සරත් ෆොන්සේකාගේ “ඉඩී අමීන් හැඩ රුව”


හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමත් සමග රාජ්‍යයේ ස්වභාවය පිළිබදව දේශපාලන සංවාදයක් සමාජයේ ඇතිවී තිබේ. රාජ්‍යය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ද එය මානව හිමිකම් වලට ගරු කරන්නේ ද සුළුතරයේ හැගීම් තේරුම් ගෙන තිබේ ද සමාජයේ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද ආදී යහපත් රාජ්‍යයක ස්වභාවය පිළිබදව සංවාදයක් ගොඩ නැගෙන්නේ නම් එය සතුටට හේතුවකි. එහෙත් අවාසනාවකට ගොඩ නැගී ඇති සංවාදය එවැනි පුළුල් අර්ථයකට නොගොස් පටු පක්ෂ දේශපාලන අරමුණක හිර වී තිබීම කනගාටුවට කරුණකි.

රාජ්‍යයක ස්වභාවය තීරණය වන්නේ රාජ්‍යයේ බලය දිනා ගෙන ඇති කණ්ඩායමේ දේශපාලන මතවාදය අනුවය. එය සිදුවන්නේ රාජ්‍යය බලය සදහා පවත්වන මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන කණ්ඩායම් මහජනතාව සමග ඇති කර ගන්නා දේශපාලන සම්මුතිය සමගය. මෑත ඉතිහාසයේ ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා හා මහින්ද රෙජීමයන් විසින් හසුරුවන ලද රාජ්‍යයේ ස්වභාවය විවිධ හැඩ තල වලින් යුක්ත වූයේ ඒ ඒ අවස්ථාවේ දී මහජනතාව සමග ඇති කර ගත් දේශපාලන සම්මුතීන් අනුවය.

රාජපක්ෂ රෙජීමය විසින් හසුරුවන ලංකා රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී නොවන , මානව හිමිකම් වලට ගරු නොකරන හා සුළුතරයේ හැගීම් වලට සංවේදී නොවන අත්තනෝමතික ආකාරයේ ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ 2005 දී මහින්ද රාජපක්ෂ ලබා ගත් ජනවරමට අනුවය. එම ජනවරම බහුත්වවාදය, නවීනත්වය හා ශිෂ්ටභාවය ප්‍රතික්ශේප කරන වැඩවසම් ගතානුගතික නොදියුණු හැඩතල වලින් යුත් ජන වරමකි. එවැනි සමාජ සම්මුතියකින් රාජ්‍යය බලය දිනා ගත් දේශපාලන ව්‍යාපාරයකට වර්තමාන ලෝකයේ දියුණු, ශිෂ්ඨ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් රාජ්‍යය මෙහේය විය නොහැකිවීම ස්වභාවිකය.

රජපක්ෂ රෙජීමය රාජ්‍ය පාලනය කිරීමේ දී එහි මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට නොපැකිලුණි. ශිෂ්ටත්වය ඉක්මවා මිනිස් අයිතීන් උල්ලංඝනය කිරීමට ද නොපැකිලුණි. පීඩිතයන් ආරක්ෂා කිරීම අත්හළ අතර නීතිය අභිබවමින් අවනීතිය කෙරෙහි විශ්වාසය තැබුවේ නීති උල්ලංඝනය සදහා මහජනතාව ද උසිගන්වමිනි. එවැනි නීතිමය උල්ලංඝනය කිරීම් අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ දී කිසියම් හෝ සංස්කෘතික හික්මීමකින් තොරවම අශිෂ්ට අන්දමින් පීඩිතයා කෙසේ හෝ රාජ්‍ය මර්දනයට ගොදුරු කර ගැනීමටම උනන්දු වුණි. 17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පත් කළ යුතු ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම මග හැරියේ බොළද තර්ක ඉදිරිපත් කරමිනි. එසේම ජනාධිපතිවරණය සදහා සූදානම් වන මේ මොහොතේ ද නීතිය උල්ලංඝනය කරන්නේ අශිෂ්ඨ අන්දමිනි.

මහජන ආකල්පයන්ට අනුව මහජන වරමකින් බලයට පත්වූ දේශපාලන ව්‍යාපාරයක් මිලිටරිමය ලෙස හැසිරෙන්නේ නැත. නමුත් රාජ්‍යය තුළ මේ අශිෂ්ඨ හැසිරීම් ඇතිවූයේ මහජන වරමකින් බලයට පත් වූ දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දුන් සිවිල් නායකයකු රාජ්‍යය නායකයාව සිටියදී ඔහුගේ මූලිකත්වයෙනි. රාජ්‍යයේ පරිපාලන අතපසුවීම් නිසා මෙවැනි වැරදීම් සිදුවූවා නම් රාජ්‍යයේ දේශපාලන අධිකාරිය වහා මැදිහත් වී අර්බූදය විසදිය යුතුය. එහෙත් මේ මිලිටරිමය ගති ස්වභාවය රාජ්‍යයේ ප්‍රතිපත්තිය බවට පත්ව තිබූ බැවින් එවැනි නිවැරදි කිරීමකට දේශපාලන අධිකාරිය ගමන් කළේ නැත. මහින්ද රාජපක්ෂ 2005 දී මහජනතාව සමග ඇති කරගත් දේශපාලන සම්මූතිය අනුව රාජ්‍යයේ මිලිටරිමය ස්වභාවයට යම් වලංගුභාවයක් ලැබී තිබේ. ඒ නිසා රාජ්‍යයක් මිලිටරිමය ගති ලක්ෂණ කරා සීරු මාරු වන්නේ රාජ්‍යය මෙහේය වන නායකයා අනුව යැයි පැවසීම අර්ථ විරහිතය. එමෙන්ම මේ මොහොතේ එවැනි මතයක් සමාජ ගත කර ඊට යම් සමාජ වලංගුභාවයක් තහවුරු කිරීමට උත්සාහ ගන්නේ ද පටු පක්ෂ දේශපාලන අරමුණෙනි.

ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලන බලය ජනරාල් සරත් ෆොන්සේකාට හිමි වුවහොත් ඔහු ශ්‍රී ලංකාව ඒකාධිපති මිලිටරි රටක් බවට පත් කරවන බව යම් අදහසක් සමාජය තුළ බල ගන්වමින් තිබේ. එහෙත් එය බලයට පත්වන ඔනෑම පුද්ගලයකුට අදාළව සලකා බැලුවහොත් රාජ්‍යයේ ස්වභාවය ආකාර තුනක් බවට පත් කිරීමේ ඉඩකඩක් පවතී. ඒ අනුව එම පුද්ගලයාට රාජ්‍ය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කළ හැකිය. නො එසේනම් මුළුමනින්ම ඒකාධිපති රාජ්‍යයක් බවට පත් කළ හැකිය.එසේත් නොවේනම් ඔහුටම ආවේනික ස්වභාවයක් ඇති පාලනයකින් යුත් රාජ්‍යයක් බවට පත් කළ හැකිය. නමුත් මේ සියළුම ආකාරයන් අදාළ පුද්ගල සාධකය මත පමණක් රදා පවතින්නේ යැයි කිසිවෙකුට පැවසිය නොහැක. එසේ වන්නේ නම් මහින්ද රාජපක්ෂ රෙජීමය සිත් ගන්නා සුළු ප්‍රජාතන්ත්‍රවාදී හරයකින් යුක්ත විය යුතු බව අවිවාදිතය. එහෙත් මහින්ද රාජපක්ෂ හඩ නගා පිළිතුරු ලබා දෙමින් සිටින්නේ සිවිල් පුද්ගලයකු රාජ්‍ය බලය ලබාගත් පමණින් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවය.

රාජ්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක තබා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ මැතිවරණයක දී මහ ජනතාව සමග ඇති කර ගන්නා දේශපාලන සම්මූතියටය. එසේම එම දේශපාලන සම්මූතියට එළඹෙන සමාජයේ දේශපාලන සංස්කෘතිය මත ද බරපතල වගකීමක් පැවරේ. තත් කාලයේ ලෝක දේශපාලන පරිසරයේ ඇතිවන ප්‍රවනතා වැනි වෙනත් බාහිර සාධකයන් ද මේ සදහා හේතු විය හැකි වුවත් දේශපාලන අධිකාරිය මූලික වශයෙන් හැසිරෙන්නේ සමාජ සම්මූතිය අනුවය. ඒ අනුව ඔනෑම දේශපාලන නායකයකු රාජ්‍යය හැසිරවීමේ පදනම තීරණය කරන්නේ එම නායකයාගේ පුද්ගලකි ගති සවභාවය අනුව යැයි පැවසීම අදේශපාලනිකය.

මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය කර ඇත්තේ අශිෂ්ඨ ච්ත්‍රයකි. මේ මොහොතේ දී මහින්ද රාජපක්ෂ විසින් ලබා ගන්නා ජන වරමකට එම වැරද්ද නිවැරදි කිරීමේ ශක්‍යතාවක් නොපවතී. කොතෙක් ප්‍රමාදයන් දෝෂයන් හා වැරදීම් තිබුන ද මෙම ශක්‍යතාව පවතින්නේ සරත් ෆොන්සේකා සමග මහජනතාව ඇති කර ගන්නා නව සමාජ සම්මූතියකට පමණි. එසේම එම සමාජ සම්මූතිය සමග සජීවීව සිටිමින් එය බලාත්මක කර ගන්නා සමාජ දේශපාලන ව්‍යාපාරයකට පමණි. නො එසේනම් ශ්‍රී ලංකා රාජ්‍යය තවත් බොහෝ කලක් අදුරේම පවතිනවා නො අනුමානය.

Advertisements

8 thoughts on “සරත් ෆොන්සේකාගේ “ඉඩී අමීන් හැඩ රුව”

  1. පසුගිය සතිය පුරා ජාතික මඩවාහිනිය හා පරාධීන රෑපවාහිනිය මගින් “The Last King of Scotland”, “Rise and Fall of Idi Amin” යන සිනමා පට දෙක විකාශනය කරනු ලැබීය. එහි අරමුණ වූයේ ජෙනරල් ‍‍බලයට පත්වුවහොත් ඉඩි අමීන් වැනි හමුදා නායකයෙක= වන බව උලුප්පා දැක්වීමය. නමුත් රාජපක්ෂ රෙජිමයට උපදෙස් දෙන්නේ අදබාලයන් බව ඔවුන් දන්නේ නැත. ඉඩි අමීන් සිටි පමණින්ම සිනමා පට දෙක තකහනියේ පෙන්වන්නේ එනිසාය. සරත් ට කෙළවන්නට රෑපාවිහින ඉදිරියේ ඉදගත් පෙ%්ක්ෂකයා සිනමා පටය අවසානයේ නැගිටින්නේ රාජපක්ෂ රෙජිමයට කෙළින්නට අධිෂ්ඨාන කරගෙනය. ඊනියා දේශපෙ%්මය හා දේශියත්වය පෙරටු කර ගෙන ඉඩි අමීන්ගේ භ+මිකාවට පණපොවන්නට අර අදින්නේ කවුද යන්න ඉහත සිනමා පට දෙකේ යටි පෙළ අරැත විමසන පෙ5්ක්ෂකයා තේරැම් ගනියි.

    හයිකෝප් ගණුදෙනුව, සම්බන්ධන් ගිවිසුම, ස්තී% දූෂණ චෝදනා හා මුසම්මිල් විගඩම මෙන්ම ඉඩි අමීන්ගෙන්ද සුබ අනාගතය “අනාගෙන” ඇති බව නම් පැහැදිලිය.

    1. ප්‍රධාන පක්ෂ දෙකටම අයිති නැති ඔබ අයිති කුමන වර්ගීකරණයටද?

      1. මෝඩ ප්රශ්නයක්. ප්රධාන පක්ෂ දෙකකින් එකකට අයිති විය යුතයි කියා නියමයක් කොහේද තියෙන්නේ?
        ඒ දෙකම මොංගල් නම් මොකද්ද තේරීම?
        පක්ෂ නෙවෙයි වැදගත්. දේශපාලනයයි වැදගත්ග
        මේ දෙන්නම ජාතිවාදී ප්රජාත්නත්ර විරෝධී නම් දෙන්නටම විරැද්ධ විය යුතුයි.

      2. @vak

        ඔබ මගේ ප්‍රශ්නය තේරුම් අරන් නැහැ.ප්‍රධාන පක්ෂ දෙකටම අයත් නොවන මිනිසුන් සිටිය හැකියි. ඒ ගැන තර්කයක් නැහැ. ඔබ කියන පරිදි ප්‍රධාන පක්ෂ දෙකම මොන්ගල් යැයි කල්පනා කරන මිනිසුන් අයත් වන්නේ කුමන වර්ගීකරණයට ද යන්නයි මට දැන ගැනීමට අවශ්‍යය.

        මෝඩ ප්‍රශ්න අසන්නේ මා ඔබ තරම් බුද්ධිමත් නොවන බැවිනි. ඒ බුද්ධියේ තරම ඔබ භාවිතා කරන්නා වූ භාෂාවෙන් තේරුම් ගත හැකිය.

      3. ඇතැමුන් මොඩයන්ද තවත් ඇතැමුන් එතරම් මෝඩ නැති ලෙසද සලකමු 😉

        කෙසේ වෙනත් දෙදෙනාගේම අදහසත් උතුරේ වත්මත් තත්වයට මහින්දයන් මෙන්ම සරත්ද අයිති නිසා මෙතුවක් කල් කැක්කුමක් ඇති වෙන්නටත් දෙපැත්තෙන්ම නිසි විසදුමක් නොමැති වීම නිසාත් නොදමා හෝ වෙනත් කෙනෙකුට දීමේ වැරද්දක්ද නැත.

  2. රාජලක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අවසන් අදියර ඉතා පැහැදිලිව සමාජය ජාතිවාදී පදනමකින් බෙදීම සඳහා ඉලක්ක කර ඇත. පාවෙන ඡන්ද දනා ගැනීම සඳහා ඔහු මෙම උපායමාර්ගය අනුගමනය කරයි. එහෙත් සරත් ෆොන්සේකාට කඩේ යාමට අකැමැති පුද්ගලයන්ට පවා මේ මොහොතේදී මෙවැනි ඍජු ස්ථාවරයන් වෙත තල්ලු වීමට රාජපක්ෂ බල කරයි.

  3. එක්තරා කාලෙකදී රාජපක්ෂ සරත් දෙපලම එකම බෝට්ටුවේ දෙපැත්ත හබල් ගගා හිටියා. ඒත් දැන් දෙන්නා වෙන් වෙලා. මේ සිද්දියෙන් අපිට තියෙන එකම වාසිය බලය කේන්දුගත වීම වැලැක්වීම විතරයි. ෆොන්සේකා බෝනස් වැටෙන්න පටන් ගත්ත එක එක උදාහරණයක්.

    සරත් බලයට පත් වුනාට පස්සේ (මහින්ද නාගන්න හැටියට ඒක දැන් ටික ටික විශ්වාස කරන්න පුලුවන්) අපි කරන්න ඕනෙ මුල්ම එක ඊට වඩා සුදුසු පාලකයෙක් හොයන එක. මට හිතෙන විදියට සරත් අපට අවශ්‍ය වෙන්නේ බලය තුලනය කරන්න පමණයි. ඉන් එහාට ඔහුටවත් ඔහු පිටුපස සිටින බලවේග වලටවත් රට‍ ගොඩ දාගැනීමේ ශක්‍යතාවයක් එකතු කරගන්න බෑ (මහින්ද හා ගැන්සිය වගේම තමයි).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s