට හානිකර යැයි ප්‍රකාශ කළේය. බලය බෙදීමේ ශක්තිමත් දේශපාලන යෝජනාවක් ගෙන එන්නෙමියි කියමින් රාජපක්ෂ රෙජීමය විසින් ඉන්දියාව නොමග යැව්ව ද අද ත් ඉන්දීය මධ්‍යම රජය උත්සාහ ගන්නේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට රාජපක්ෂ රෙජීමයෙන් යම් සහනයක් ලබා දීමටය. ඒ අනුව ලාංකික දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් මානවවාදී හැගීමක් හෝ සමාජ සාධාරණය සම්බන්ධයෙන් අවංක හැගීමක් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විදෙස් ප්‍රජාවනට ඇතැයි පැවසිය නොහැක. ගෝලීය දේශපාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ගන්නේ ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට හානි වන්නේ නම් පමණි. නො එසේනම් ඔවුන් තුළ මතුවන්නේ අපැහැදිලි, එකිනෙකට පරස්පර, ආත්මාර්ථකාමී හා අශිෂ්ට අදහස් ගොන්නකි. ලාංකික සමාජයේ දේශපාලන නැඹුරුව කෙසේ විය යුතුද යන්න හා දේශපාලන සැකැස්ම කෙසේ ස්ථානගත විය යුතු ද යන්න සම්බන්ධව මේ මොහොතේදී ත් ගොලීය දේශපාලනයට ශක්තිමත් හා පැහැදිලි දැක්මක් නොපවතී. එහෙත් ප්‍රබල බටහිර රටවල් කිහිපයක්ම රෙජීමයේ වෙනසක අවශ්‍යතාව දකිමින් ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් බලාපොරුත්තු සහගත අපේක්ෂාවෙන් සිටිති.

දේශපාලන ගනුදෙනුවේ සුළු සුළු හැල හැප්පීම් නිවාරණය කර ගැනීම සදහා රෙජීමය වෙනස් කිරීමට බටහිර රාජ්‍යයන් තීන්දුවක් ගෙන ඇත්නම් එය ලාංකික සමාජයේ කොයියම් හෝ ධනාත්මක සංවර්ධනයකට හේතු වේ යැයි පැවසීම දුෂ්කර කරුණකි. ජනරාල් සරත් ෆොන්සේකා යොදා ගනිමින් විපක්ෂ සංධානය අපේක්ෂා කරන්නේ රාජපක්ෂ රෙජීමයේ තීරක සමාජ බලවේග පමණක් ආමන්ත්‍රණය කරන්නට නම් එය ද වත්මන් අර්බුදයන් නිවාරණයේ ලා සමාජය ඉල්ලා සිටින්නා වූ විසදුමට පිටු පා යෑමකි. රාජපක්ෂ රෙජීමයේ සමාජ සම්මුතීන් අනුව පුළුල් ශ්‍රී ලාංකික සමාජ කණ්ඩායමක් ආමන්ත්‍රණය කිරීමට එයට නොහැකිය. යම් යම් පුද්ගල සාධකයන්ට ඒ සදහා අවශ්‍යතාවක් තිබුණ ද රෙජීමයේ පදනම් සමාජ තීරූන් හා එකගතාවක් නොමැතිව අවශ්‍යතා තෘප්ත කරන්නට යෑම ප්‍රති විරෝධතා ඇති කිරීමට හේතු වේ. නො එසේනම් රෙජීමය නැවත ස්ථාන ගත වීමක් මගින් අලුත් සමාජ සම්මුතීන් කරා ගමන් කළ යුතුය. මේ මොහොතේ සිදුවන දේශපාලන පෙල ගැස්වීම් අනුව මේ කිසිවක් කිරීමට රාජපක්ෂ රෙජීමය අසමත් වේ. එසේනම් විවරවන සමාජ දේශපාලන ඉඩකඩ හමුවේ ජනරාල් ෆොන්සේකාට ඇත්තේ සුවිසල් අවස්ථාවකි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කල් පවත්නා විසදුමක් ලබාදීමේ දී පුළුල් සමාජ සම්මුතියක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය සිංහල බෞද්ධ සමාජ තීරුවේ සීමාවන් ඉක්මවන දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් ද සතුටට පත් කරන්නා වූ වැඩ පිළිවෙලකින් පරිපූර්ණ විය යුතුය. ජනරාල් ෆොන්සේකාට එවන් හැකියාවක් ඇත්නම් එය සතුටට කරුණකි. එහෙත් ඔහුගේත් එක්සත් ජාතික පක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් සමාජ පදනම් පටු අභිලාෂයන්ගෙන් පරිපූර්ණ සරළ දැක්මකින් යුක්තය. එහෙත් ලාංකික අර්බූදයට විසදුම් සොයන ගෝලීය දේශපාලනය ද මේ විෂය සම්බන්ධයෙන් අවශ්‍ය තරම් බර තබා කටයුතු කරන බවක් නොපෙනේ. පසුගිය දා ස්විට්සර්ලන්තයේ පවත්වන ලද එල්.ටී.ටී.ඊ. නොවන සියළු දෙමළ නායකයන් ආරාධනා ලත් සමුළුව හා බලය බෙදීමේ දේශපාලන වැඩ පිළිවෙලකට ජනාධිපති රාජපක්ෂ එකග කර ගන්නා වූ උත්සාහයක් වැනි යමකින් සතුටට පත් වනවා හැර ඉන් එහා යන විෂයානුබද්ධ අවශ්‍යතාවක් ගෝලීය දේශපාලනයට ද නොමැත. මේ රික්තය තුළ පීඩිත ජාතීන් නැවත හුදකලා වන අතර වර්ගවාදී මහ ජාතිවාදී දේශපාලන බල මුළු ගැන්වීම් මත පරපෝෂිතයකු ලෙස අවස්ථාවාදය වැළද ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුන්ට ඉතිරි නොවේ. මහ ජාතිවාදී ලෙස සිංහල සමාජය ධ්‍රැවීකරණය වීමත් පීඩිත ජාතීන් හුදකලාවීමත් නැවතත් ලාංකික දේශපාලනය හැල හැප්පීම් වලින් ගහණ ප්‍රති විරෝධතාවන්ගෙන් යුත් වඩා සුවිශාල අර්බූදයකට තල්ලු කරයි.

ලාංකීය දේශපාලන සමාජ සංවර්ධනයේ පලදායි මැදිහත්වීමකට ගෝලීය දේශපාලන බලධාරීන් පෙළඹෙන්නේ නැත. ඒ ඔහුන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් නොමැති බැවිනි. ගෝලීය බලධාරීන්ට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා භූමියේ සන්සුන්තාවයි. ඒ හැරෙන්නට මානවවාදී හැගීමක් ලාංකික දේශපාලනය සම්බන්ධයෙන් ඔහුන්ට ඇතිවන්නේ නැත. නමුත් ප්‍රාග්ධනය පොම්ප කරමින් ක්‍රමයේ පැවැත්ම රුක ගැනීමට ද ක්‍රමයේ තුල්‍යතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් දේශපාලන නායකත්වය මාරු කිරීමට ද ඔවුහු පසුබට නොවෙති. මේ මොහොතේ දීත් ගෝලීය බලධාරීන් ඉන්නේ එවැනි ස්ථාවරයකය යන්න වඩාත්ම පැහැදිලි කරුණකි.

මේ සම්බන්ධයෙන් වඩා පුළුල් හා සාරගර්භ සංවාදයක් ආරම්භ කිරීමට නම් ශක්තිමත් ධනපති ච්න්තකයන් ලාංකික දේශපාලන භූමියේ සිටිය යුතුය. එහෙත් ඒ තබා ශක්තිමත් ධනපති පංතියක් වත් ශ්‍රී ලංකාවේ නොමැත. ධනපති පාලකයන් හා කේවල් කළ හැකි ශක්තිමත් වාමාංශයක් ද නොමැතිවීම වඩා කණගාටුදායකය. මේ තත්ත්වය තුළ තවත් සැලකිය යුතු කාලයක් ලාංකික දේශපාලනය අයාලේ යෑම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි කරුණකි.

ඡායා: lankaenews කාරුණික අනුග්‍රහයෙනි.

Advertisements

4 Comments

  1. ගෝලීය දේශපාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි තීන්දු තීරණ ගන්නේ ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට හානි වන්නේ නම් පමණි. නො එසේනම් ඔවුන් තුළ මතුවන්නේ අපැහැදිලි, එකිනෙකට පරස්පර, ආත්මාර්ථකාමී හා අශිෂ්ට අදහස් ගොන්නකි.

    We (including you and I) are like that. We seriously question the establishment only when there is an impact on our pocket. Do we worry otherwise?

    මේ රික්තය තුළ පීඩිත ජාතීන් නැවත හුදකලා වන අතර වර්ගවාදී මහ ජාතිවාදී දේශපාලන බල මුළු ගැන්වීම් මත පරපෝෂිතයකු ලෙස අවස්ථාවාදය වැළද ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුන්ට ඉතිරි නොවේ. මහ ජාතිවාදී ලෙස සිංහල සමාජය ධ්‍රැවීකරණය වීමත් පීඩිත ජාතීන් හුදකලාවීමත් නැවතත් ලාංකික දේශපාලනය හැල හැප්පීම් වලින් ගහණ ප්‍රති විරෝධතාවන්ගෙන් යුත් වඩා සුවිශාල අර්බූදයකට තල්ලු කරයි.

    Fully agree.

    මේ සම්බන්ධයෙන් වඩා පුළුල් හා සාරගර්භ සංවාදයක් ආරම්භ කිරීමට නම් ශක්තිමත් ධනපති ච්න්තකයන් ලාංකික දේශපාලන භූමියේ සිටිය යුතුය. එහෙත් ඒ තබා ශක්තිමත් ධනපති පංතියක් වත් ශ්‍රී ලංකාවේ නොමැත.

    I am surprised, but you are correct. We do not have a strong capitalistic class in Sri Lanka.

  2. No doubt excellent. But i do not sure whether I can agreed with your over your comment on Western phobia. But quit clear article on present political developments.

    Rgs,

    Nilantha

  3. Your empirical observations and values show that you’re among the best of the Sinhala intelligentsia. But I certainly don’t share your pessimistic conclusions. Mahinda/Sarath split is a blessing in disguise despite its immediate appearances. [The upcoming debates are bound to help change the Sinhala consciousness.]

    The unity established among all “Tamil-speaking people” (Tamils, Muslims & Plantation Workers) is also a positive development whatever its present limitations. [Tamil votes are going to be crucial to the outcome of the impending elections.]

    Tamil-speaking people must present a justifiable political solution before the candidates – a solution that can be easily understood by the man on the street. It should be essentially a Unitary Solution of the type I’ve been campaigning for many years: There should be two Regional Assemblies – one for the Tamil-dominated region and one for the Sinhala-dominated region. A democratically-transformed Centre – equipped with the Highest-Level Institutions related to security and economic planning of the island as a whole – should be centerpiece of the New Constitution. The regional Assemblies should be empowered to handle all lower-level institutions related to the same – in harmony with the central vision. [I see no reason why such a constitution cannot be designed for the benefit of all communities. However, I must add that the democratic transformation of Sri Lanka should be inseparably intertwined with an economic vision.]

    Vasantha

  4. It is need capitalistic minded people to form a capitalist soceity. First and all we should throw away Mahinda regime and its thearitical group like Champika, Wimal, Rathana etc because their ideas more backwards. There is little chance if SF win presidential election. But he should be show to us how he is capitalistic than patriot and his willingness to power share with minority.

    Dayaratne
    Ratmalana

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s