තුන් වසරක්



හිතේ කැකෑරෙන දේශපාලන සිතුවිලි ලියා තබන්නට බ්ලොග් එකක් පටන් අරන් අදට වසර තුනක කාලයක් ගෙවී ගිහින්. වෙනදා හිතට එන අදහස් ලියා ඒ ගැන මෙලෝ හසරක් නොදන්නා කුලී ලියන්නන් විසින් කපා කොටා දැමීමෙන් පසුව ඉතිරි වූ යමක් පුවත් පතක පළවීම ඉවසන්නට සිදුවුණා. දැන් මට අවශ්‍ය දෑ මට අවශ්‍ය පරිදි ලෝකයාට පවසන්නට විවර වී ඇත්තේ කදිම අවස්ථාවක්.ඒ අර්ථයෙන් මේ බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් පුංචි සතුටක් නැත්තෙමත් නෑ.

සමාජයේ විවිධ තීරූන් තුළ පවතින අර්බූදය බ්ලොග් අවකාශය තුළ ද පවතී. ඒ නිසා සමාජ අගයන්ට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයක්.එහෙත් එය මේ සමාජයේම අර්බූදයක අතුරු ප්‍රථිපලයක් විනා බ්ලොග් අවකාශයේ පවතින ඊට ආවේනික වූවක් නොවේ. ඒ නිසා සමාජ ක්‍රමයේ සංශෝධනයකින් හැර බ්ලොග් අවකාශයේ පමණක් බරපතල වෙනස්කම් බලාපොරුත්තු වෙන්නට බැහැ. කොහොම වුනත් බ්ලොග් අවකාශයේ පවතින ධනාත්මක ප්‍රවනතා කෙසේවත් අවතක්සේරු කරන්නට බැහැ. එය සතුටට කරුණක්.

අන්තර් ජාල පහසුකම්, පරිගණකය හා බ්ලොග් අවකාශය ධනේශ්වර සංවර්ධනයේ ප්‍රථිපලයක්. ඒ සංවර්ධනය කිසිසේත් අපට ප්‍රතික්ශේප කරන්නට බැහැ. ඉන් උපරිම ප්‍රයෝජන ලබන්නට නම් අදහස් සන්නිවේදනයේ නිදහස ද අවශ්‍යයි. ධනේශ්වර සංවර්ධනයේ උපරිමයට ගමන් කරමින් ඉන්නා මේ මොහොතේ දී අදහස් සන්නිවේදනය බාධා කරයි නම් අප නැවතත් ගල් යුගයට ගමන් කරමින් ඉන්නා බව පැහැදිලි කරුණක්.

එය ප්‍රජාතන්ත්‍රවාදය නම් නොවන බව ඉදුරාම කිව යුතුයි.

Advertisements

2 Comments

  1. ඔබේ දේශපාලන ලිපි බොහොමයක් (හැමෙකක්ම වාගේ)මගේ හැඟීමේ තරමට ඉතා ඉහල තත්වයේ මධ්‍යස්ථ ඒවායි. (දේශපාලනය ගැන ලොකු දැනීමක් නැති වුවත් එහි පල විඳින්නෙක් ලෙස හොඳ හැඟීමක් මට ඇත)

    දිගටම ලියන්න එනම් අපේ දේශපාලනික විඥාණය දියුනු කිරීමේ සද්කාර්ය නොනවත්වා කර ගෙන යෑමට ඔබට ඉඩ ලැබේවා.

    ඔබට ජය

  2. // දැන් මට අවශ්‍ය දෑ මට අවශ්‍ය පරිදි ලෝකයාට පවසන්නට විවර වී ඇත්තේ කදිම අවස්ථාවක්.ඒ අර්ථයෙන් මේ බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් පුංචි සතුටක් නැත්තෙමත් නෑ. //

    ඔබ හරි. මා සිතන්නේ අනාගත ලෝකයේ මාධ්‍යය මෙයයි. මෙම මාධ්‍යයේ පවතින ශක්‍යතාවයන් සමඟ වෙනත් කිසිදු මාධ්‍යයකට තරගයක් දීමට නොහැකි වේවි. හැබැයි ඒ සමඟම එන වාරණය කුමනාකාර වේදැයි සිතාගන්නට බැහැ.
    කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශයේ ළදරු අවධියේ පටන් වසර තුනක කාලයක් පීඩිතයා වෙනුවෙන් ඔබ නැගූ හඬ සිංහල බ්ලොග් ඉතිහාසයේ ලියවෙන්නක්.
    තවත දිගු කලක් ලියන්නට සුබපැතුම්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s