තල වපුරා මුං බලාපොරුත්තුවීමේ ආනිසංස කෙසේ ද?



පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර ගවේෂනයට ගිය මුල් දිනවල මගේ සිතෙහි ව්‍යාකූලත්වයක් ඇති කළ පළමුවැන්න නවක වද ක්‍රියාවලිය වන අතර දෙවැන්න වූයේ එහි සංස්කෘතියයි. මගේ මවගේ වයසේ තරම් මහළු කාන්තාවන් ශූර ලෙස හා වේගවත්ව තම මෝටර් රථ පැදවීමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවතින ලිංගික නිදහසත් මා සිත කම්පනය කළ විශ්ව විද්‍යාල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ ලෙස දැනටත් සිතෙහි සටහන් වී තිබේ. සිංහල බෞද්ධ වික්ටෝරියානු ග්‍රාමීය මානසිකත්වයෙන් ඇති තරම් පෝෂණය වී සිටී මා එම වෙනස් සංස්කෘතියට හුරුවීමට යම් සැලකිය යුතු කාලයක් ගත් බව කීවොත් වඩාත් නිවැරදිය.

මහළු කාන්තාවන් රිය පැදවීම කෙසේ වෙතත් සිංහල බෞද්ධ කන්‍යා පටලය බිදී යන්නා වූ වඩාත්ම සැලකිය යුතු කාරණය වූයේ තරුණ මානව මානවිකාවන් අතර වූ අපූරු වූ ලිංගික නිදහසයි. කෙනෙක් මේ නිදහස යොවුන් ප්‍රේමයේ ආහ්ලාදජනක හැසිරීමක් ලෙස හැදින්වීමට වඩා කැමැතිවිය හැකිය. එහෙත් එය සත්‍යයෙන් වඩාත්ම ඈත් වූ ෆැන්ටසියක් බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගස් ගල් හා අදුරු ගොඩනැගිලි වල බිත්ති සාක්ෂි දෙනවා නො අනුමානය. මේ යෞවන යෞවනියන් අතර කිසිම මානුෂික ප්‍රේමයක් නැතැයි ද ඇත්තේ රාගයම පමණක් යැයි ද කීමට මම ඉක්මන් නොවෙමි. ඇත්තේ රාගයම පමණක් යැයි කීවද එය ඔහුන්ට කරන්නාවූ අපහාසයක් වන්නේ ද නැත. එහෙත් පිටත සමාජයේ මධ්‍යම පාංතික සදාචාර රීතීන් විශ්ව විද්‍යාල සංස්කෘතියේ එතරම් දක්නට නැති බව කීවොත් වඩා නිවැරදි ය.

යෞවන යෞවනියන්ට නිදහසේ හැසිරීමට ඇති අයිතිය මුළුමනින්ම යොවුන් ප්‍රේමය මුදා හැරීමට උදාවූ අවස්ථාවක් යැයි කීවොත් එය අසාධාරණය. එකිනෙකාගේ එකගතාව මත ලිංගික සුවය විදීමට ද ඒ නිදහස තුළ ඉඩක් පවතිය යුතුය. සියළු සමාජ හැසිරීම් විනයකට යටත් විය යුතු බව සත්‍ය වුවද නීතී රීතීන් මගින් මිනිස් අවශ්‍යතා පාලනය කිරීමට යෑම ශිෂ්ඨ සම්පන්න නොවේ. ඒ සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ ඉතාම ප්‍රජාතාන්ත්‍රික නිදහසක් තිබූ බව පැරණි සමාජ සංස්ථාවන් අධ්‍යයනය මගින් අවබෝධ කරගත හැකිය. එය කෙසේවත් අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත්තේ බටහිර ප්‍රජාවේ සංස්කෘතිය ප්‍රතික්ශේප කරමින්ම ඔහුන්ගේ ආදි කල්පිත වික්ටෝරියානු ඇවතුම් පැවතුම් වන්දනා මාන කරන මහාචාර්ය නලින් ද සිල්වාට පමණි.

ප්‍රේමය, ආදරය හා ලිංගිකත්වය සම්ප්‍රදායි මාක්ස්වාදී අර්ථයෙන් මධ්‍යම පාංතික අවශ්‍යතා යැයි අර්ථ දක්වා ඉවත ලා හැකි වුවද පසු මාක්ස්වාදී අර්ථයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ද සමාජ සංවර්ධනයේ ලා වැදගත් ප්‍රපංචයන් ය. ලාංකික මාක්ස්වාදී කතිකාව තුළ ඊට වැඩි ඉඩකඩක් විවර වී නැතත් ධනේශවර කතිකාව තුළ ඊට මැදිහත් වූ ප්‍රමුඛයා වන්නේ සර් අයිවර් ජෙනින්ස් බව ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස සටහන් කර තැබිය යුතුය. තුන් කල් දකින්නා වූ ප්‍රමාණික නීතිවේදියකු හා අධ්‍යාපනවේදියකු වූ සර් ජෙනින්ස් ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපතිවරයා ලෙස ලෙස ක්ෂේත්‍රයේ සිදුකළ සංස්කෘතික පෙරලිය විශිෂ්ඨය.

එවකට ලංකා විශ්ව විද්‍යාලය ලෙස පේරාදෙනියේ පිහිටවූ උසස් අධ්‍යාපන ආයතනය සදහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ සිට අභ්‍යන්තරය සැලසුම් කිරීම දක්වා ඔහුගේ බුද්ධියේ වෙහෙසක් බව කියවේ. මුළුමනින්ම ස්වභාව ධර්මයා සම්බන්ධ කර ගනිමින් ද දියුණු අධ්‍යාපන මනෝ විද්‍යා ආකල්ප මත පදනම් වෙමින් ද ඔහු නිර්මාණය කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අදටත් අභියෝග කිරීමට වෙනත් කිසිම ලාංකික විශ්ව විද්‍යාලයක සංස්කෘතියකට හැකිවී නොමැත.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආදරවන්තයන්ගේ මාවත ජෙනින්ස්ගෙ ආකල්ප මතින් නිර්මාණය වූවකි. නිකම්ම නිකන් උපාධි කඩදාසියක් ලබාගෙන කේන්ද්‍රයේ රටවල ප්‍රාග්ධනයට කබුරා කීයක් හෝ හොයා ගෙන ජීවිතය යන්ත්‍රයක් සේ ගෙවා දැමීමට කැපවූවන්ට ජෙනින්ගේ ආකල්ප විහිළුවක් විය හැකිය. ග්‍රාම්‍ය හීනමාන සදාචාරය නිසා වසර හත අටක් තිස්සේ ගබඩා කරමින් ආ ශුක්‍ර තරලය තෝරා ගත් පුෂ්ඨිමත් මාංශ ඇති ගැහැණු ශරීරයකට නිදහසේ මුදා හරින කුපාඩිකාරයන්ගේ ගුබ්බෑයමක් ලෙස ආදරවන්තයන්ගේ මාවත අර්ථ දැක්විය හැකිය.එහෙත් දියුණු හා ශිෂ්ඨ මානයකින් බලන්නේ නම් සර් ජෙනින්ස් නිර්මාණය කළේ යෞවන යෞවනියන්ගේ තාරුණ්‍යයේ සැලකිය යුතු කාලයක් ගත කරන්නා වූ විශ්ව විද්‍යාල ජීවිතය සෞන්දර්යාත්මක කරන්නා වූ පරිසරයකි.

සර් ජෙනින්ස්ට හිමිවී තිබූ අසීමිත පෞර්ෂය නිසා තම කාර්ය මණ්ඩලයේ සගයන්ට හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හෝ ඔහු අනවශ්‍ය ලෙස බිය නොවීය. ශිෂ්‍ය උද්ඝෝෂණයකට හෝ වෙනයම් නොසන්සුන්තාවකට හෝ ඝෘජුව මැදිහත්වීමටත් ඊට විසදුම් ලබාදී ප්‍රශ්නය විසදීමටත් ඔහුට මනා හැකියාවක් තිබුණි. ඒ පෞර්ෂය ගොඩනැගුණේ සංස්කෘතිය තුළිනි. නියත විවිරණ ලබා ගන්නා අයුරින් රාජ්‍ය නායකයාට වන්දනා මාන කර උප කුලපති ධූර ලබා ගන්නා වූ සම්ප්‍රදායක් එකළ නොතිබුණි. ඒ නිසා ආත්ම ගෞරවය රුක ගන්නා පරිදි රාජකාරීන් කිරීමට ඔවුහු නොපැකිළුණි. ඒ නිසාම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ස්වයං ගෞරවය ස්වාභාවිකවම ඔහුන්ට ලැබුණි. පරිපාලනයේ දී මානවක මානවිකාවන්ගෙන් පලි නොගනිමින් තම අසහාය චරිත ලක්ෂණයන්ගෙන් ඔහුන් ඇද බැද තබා ගැනීමට හැකි වූයේ එබැවිනි. ජෙනින්ස්ගේ ආකල්ප මුළුමනින්ම පදනම් වී තිබුණේ දියුණු ධනේශ්වර සංස්කෘතියක ආභාෂය මතිනි. ඔහු ලෝකය දැක්කේ මහා සම්ප්‍රදායක් තුළිනි. සර් අයිවර් ජෙනින්ස් අධිරාජ්‍යවාදයේ නියෝජිතයකු බව අවිවාදිත ය. එහෙත් ඒ වූ නිසාම ජෙනිස්ගේ දියුණු ආකල්ප පැසසීමට එය බාධාවක් විය යුතු නැත. එහෙත් ජෙනින්ස් අධිරාජ්‍යවාදියෙක් වූ නිසාම ඔහුගේ ප්‍රමාණික දක්ෂතා ඇගයීමට පවා ලාංකික සමාජය ඉදිරිපත් නොවීම අශිෂ්ඨය.

මේ ගරු කළ යුතු සංස්කෘතිය හැත්තෑවේ දශකයේ දී ද විශ්ව විද්‍යාලයන්හි ආරක්ෂා වී තිබුණි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පේරාදෙනි විශ්ව විද්‍යාලයට ගිය විට වර්තමානයේ දී කොල්ලන් හූ කීවත් සමගි පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමති ආචාර්ය එන් ඇම් පෙරේරා සිය අය වැය කතාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වූ පළමු සංවාදයට සම්ප්‍රදායක් ලෙස ගොස් ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලාගාරයටයි. ආචාර්ය සරත් අමුණුගම වරක් ලක්බිම පුවත් පතේ නිනව්ව කොළමින් පවසා තිබුණේ ආචාර්ය ඇන් එම් පෙරේරා එසේ අය වැය සංවාදය සදහා කලාගාරයට පැමිණෙන්නේ නවාතැන් පළේ සිට පයින් ඇවිදගෙන බවය. එහෙත් කොල්ලන් හූ කී බවක් වත් ගල් ගැසූ බවක් වත් මා නම් අසා නොමැත. යම් අවස්ථාවක එසේ විරෝධතා එල්ල වූ විටත් ඒවා සංයමයෙන් විසදා ගනිමින් තම අරමුණු කරා යෑමට එකළ නායකයන්ට හැකි වුණි. එදා අද මෙන් විශ්ව විද්‍යාල භූමියට පොලිසිය කැදවා කොල්ලන්ට දඩුවම් කළේත් නැත. පොලිසිය ලවා විශ්ව විද්‍යාල කොල්ලන්ට තැලීම තමන්ගේ පෞර්ෂයට කර ගන්නා හානියක් ලෙස එකළ සම්ප්‍රදාය තුළ පරිපාලකයෝ සිතූහ. එවැනි සම්ප්‍රදායක් වර්තමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය තුළ ඉතිරි වී තිබුණා නම් උදුල ප්‍රේමරත්නලාට පොලීසියෙන් ගුටී කන්නට වන්නේ නැත. එසේම හැමදේටම ගිරිය පුප්පන් කෑ ගසා විශ්ව විද්‍යාල ගිනියම් කරන ශිෂ්‍ය දේශපාලනයක් විශ්ව විද්‍යාල තුළ ඇති වන්නේ ද නැත.

විශ්ව විද්‍යාල කොල්ලන් කෙල්ලන් ප්‍රේමය සදහා හෝ රාගය සදහා හෝ තැන තැන බස් දෙඩීම ඉවසීමට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට නොහැකි වී ඇත්තේ ද සර් අයිවන්ස් ජෙනින්ස්ගෙ පරපුරේ ප්‍රමාණිකයන් දැන් විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ නොමැති බැවිනි. ජනාධිපතිවරයාට වන්දනා මාන කර ලබාගත් උපකුලපති ධූරය කෙසේ හෝ රුක ගනිමින් තම නොපිරුණු ජීවිත බරින් වැඩි කර ගැනීම අද විශ්ව විද්‍යාල ප්‍රජාවේ අවශ්‍යතාවයි. යමෙක් මෙය පුද්ගල වැරද්දක් ලෙස දකිමින් සිද්ධි මූලික විවේචනයක් තුළ රුදෙයි නම් හේ යහපත් ක්‍රමයක් සදහා කිසිවක් කරන්නෙක් නොවේ. යම් අසීමිත පෞර්ෂයක් හෙබි අයෙක් අසීමිත ගුණාංගයන්ගෙන් යුක්තව මේ ක්‍රමය තුළ විශේෂී විය හැකි වුවද ක්‍රමය විසින් බිහි කරන්නේ වත්මන් ජයවර්ධන පුර විශ්ව විද්‍යාල උප කුලපති වැනි දුර්වල පෞර්ෂය ඇත්තන් මිස ශක්තිමත් චරිතයන් නොවේ.

ගෝලීය ප්‍රාග්ධනය විසින් වෙනස් කර ඇත්තේ වෙළෙද පළ පමණක් යැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් මුළු සමාජයම වෙළෙද පළක් බවට පරිවර්තනය කළ පසු ඒ මුළු සමාජයම ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙස වෙනස්වීම අහඹුවක් නොවේ.

Advertisements

14 thoughts on “තල වපුරා මුං බලාපොරුත්තුවීමේ ආනිසංස කෙසේ ද?

  1. OK here I am commenting on your blog. This one I read completely and there are places which raise questions for me.

    I am with you and with Sir Ivor Jennings about the freedom for students. A university should have freedom because I think they are the places where new knowledge is being created. I think free minds (free from prejudices, commitments) is a necessity for creation of new knowledge.

    BUT

    Let’s look at the reality of our own Peradeniya university. These are some of my experiences.

    1. Do you think the students behave the same way as the students in the 70’s? Our society have changed since the 80s. That society is within the campus too. So comparing NM’s visit to AT (art’s theater) and SB’s visit is an unfair one. For the moment I am neglecting the fact that NM and SB are incomparable.

    2. Ragging was there in the 70s too. It was hijacked by the JVP to convert people to join their course. I have sat through 4 hr “thela” to join them all by myself. 3 hours into it I felt like physical ragging was an easy one to take.

    3. I am not sure whether it was your batch mate who went to the Galaha junction and got caught talking to medical faculty 1st years. We ended up striking to save him from being suspended. I ended up being the bad guy talking against the exam strike. I still am saying I was right. JVP students lead the strike after the strike to save people who performed ragging and getting caught.

    4. While I believe our police is the most corrupt and that they should not have a place inside the university, I also believe university students are not immune from illegal behavior. Two vehicles were set on fire by students while I was in the university. This mob behavior is not something I would ever approve. Vigilante justice is wrong no matter how good or right you feel at the moment.

    5. Why do people like Udula Premarathna keep on failing to pass the exams. Wasting people’s money. How does he think that he represent the whole student community when they do not let any conversation to take place. Any one question the JVPers get beaten, threatened and so on. I asked a question about china opening part of their economy (early 90s) from one of the JVP speaker and he wasn’t even informed enough to reply me. Do you know how many JVP student leaders are in USA earning $7000 a month salary? Do you know the student union president from my 1st year ended up in Hayleye after graduation. So just looking at these I do not think the JVP lead student unions really represent the students point of views.

    Lastly, I think students have to bear a huge part of the responsibility to bring up the quality of education in our universities. Right now most of it like a “tuition kade”. They take a bus come in sit through lectures and leave. I have written before government have to invest lot more than they do now to bring in people back to the country to fill in the vacancies and to lift them up to the 21st century.

    I agree with you mostly but you are looking at things from one corner.

    1. To my most senior brother, Muditha

      There is no contradiction because I am with you totally.

      But I need to draw your attention to the sentence mentioned below, of the post

      “යමෙක් මෙය පුද්ගල වැරද්දක් ලෙස දකිමින් සිද්ධි මූලික විවේචනයක් තුළ රුදෙයි නම් හේ යහපත් ක්‍රමයක් සදහා කිසිවක් කරන්නෙක් නොවේ.”

      That means, I think, the commenting of whole context is the best way.therefore I need to emphasis here that we should consider this matter as the social problem, not personal problem of any person or any organization.

      Am I right brother?

      thank lot for your golden time

  2. හූ කීම ගෝලිය ප්‍රාග්ධණයට අවශ්‍ය දෙයක් යැයී සිතනවානම් එය වැරදිය.ජනාදිපතිට වැද පදවි ලබා ගැනීම ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවයක් යයී සිතනවානම් එයත් වැරදිය.විශ්ව විද්‍යාල සංස්කෘතියම හැඩ ගැසී ඇත්තේ ගෝලීය ප්‍රාග්ධණ ඉල්ලුම අනුවයැයී සිතනවානම් එයත් වැරදිය. හූ කියනා, ගල් ගහනා උදවියට, රජයෙන් රැකියා දීමට සිදුවී ඇත්තේ, රජුගේ කලවා ලෙවකෑමට සිදුවී ඇත්තේ, ඒ උදවියගෙන් ගෝලයටවත්, ප්‍රාග්ධනයටවත් ඇති ප්‍රයෝජනයක් නැති නිසාය.

    1. එසේ ප්‍රයෝජනයක් නොමැති වූයේ මන්දැයි ඔබ තේරුම් ගත්තොත් ගෝලීය ප්‍රාග්ධනය සිදුකර ඇති හදිය ඔබටත් අවබෝධ වේවි.

    2. මා සිතනා පරිදි එසේ ප්‍රයෝජනයක් නැති වූයේ ගෝලීය ප්‍රාග්ධනය නිසා නොවෙයී, දූශිත(සමාජවාදය ලෙසින් පෙනීසිටිනා)වාදය නිසාය.

      1. ලංකාවට අප්‍රියෙල් මාසයේ දී දැඩි උණුසුමක් දෙනෙන්නේ උතුරු අර්ධ ගෝලයේ හිම කදු පවතින නිසාය වැනි අර්ථ විරහිත කතාවකි ඔබ පවසන්නේ.

        මේ යුගයේ කිසිම බලයක් නොදරන සමාජවාදයට එවැන්නක් කළ හැකි නම් එක් අතකින් මම සතු‍ටු වෙමි.

    3. වෙන්න පුලුවන්. ඒ සමජවාදය නිසා නොවෙයී, දූශිතවාදය නිසා බවයී මම කීවේ. තවමත් මට ගොලීය ප්‍රාග්ධණය කොල්ලන් හූ කීමට දායක වන්නේ කෙලෙසදැයී හිතා ගන්න බැහැ.

  3. ආචාර්ය සරත් අමුණුගම ලක්බිම පුවත් පතෙහි ලියන කොළම්, නිනව්ව ලෙස මෙහි සදහන් කර ඇත්තේ වැරදීමකිනි. නිනව්ව ලියන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයි. ආචාර්ය අමුණුගම ලක්බිම පුවත් පතට ලීයූ කොළමෙහි නම මේ මොහොතේ අමතක බව කනගා‍ටුවෙන් පවසමි.

    මෙම වැරද්ද නිවැරදි කළ නව සමසමාජ පක්ෂයේ අභයනාත්ට ස්තූති කරමි.

  4. අපි ආස විදියට නෙවෙයි දේවල් සිද්ධ වෙන්නේ. ප‍්‍රාග්ධනයට අවශ්‍ය ආකාරයටයි පාලකයන්ව පත් කරගන්නේ. ඒ අයට අවශ්‍ය විදියට ආයතන පාලකයින්ව පත් කරගන්නවා. ඒත් එක්කම ප‍්‍රාග්ධනයට අවශ්‍ය පැරණි සම්ප‍්‍රදායයන් තුළ ජනයා හිර කර තබා ගැනීමට නම් වෙනස් කිරීමට අවශ්‍යතාවය පැමිණෙන තෙක් එසේ කරනවා. ධනපති ක‍්‍රමය පැතිරීම ගැන මාක්ස් නම් පැහැදිලිව මෙහෙම කියනවා.
    ……….ධනපති පංතිය සමස්ත ලෝක වෙළඳ පොළ සූරාකෑම තුළින්, හැම රටකම නිෂ්පාදනයට සහ පරිභෝජනයට නිර්ජාතික සාර්වභෞමික ස්වරූපයක් දී ඇත. එය ප‍්‍රතිගාමීන් මහත් සේ කණස්සල්ලට පත් කරමින්, කර්මාන්තයේ ජාතික පදනම එහි පා යටින් ඉවතට ඇද දමා ඇත. පුරාණ චිරාගත ජාතික කර්මාන්ත විනාශ කර දමන ලදි. නැතිනම් දිනපතා ඒවා විනාශ කර දමනු ලැබේ……..

    ………..වඳවී යාමේ භීතිය ඉදිරියේ, ඉන් මිදෙනු පිණිස ධනවාදී නිෂ්පාදන ක‍්‍රමය පිළිගන්නා ලෙස එය සියලූ ජාතීන්ට බල කර සිටී. ඔවුනට ඊනියා ශිෂ්ටත්වය, එනම් ධනපතිවාදය පිළිගන්නා ලෙස එය බලකර සිටී. වචනයකින් පවසතොත්, ධනපති පංතිය තම ප‍්‍රතිමූර්තියක් සහ තමාට සමාන ලෝකයක් මවාලයි………….

    පවතින ආර්ථික ක‍්‍රමයට අවශ්‍ය ආකාරයට උපරිව්‍යූහයේ දේවල් සැකසෙනවා. ලංකාවේ පවතින්නේ අර්ධ වැඩවසම්-අර්ධ යටත්විජිතවාදී ආර්ථිකයක් නිසා මේ වැඩවසම් සංස්කෘතික තත්වයනුත්, ඒත් එක්කම අවශ්‍ය ප‍්‍රමාණයට නූතන ගෝලීය සංස්කෘතියයත් ඇති කරනවා. ප‍්‍රශ්නේ තියන්නේ ප‍්‍රාග්ධනය හා ජනතාව අතර ප‍්‍රතිවිරෝධයන් ගැන නොසලකා අපිත් මේ දෙක අස්සේ හිරවෙලා හිතන එකෙයි.

  5. //ප‍්‍රාග්ධනයට අවශ්‍ය ආකාරයටයි පාලකයන්ව පත් කරගන්නේ. ඒ අයට අවශ්‍ය විදියට ආයතන පාලකයින්ව පත් කරගන්නවා.//
    ඒ කියන්නේ විපක්ශ අපේක්ශයා හිරේ දන්නෙත්, රාජපක්ශ වාසගම ඇති අයට පලණය හමුවෙන්නෙත් ප්‍රාග්ධන අවශ්‍යතාවයක් නිසාද? මම මේ විහුලු කරනවා වත් තර්ක කරනවාවත් නොවෙයී, අවංකවම මේ කියානා දේ සහ සම්බන්දය වටහා ගන්නයී උත්සහ කරන්නේ.

    // පුරාණ චිරාගත ජාතික කර්මාන්ත විනාශ කර දමන ලදි. නැතිනම් දිනපතා ඒවා විනාශ කර දමනු ලැබේ// පුරාතන දේ විනාශ විය යුතුයී තමයී නේද? අලුත් තාක්ශණය දියුනු වෙනකොට තැපැල් කර්මාන්තය විනාශවෙලා, පරිගණක කර්මාන්තය ගොඩනැගෙනවා. පුරාතන කර්මාන්ත විනාශ කරන්නේ ධනපතියන් විසින්යැයී කීමේ පදනමක් ඇත්ද?

    //………..වඳවී යාමේ භීතිය ඉදිරියේ, ඉන් මිදෙනු පිණිස ධනවාදී නිෂ්පාදන ක‍්‍රමය පිළිගන්නා ලෙස එය සියලූ ජාතීන්ට බල කර සිටී. ඔවුනට ඊනියා ශිෂ්ටත්වය, එනම් ධනපතිවාදය පිළිගන්නා ලෙස එය බලකර සිටී. වචනයකින් පවසතොත්, ධනපති පංතිය තම ප‍්‍රතිමූර්තියක් සහ තමාට සමාන ලෝකයක් මවාලයි………….//
    මේ නහයෙන් අඩමින් කන් කෙදිරි ගෑමක් මිසක, අර්ථයක් නම් මට පෙනෙන්නේ නැත. තමන්ගේ ආගම, දේශපාලන මතවාද පටවා ගන්නයැයී බල නොකරන දේශපාලන ක්‍රමයක් ලෝකයේ ඇත්ද?

  6. මම හිතන විදියට හුග’ක් සමාජ විද්‍යාඥයෝ තමන් පැහදිලි කරන දර්ශනයට අනුව ලෝකය දෙස බලන්නයි යෝජනා කළේ. බුදුන් වුණත් මිනිසාට යෝජනා කළේ හේතුඵලවාදීව ලෝකය දෙස බලන ලෙසයි. අශෝක අධිරාජ්‍යයාගෙන් පසුවයි එය බලහත්කාරී පැටවීමක් දෙසට ගමන් කළේ. ජේසු දහම වුණත් එහෙමයි.

    නමුත් මම යෝජනා කරනවා ඊට වඩා හුග’ක් පුළුල් ලෙස විශ්වය දෙස බැලිය හැකි අපෝහක භෞතිකවාදී ඇසින් ලෝකය දෙස බලන ලෙස. එහි නිර්මාතෘවරු සහ එය යම් ප‍්‍රමාණයකට හෝ තේරුම් ගත් උදවිය මිනිසාට යෝජනා කරන්නේ එය භාවිතා කොට ලෝකය දෙස බලන ලෙසයි. එසේ නැතිව එය බලහත්කාරයෙන් පැටවීම නෙවෙයි.

    ඉස්සෙල්ලා මම පැහදිලි කළේ එම අපෝහක භෞතිකවාදීව බැලීමක්. එහි පෙන්වන්නේ පවතින දේ සහ අලුත් දේ අතර ගැටීමෙන් ඒ දෙකම නොවන වෙනත් දෙයක් ඇතිවීම ගැනයි. මෙය විශ්වය ඇති වූ දා සිටම සිදු වූ දේ බවත් විශ්වය පවතින තාක් සිදු වන දේ බවත් මගේ විශ්වාසයයි. ධනපති ක‍්‍රමය ඇති වුණෙත් පරණ දේ විනාශ කරගෙන.එය නැති වෙන්නෙත් අලුත් දෙයක් මතු වීමෙන්. මේවා මෙහෙම සිදු වෙන්නේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් එහෙම හිතන්ට තියෙන අයිතියත් අපෝහක භෞතිකවාදීන් පිළිගන්නවා.ඒ සහ මේ අතර ගැටීමෙන් බිහි වන අලුත් දේ පිළිබඳවයි ඔවුන් හිතන්නේ.

  7. “යමෙක් මෙය පුද්ගල වැරද්දක් ලෙස දකිමින් සිද්ධි මූලික විවේචනයක් තුළ රුදෙයි නම් හේ යහපත් ක්‍රමයක් සදහා කිසිවක් කරන්නෙක් නොවේ. යම් අසීමිත පෞර්ෂයක් හෙබි අයෙක් අසීමිත ගුණාංගයන්ගෙන් යුක්තව මේ ක්‍රමය තුළ විශේෂී විය හැකි වුවද ක්‍රමය විසින් බිහි කරන්නේ වත්මන් ජයවර්ධන පුර විශ්ව විද්‍යාල උප කුලපති වැනි දුර්වල පෞර්ෂය ඇත්තන් මිස ශක්තිමත් චරිතයන් නොවේ.”

    නිව්ටන්ගේ තුන්වන නියමය දේශපාලනයට අදාළ වන්නේ නම් මෙම ක්‍රමය විසින් ප්‍රතික්‍රියාව ද නිර්මානය කළ යුතුව තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s